Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
රෝහිත රාජපක්ෂ දඹුල්ල ජයන්ට්ස් පිල සමග පුහුණුවීම් කරමින්
(ශානුක අරවින්ද)
මෙවර (2021) ලංකා පි‍්‍රමියර් ලීග් තරගාවලිය සඳහා අගමැති පුත් රෝහිත රාජපක්ෂ තම කණ්ඩායමට ඇතුළත් කරගැනීමට දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායමේ හිමිකරුවන් පියවර ගෙන ඇත. ලන්ඩන් නුවර වෙසෙන ව්‍යාපාරිකයකු වන කාමර් ඛාන් මහතා හිමිකාරීත්වය දරන දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානක කටයුතු කරයි.
මේ වන විට 32 වැනි වියේ පසුවන රෝහිත රාජපක්ෂ, ඉකුත් ඔක්තෝබර් මස 27 වැනිදා කළුතර ක‍්‍රීඩා සමාජය නියෝජනය කරමින් අන්තර් සමාජ එක්දින වරම් හිමිකර ගත්තේය. මේ දක්වා දේශීය එක්දින තරග 3 කට කී‍්‍රඩා කර ඇති ඔහු, ලබා ඇති ලකුණු සංඛ්‍යාව 5 කි. ඔහුගේ ලකුණු ලබාගැනීම සටහන් වන්නේ 0 ක්, 1 ක් සහ 4 ක් ලෙසිනි.
ශ්‍රී ලංකා නාවික හමුදා කී‍්‍රඩා සමාජයට එරෙහිව පැවැති තරගයේදී ආරම්භක පිතිකරුවකු ලෙස කටයුතු කළ රෝහිත එහිදී මුහුණදුන් පළමු පන්දුවේදීම ලකුණු නොලබා දැවී ගියේය. ඉන් අනතුරුව නුගේගොඩ කී‍්‍රඩා සමාජයට එරෙහිව පැවැති තරගයේදී අංක 4 ස්ථානයේ පන්දුවට පහරදුන් ඔහු පන්දු 8 කට මුහුණදෙමින් එක් ලකුණකට දැවී ගියේය.
රෝහිත අවසන් වරට කී‍්‍රඩා කළ පළමු ශ්‍රේණියේ එක්දින තරගය මෙම මස 22 වැනිදා ලන්කන් කී‍්‍රඩා සමාජයට එරෙහිව පැවැති අතර එහිදී අංක 6 ස්ථානයේ පන්දුවට පහරදුන් ඔහුට පන්දු 9 කදී රැස්කරගත හැකි වූයේ ලකුණු 4 ක් පමණි.
නොවැම්බර් මස 9 වැනිදා සූම් තාක්ෂණය ඔස්සේ පැවැති ලංකා පි‍්‍රමියර් ලීග් තරගාවලියේ කී‍්‍රඩක වෙන්දේසිය සඳහාද රෝහිත රාජපක්ෂ ලියාපදිංචි වී සිටියද, එහිදී ඔහුව මිලදී ගැනීමට කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් නොවීය.
ඡායාරූපය : දඹුල්ල ජයන්ට්ස් අනුමත මුහුණු පොතෙනි
Royfedricks Wednesday, 01 December 2021 08:49 AM
පිළිකාවක් වගේ. සියලුම ක්ෂේත්‍රයන් කරා ඉතාමත් වේගයෙන් පැතිරගොස් සියල්ලම විනාශ මුඛයට යවනවා...
Reply 0 0
කලිඳු Wednesday, 01 December 2021 09:34 AM
රගර් වලින් ක්‍රිකට් වලට පැනලාද? මෙයා ෂඩ් ක්‍රීඩා පරමේශ්වර වෙන්නයි යන්නේ...
Reply 0 0
Kutti Wednesday, 01 December 2021 12:46 PM
රෝහිත අතිදක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක්...
Reply 0 0
namindha Wednesday, 01 December 2021 05:41 PM
මේ අයට ලැජ්ජාවක් ගෑවිලාවත් නෑනේ...
Reply 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.