Last Update  :  2024-04-27 10:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ලෙජන්ඩ්ස් ක්‍රිකට් තරගාවලිය පල්ලෙකැලේදී ඇරඹේ

ලෙජන්ඩ්ස් ක්‍රිකට් තරගාවලිය පල්ලෙකැලේදී ඇරඹේ

editorial - 2024 මාර් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ලොව පුරා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන ‘ලෙජන්ඞ්ස් කුසලාන’ විස්සයි-20 තරගාවලිය අද (8 වැනිදා) ආරම්භ විය. කණ්ඩායම් 7 ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය මෙම මස 19 වැනිදා දක්වා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. 

ඩුබායි ජයන්ට්ස්, නිව්යෝක් ස්ට්‍රයිකර්ස්, රාජස්ථාන් කිංග්ස්, දිල්ලි ඩෙවිල්ස්, කැන්ඩි සැම්ප් ආමි, කලම්බු ලයන්ස් සහ පන්ජාබ් රෝයල්ස් යන කණ්ඩායම් සහභාගිවන මෙම තරගාවලියට මූලික වටයේ තරග 21 ක් සහ අවසන් මහ තරගයක් ඇතුළත් වේ. 

මූලික වටයේදී සෑම කණ්ඩායමක්ම සෙසු කණ්ඩායම්වලට එරෙහිව එක් තරගය බැගින් ක්‍රීඩා කරන අතර මූලික වටය අවසානයේ ලකුණු සටහනේ පළමු සහ දෙවැනි ස්ථානවලට පත්වන කණ්ඩායම් දෙක අවසන් මහ තරගයට සුදුසුකම් ලබනු ඇත. 

මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 16 දෙනෙක් සහභාගි වන අතර ඉන් චාමර කපුගෙදර, ළහිරු තිරිමාන්න, අසේල ගුණරත්න, ඉසුරු උදාන සහ නුවන් ප්‍රදීප් නිව්යෝක් ස්ට්‍රයිකර්ස් කණ්ඩායමටද, සචිත් පතිරණ, තිසර පෙරේරා සහ සුරංග ලක්මාල් ඩුබායි ජයන්ට්ස් කණ්ඩායමටද ක්‍රීඩා කරති. 

උපුල් තරංග, නුවන් කුලසේකර සහ සීක්කුගේ ප්‍රසන්න කැන්ඩි සැම්ප් ආමි කණ්ඩායමටත්, ඇංජලෝ පෙරේරා සහ චතුරංග ද සිල්වා රාජස්ථාන් කිංග්ස් කණ්ඩායමටත්, ඩිල්ෂාන් මුණවීර සහ තිලකරත්න ඩිල්ෂාන් පන්ජාබ් රෝයල්ස් කණ්ඩායමටත් සමන් ජයන්ත දිල්ලි ඩෙවිල්ස් කණ්ඩායමටත් ඇතුළත්ව සිටිති. 

ශ්‍රී ලංකාව හැරුණු කොට ඉන්දියාව, පාකිස්තානය, ඕස්ටේ්‍රලියාව, එංගලන්තය, බංග්ලාදේශය, ඇෆ්ඝනිස්ථානය, බටහිර ඉන්දීය කොදෙව් යන රටවල් නියෝජනය කරමින් ක්‍රීඩකයන් 100 කට අදික සංඛ්‍යාවක් මෙම තරගාවලිය සඳහා සහභාගි වී සිටිති. 


අදහස් (0)

ලෙජන්ඩ්ස් ක්‍රිකට් තරගාවලිය පල්ලෙකැලේදී ඇරඹේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.