Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
නවසීලන්තයෙන් බිහිවූ විශිෂ්ටතම පිතිකරුවකු වන, හිටපු නායක රොස් ටේලර්, අන්තර්ජාතික තරග බිමෙන් සමුගැනීමට තීරණය කර තිබේ. නවසීලන්තය සහ බංග්ලාදේශය අතර ජනවාරි 01 වැනිදා (සෙනසුරාදා) ආරම්භ වන ටෙස්ට් තරගාවලිය තමාගේ අවසන් ටෙස්ට් තරගාවලිය වන බව රොස් ටේලර් අද (30 වැනිදා) නිවේදනය කළේය.
ඕස්ට්‍රේලියානු සහ නෙදර්ලන්ත කණ්ඩායම් වලට එරෙහිව, පෙබරවාරි සහ මාර්තු මාසවලදී පැවැත්වෙන එක්දින තරග වලින් පසුව ටේලර් අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සම්පූර්ණයෙන්ම සමුගැනීමට නියමිතය.
වසර 2006 දී ටෙස්ට් පිටියට පිවිසි රොස් ටේලර් මේ වන විට 37 හැවිරිදි වියේ පසුවෙයි. නවසීලන්තය වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාවක් (18,074 ක්) රැස්කිරීමේ ගෞරවය දිනා සිටින රොස් ටේලර් නවසීලන්තය වෙනුවෙන් වැඩිම අන්තර්ජාතික තරග සංඛ්‍යාවකට (445) ක්‍රීඩා කළ තැනැත්තාද වෙයි.
“ඒක අදහාගන්නත් බැරි තරමේ ගමනක්. මේ තරම් කාලයක් මගේ රට නියෝජනය කරන්න ලැබීම ගැන මා ඉතා වාසනාවන්තයි කියා මට හිතෙනවා”
“ඒ වගේම තමයි, ලෝකයේ විශිෂ්ටතම ක්‍රීඩකයන් එක්ක සහ ඒ වගේ ක්‍රීඩකයන්ට එදිරිව ක්‍රීඩා කිරීමට ලැබීමත් වරප්‍රසාදයක්. මේ කාලය ඇතුළත අපි ගොඩාක් මතක සටහන් එකතු කරගත්තා විතරක් නෙමේ යාළු මිත්‍රයෝ ගොඩ දෙනකුත් හදාගත්තා” යයි සිය සමුගැනීම ප්‍රකාශයට පත්කරමින් රොස් ටේලර් පැවසීය.
“ඒ මොකක් වුණත්, හැම හොඳ දෙයක්ම නිමා විය යුතුයි. මා හිතන්නේ මේක තමයි සමුගන්න වෙලාව” යයිද රොස් ටේලර් පැවසීය.
“ඔහු හැමදාමත් කණ්ඩායමේ විශේෂ ගෞරවයක් ලද ක්‍රීඩකයෙක්... එංගලන්තයේ සදම්ප්ටන් නුවරදී පැවැති ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් තරගයේදී ඔහු ජයග්‍රාහී ලකුණ ලබාගත් ආකාරය මට නම් කවදාවත් අමතක වෙන්නේ නෑ... මා හිතන්නේ තවත් බොහෝ ක්‍රිකට් ලෝලීන්ටත් එය ඒ වගේම වේවි” යයි නවසීලන්ත කණ්ඩායමේ පුහුණුකරු ගැරී ස්ටෙඩ් මහතා පැවසීය.
නවසීලන්තය වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාවක් (7,584) ලබාගත් රොස් ටේලර් තම රට වෙනුවෙන් වැඩිම එක්දින ලකුණු සංඛ්‍යාවක් (8,581) ලබාගත් ක්‍රීඩකයාද වෙයි. නවසීලන්තය වෙනුවෙන් වැඩිම එක්දින ශතක සංඛ්‍යාවක් (21) ලබා සිටින රොස් අන්තර්ජාතික ක්‍රිකට් පිටියේදී නවසීලන්තය වෙනුවෙන් වැඩිම ශතක සංඛ්‍යාවක් (40) ලබාගත් පිතිකරුවාද වෙයි.
ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 යන ආකාර තුනේදීම කිසියම් රටක් නියෝජනය කරමින් තරග 100 කට බැගින් සහභාගි වූ ලෝකයේ පළමු ක්‍රීඩකයාද රොස් ටේලර්ය.
රොස් ටේලර්, ටෙස්ට් තරග 110 ක් (ලකුණු 7,584 යි), එක්දින තරග 223 ක් (ලකුණු 8,581 යි) සහ විස්සයි-20 අන්තර්ජාතික තරග 102 ක් (ලකුණු 1,909 යි) වෙනුවෙන් නවසීලන්තය නියෝජනය කර තිබේ. විදේශීය පිතිකරුවකු විසින් ඕස්ට්‍රේලියාවේදී වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාවක් (2015 පර්ත් ටෙස්ට් තරගයේදී ලකුණු 290 යි) ලබාගත් පිතිකරුවා වන්නේද රොස් ටේලර්ය.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.