Last Update  :  2025-07-26 19:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story රූට්ගේ සගයෝ 500 ඉලක්කය කරති
බි‍්‍රජ්ටවුන් ටෙස්ට් තරගය

රූට්ගේ සගයෝ 500 ඉලක්කය කරති

editorial - 2022 මාර් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොදෙව් සංචාරයේදී පිට පිටම දෙවැනි ශතකයත් ලබාගත් එගලන්ත නායක ජෝ රූට් (නොදැවී 119) බි‍්‍රජ්ටවුන්හිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය වූ බදාදා (16 වැනිදා) සවස කී‍්‍රඩාව නතර කරන විට එංගලන්ත ලකුණු සංඛ්‍යාව කඩුලූ 3 ක් දැවී 244 ක් දක්වා ඉදිරියට ගෙන ගියේය. පළමු දිනයේ යැවූ අවසන් පන්දුවේදී ඩැනියෙල් ලෝරන්ස් (91) දැවී නොගියා නම් එංගලන්ත ලකුණු පුවරුවේ සටහන කඩුලූ 2 කට 244 ක් ලෙසින් දිස්වන්නට තිබිණ.  

ඇන්ටිගුවාහිදී පසුගිය සතියේදී ජය පරාජයෙන් තොරව නිමාවට පත් වූ පළමු ටෙස්ට් තරගයේ තණතීරුව පිතිකරුවන්ට වාසිදායක එකක් විය. එබැවින් වැඩි දෙනකුගේ අපේක්‍ෂාව වූයේ බාර්බඩෝස් දිවයිනේ බි‍්‍රජ්ටවුන් නුවර තණතීරුව වඩාත් සාධාරණ එකක් වනු ඇති බවයි. එහෙත් ඒ සියලූ බලාපොරොත්තු කණපිට හරවමින්, පළමු දිනයේදී කොදෙව් පන්දු යවන්නන්ට දවාගත හැකිවූයේ කඩුලූ 3 ක් පමණි. 

එංගලන්ත ආරම්භක පිතිකරුවන් වන ඇලෙක්ස් ලීස් (30) සහ කලින් තරගයේදී ශතකයක් ලබාගත් සැක් ක්‍රෝලි (00) දෙදෙනාටම ලබාගත හැකිවූයේ ලකුණු 30 ක් පමණි. දෙවැනි කඩුල්ල ලකුණු 80 දී බිඳී ගියත් එතැන් සිට එක්වූ එංගලන්ත නායකයා සහ ඩැනියෙල් සෑම්ස් එක්ව තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 164 ක සම්බන්ධතාවක් ගොඩනැංවූහ. 

එංගලන්තය පිතිකරුවන්ගෙන් ගහණ කණ්ඩායමකි. තවමත් නොදැවී සිටින එංගලන්ත නායකයා බදාදා ලබාගත්තේ සිය 25 වැනි ටෙස්ට් ශතකයයි. පන්දු 246 කට මුහුණ දෙමින් ඒවායින් 12 ක් හතරේ සීමාවට යැවූ ජෝ රූට්, මෙවන් තණතීරුවක් ලැබුණු කල දිගු දඩයම් කරා යන්නෙකි. 

තවමත් බංකුවේ සිටින බෙන් ස්ටෝක්ස්, කඩුලූ රකින්නා වන බෙන් ෆෝක්ස් මෙන්ම ජොනී බෙයාර්ස්ටෝ සහ කි‍්‍රස් වෝක්ස් ද ටෙස්ට් ශතක ලාභීහු වෙති. ඔවුන් අතුරින් ස්ටෝක්ස් සහ බෙයාර්ස්ටෝ දෙදෙනාගේ පමණක් ටෙස්ට් ශතක එකතුව 18 කි. 

මෙවන් තත්ත්වයක් යටතේ එංගලන්ත කණ්ඩායමේ අපේක්‍ෂාව නැවත පිති අතට නොගැනීමේ බලාපොරොත්තුවෙන් පළමු ඉනිමේදී ලකුණු 500 සීමාව පසු කිරීමයි. පිතිහරඹ පුහුණුකරු මාකස් ටෙ‍්‍රස්කොතික් ඒ බව තහවුරු කළේය. 

ජෝ රූට්ට දෙවතාවක්ම වාසනාව පෑදී තිබිණ. රූට් ලකුණු 34 ක් ලබාසිටියදී දුන් උඩපන්දුවක් කඩුලූ රකින්නා වන ජොෂුවා ද සිල්වා වෙතින් ගිළිහී ගියේය. තවත් ටික වේලාවකට පසුව ජේසන් හෝල්ඩර්ගේ පන්දුවක් රූට්ගේ පිත්තේ යාන්තමින් ගෑවී, කඩුලූ රකින්නා වෙත ගියද එය විතීවි ක‍්‍රමවේදය වෙත යොමුකිරීමට කොදෙව් නායක ක්‍රෙග් බ‍්‍රැත්වෙයිට් උනන්දු නොවීය. 

ඩැනියෙල් ලෝරන්ස් ලකුණු 72 ක් ලබාසිටියදී දුන් උඩපන්දුවක් ස්ලිප් හි සිටි අල්සාරි ජෝෂප් වෙතින් ද ගිලිහී ගියේ පළමු දිනයේ කොදෙව් බලාපොරොත්තු සුන්කරමිනි. 

එංගලන්තය - පළමු ඉනිම කඩුලූ 3 ට 244 
(ඇලෙක්ස් ලීස් 30, ජෝ රූට් නොදැවී 119, ඩැනියෙල් ලෝරන්ස් 91)

-213


අදහස් (0)

රූට්ගේ සගයෝ 500 ඉලක්කය කරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.