Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
හිටපු ක‍්‍රිකට් තරු සඳහා ‘ලෙජන්ඞ්ස් ක‍්‍රිකට් ලීග්’ නමින් වෘත්තීය ක‍්‍රිකට් ලීගයක් ලබන වසරේ ජනවාරි මාසයේදී ඕමානයේ අල් අමෙරත් ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇත. ශී‍්‍ර ලංකාවේ හිටපු ප‍්‍රවීණයන්ගේ කණ්ඩායමක්ද මෙම තරගාවලියට සහභාගි වීමට නියමිතය.
පළමු ලෙජන්ඞ්ස් ලීග් ක‍්‍රිකට් තරගාවලියේදී ඉන්දියාව, පකිස්ථානය, ශ‍්‍රී ලංකාව, ඕස්ටේ‍්‍රලියාව, එංගලන්තය යන රටවල හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩකයෝද, ඉන්දියාව, ආසියාව සහ ලෝකයේ සෙසු රටවල් නියෝජනය කරමින් තවත් කණ්ඩායම් 3 ක්ද මෙම තරගාවලියට ඇතුළත් වනු ඇත.
”ලෙජන්ඞ්ස් ලීග් ක‍්‍රිකට් තරගාවලියට සත්කාරකත්වය දැක්වීමට ලැබීම ඕමාන් ක‍්‍රිකට් ආයතනයට ගෞරවයක්. ඕමාන් ක‍්‍රිකට් කී‍්‍රඩාවට මේ තරගාවලිය ගොඩක් වටිනා දෙයක් වේවි”
”මෙවැනි ක‍්‍රිකට් තරුවල එකතුවක් ඕමානයේ පෙර නොවූ විරූ දෙයක්. මෙය සම්පූර්ණයෙන්ම ඕමාන් ක‍්‍රිකට් කී‍්‍රඩාවට නව අවස්ථාවක් විවර කරදීමේ ආරම්භය පමණක් වනු ඇතැයි මට විශ්වාසයි. රසිකයින් වෙනුවෙන් එකතුවන ක‍්‍රිකට් තරුවලට හොඳම ආගන්තුක සත්කාරය ලබා දෙන්න අපි කැපවෙනවා,” යැයි ඕමාන් ක‍්‍රිකට් ආයතනයේ සභාපති පන්කජ් කිම්ජි මහතා පැවසීය.
”ලෙජන්ඞ්ස් කි‍්‍රකට් ලීගය නව ගමනාන්තයන් තුළ ක‍්‍රිකට් කී‍්‍රඩාව ප‍්‍රවර්ධනය කිරීමේ අවස්ථාවක් ලෙස අපි දකිනවා. සියලූම විකල්ප අතරින්, ඕමානය හොඳම ස්ථානය ලෙස අපි තෝරගත්තා. එය ඉදිරි ගමනකට හොඳ ආරම්භයක් වේවි.” යැයි ඉන්දීය ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ධුරයෙන් ඉවත්වීමෙන් පසු ලෙජන්ඞ්ස් ක‍්‍රිකට් ලීගයේ කොමසාරිස් ලෙස පත්වූ රවී ශාස්ත‍්‍රි මහතා පැවසීය.
මෙවැනි දැවැන්තයින් ඕමානයේ ක‍්‍රීඩා කරන පළමු අවස්ථාව මෙයයි. සමහර විට ඕමාන ක‍්‍රිකට් ලෝලීන්ට ජීවිතයේ එක් වරක් ලැබෙන අවස්ථාවක් වනු ඇත.
”අපි ලීගය ඕමානයේදී පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා. එය ජාත්‍යන්තර ක‍්‍රිකට් කී‍්‍රඩාව සඳහා ඉදිරි පියවරක් වෙනවා. මෙමගින් ඔවුන්ගේ තත්ත්වයත් තවදුරටත් ඉහළ නැංවෙනු ඇත. එවැනි ක‍්‍රීඩකයන් සෑම දිනකම එක ස්ථානයකට ගෙන ඒමට ඔබට අවස්ථාවක් ලැබෙන්නේ නෑ” යැයි ලෙජන්ඞ්ස් ක‍්‍රිකට් ලීගයේ සභාපති විවේක් කුෂ්ලානි මහතා පැවසීය.
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.