Last Update  :  2025-05-11 20:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ලක්මාල් - එරංග තුවාල ලද ලයිස්තුවට

ලක්මාල් - එරංග තුවාල ලද ලයිස්තුවට

දිලිනි මල්රුක්ෂි - 2014 ජුලි මස 31 {{hitsCtrl.values.hits}} Views 12 Comment
A A A

පාකිස්තානු පිලට එරෙහිව මේ මස 6 වැනිදා ආරම්භ වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය ස`දහා නම් කර ඇති 15 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටින ප‍්‍රධානතම වේග පන්දු යවන්නන් දෙපළ වන සුරංග ලක්මාල් සහ ශාමින්ද එරංග ආබාධයන්ට ලක්ව සිටිති.

සුරංග සහ ශාමින්ද තරගවලට සහභාගි වීම ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතාව මත තීරණය වන බව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය නිවේදනය කරයි. දකුණු අප‍්‍රිකානු ටෙස්ට් තරගාවලියට සහභාගි වූ පිට දඟ පන්දු යවන අජන්ත මෙන්ඩිස්ට සංචිතයේ ස්ථානය අහිමිවී තිබේ.

අබාධයකට ලක්ව සිටි දකුණතින් වේග පන්දු යවන නුවන් ප‍්‍රදීප් සුවය ලබා නැවතත් සංචිතයට පැමිණ සිටියි.  දෙරට අතර පළමු ටෙස්ට් තරගය මේ මස 6 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

ශ‍්‍රී ලංකා ටෙස්ට් සංචිතය:
ඇන්ජලෝ මැතිව්ස් (නායක), ළහිරු තිරිමාන්න (උප නායක), කෞෂාල් සිල්වා, උපුල් තරංග, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, කිත්රුවන් විතානගේ, නිරෝෂන් දික්වැල්ල, රංගන හේරත්, ඩිල්රුවන් පෙරේරා, ශාමින්ද එරංග, සුරංග ලක්මාල්, චානක වෙලගෙදර, ධම්මික ප‍්‍රසාද් සහ නුවන් ප‍්‍රදීප්


අදහස් (12)

ලක්මාල් - එරංග තුවාල ලද ලයිස්තුවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.