Last Update  :  2024-05-15 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ලක්නව් ක්‍රීඩකයෝ මුම්බායි පරදවති
අයි.පී.එල්. - 2024

ලක්නව් ක්‍රීඩකයෝ මුම්බායි පරදවති

editorial - 2024 අප්‍රේ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 48 වැනි තරගය ලෙස  ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතර ලක්නව් නුවරදී අද (30 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කිරීමට ලක්නව් කණ්ඩායම සමත් විය. මෙවර තරගාවලියේදී ලක්නව් කණ්ඩායම ලැබූ 6 වැනි ජයග්‍රහණය මෙන්ම මුම්බායි කණ්ඩායම ලැබූ 7 වැනි පරාජයද මෙය විය.

ජයග්‍රහණය සඳහා 145 ක ඉලක්කයක් හඹාගිය ලක්නව් ක්‍රීඩකයෝ ඕවර 19.2 ක් අවසානයේ කඩුලු 6 ක් දැවී ඉලක්කය සපුරාගත්හ. එහිදී වේගවත් පිතිහරඹයක නිරත වූ මාකස් ස්ටොයිනිස් හයේ පහර 2 ක් සහ හතරේ පහර 7 ක් සමග ලකුණු 62 ක් රැස්කළ අතර නායක ලොකේෂ් රාහුල් පන්දු 22 කින් ලකුණු 28 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගිනි.

පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි කණ්ඩායමට ලක්නව් පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 144 ක් පමණි. එහිදී මොසින් ඛාන් ලකුණු 36 කට කඩුලු 2 ක් දවාගත් අතර මාකස් ස්ටොයිනිස්, නවීන් උල්හක්, මායන්ක් අගර්වාල් සහ රවි බිෂ්නොයි කඩුල්ල බැගින් බිඳහෙළුෑහ.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ නෙහාල් වධීරා පන්දු 41 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 46 ක් රැස්කළේය. ආරම්භක පිතිකරු ඉෂාන් කිෂන් (32) සමග එක්ව 5 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 53 කදී ලකුණු 53 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද වධීරා සමත් විය.

 

මුම්බායි ඉන්දියන්ස් පිල - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 144
(ඉෂාන් කිෂන් 32, නෙහාල් වධීරා 46, ටිම් ඬේවිඞ් නොදැවී 35, මොසින් ඛාන් 36/2)

ලක්නව් සුපර් ජයන්ට්ස් පිල - ඕවර 19.2 කදී කඩුලු 6 ක් දැවී 145
(ලොකේෂ් රාහුල් 28, මාකස් ස්ටොයිනිස් 62, දීපක් හූඩා 18, හර්දීක් පාණ්ඩ්‍යා 26/2)

 
 
-036
 

අදහස් (0)

ලක්නව් ක්‍රීඩකයෝ මුම්බායි පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.