Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මැග් ලැනිංග්ගේ (නොදැවී 135) විශිෂ්ඨ පිතිහරඹය හමුවේ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමට එරෙහිව වෙලිංටන්හිදී අද (22 වැනිදා) පැවැති කාන්තා ලෝක කුසලාන තරගාවලියේ 21 වැනි තරගය කඩුලු 5 කින් ජය ගැනීමට ඕස්ට්‍රේලියානු කාන්තා පිල සමත්විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 272 ක ඉලක්කයක් හඹාගිය ඕස්ට්‍රේලියානු කාන්තා පිල ඕවර 45.2 කදී කඩුලු 5 ක් පමණක් දැවී ඉලක්කය පහසුවෙන් පසුකර යෑමට සමත්විය.
නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ මැග් ලැනිංග් පන්දු 130 කදී හයේ පහරක් සහ හතරේ පහර 15 ක් සමගින් නොදැවී ලකුණු 135 ක් ලබාගනිමින් ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියාය. බෙත් මූනී ලකුණු 21 ක්, ටාලියා මැක්ග්‍රාත් ලකුණු 32 ක්, ඈෂ්ලි ගාඩ්නර් ලකුණු 22 ක් සහ ඇනබල් සදර්ලන්ඩ් නොදැවී ලකුණු 22 ක් ලබාගනිමින් නායිකාවට අනගි සහයක් ලබාදුන්හ.
ශබ්නිම් ඉස්මයිල් සහ ක්ලෝයි ට්‍රියෝන් කඩුලු 2 බැගින් දවාගැනීමට සමත්වුවද ඔවුන් ලබාගත් ලකුණු සංඛ්‍යාව ආරක්ෂා කර ගැනීමට පන්දු යවන්නියන් අපොහොසත් වූහ.
කාසියේ වාසිය දිනූ ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීම සඳහා දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමට ආරාධනා කළ අතර ඕවර 50 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 271 ක් රැස්කිරීමට ඔව්හු සමත්වූහ.
ලෝරා වොල්වර්ඩ් සහ සුනේ ලූස් අර්ධ ශතක ලබාගනිමින් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට සමත්වූහ. ලෝරා වොල්වර්ඩ් පන්දු 134 කදී හතරේ පහර 6 ක් සමගින් ලකුණු 90 ක් ලබාගත් අතර සුනේ ලූස් පන්දු 51 කදී හතරේ පහර 6 ක් සමගින් ලකුණු 52 ක් ලබාගත්තාය.
ලිස්ලි ලී පන්දු 44 කදී හතරේ පහර 3 ක් සමගින් ලකුණු 36 ක් ලබාගන්නා විටදී වේගවත් පිතිහරඹයක නිරත වූ මැරිසන් කේප් පන්දු 21 කදී හතරේ පහර 4 ක් සමගින් නොදැවී ලකුණු 30 ක් ලබාගත්තාය.
මැග් ලැනිංග් තරගයේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනා ගත්තාය.
දකුණු අප්‍රිකාව - ඕවර 50 කදී කඩුලු 5 ක් දැවී 271
(ලිස්ලි ලී 36, ලෝරා වොල්වර්ඩ් 90, සුනේ ලූස් 52, මැරිසන් කේප් නොදැවී 30)
ඕස්ට්‍රේලියාව - ඕවර 45.2 කදී කඩුලු 5 ක් දැවී 272
(මැග් ලැනිංග් නොදැවී 135, බෙත් මූනී 21, ටාලියා මැක්ග්‍රාත් 32, ඈෂ්ලි ගාඩ්නර් 22, ඇනබල් සදර්ලන්ඩ් නොදැවී 22, ශබ්නිම් ඉස්මයිල් 33/2, ක්ලෝයි ට්‍රියෝන් 44/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.