Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story රියල් මැඩ්රිඩ් පෙරමුණ රැකගනී

රියල් මැඩ්රිඩ් පෙරමුණ රැකගනී

editorial - 2021 අගෝ මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ස්පාඤ්ඤයේ ක්‍රීඩා සමාජ අතර පැවැත්වෙන ලා ලීගා පාපන්දු ලීගයේ තෙවැනි සතිය අවසන් වන විට ප්‍රසාද ලකුණු සටහනේ ‍පෙරමුණ රැකගැනීමට ලකුණු 7 ක් ලබා සිටින රියල් මැඩ්රිඩ් ක්‍රීඩා සමාජය සමත්ව සිටී.  රියල් මැඩ්රිඩ් යනු ‘ලා ලිගා‘ තරගාවලියේ අතිශය ප්‍රබල කණ්ඩායම් වලින් එකකි.

රියල් බෙටිස් ක්‍රීඩා සමාජයට  එරෙහිව ගෝල 1-0 ක ජයක් ලබමින් රියල් මැඩ්රිඩ් ක්‍රීඩා සමාජය ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ තහවුරු කරගත්තේය. මේ දක්වා තරග 3 කට සහභාගි වී ඇති රියල් මැඩ්රිඩ් කණ්ඩායම ඉන් තරග 2 ක් ජය ගෙන සෙසු තරගය ජය පැරදුමකින් තොරව අවසන් කරගනිමින් අපරාජිතව සිටියි.

තෙවැනි සතිය තුළ පැවැති තරග 10 න් 2 ක් පමණක් ජය පැරදුමකින් තොරව අවසන් විය. සෙසු තරග 8 දී ජයග්‍රහණ වාර්තා කිරීමට මලෝර්කා, වැලෙන්සියා, ඇත්ලෙටික් බිල්බාවෝ, රියල් සෝසියෙඩාඩ්, රියල් මැඩ්රිඩ්, බාර්සිලෝනා, ඔසසුනා සහ රයෝ වැලෙකානෝ යන ක්‍රීඩා සමාජ සමත් වූහ.

තෙවැනි සතිය නිමාවන විට කණ්ඩායම් 6 ක් තරග 2 බැගින් ජය ගෙන එක් තරගයක් ජය පැරදුමෙන් තොරව අවසන් කරගනිමින් ලකුණු 7 බැගින් ලබා සිටියද, එහිදී ඔවුන් ලබාගත් ගෝල සහ ලබාදුන් ගෝල සංඛ්‍යාවන් අනුව ප්‍රසාල ලකුණු සටහනේ පළමු ස්ථානයේ සිට 6 වැනි ස්ථානය දක්වා ශ්‍රේණිගත විය. 

සිකුරාදා (27 වැනිදා) පැවැති තරග

මලෝර්කා (1) විසින් එස්පැන්යෝල් (0) පරාජය කරන ලදි.

වැලෙන්සියා (3) විසින් ඇලවේස් (0) පරාජය කරන ලදි.

සෙනසුරාදා (28 වැනිදා) පැවැති තරග

ඇත්ලෙටික් බිල්බාවෝ (1) විසින් සෙල්ටා වීගෝ (1) පරාජය කරන ලදි.

එල්චෙ (1) සහ සෙවිලා (1) අතර තරගය සම විය.

රියල් සෝසියෙඩාඩ් (1) විසින් ලෙවන්ටි (0) පරාජය කරන ලදි.

රියල් මැඩ්රිඩ් (1) විසින් රියල් බෙටිස් (0) පරාජය කරන ලදි.

ඉරිදා (29 වැනිදා) පැවැති තරග

බාර්සිලෝනා (2) විසින් ගෙටාෆි (1) පරාජය කරන ලදි.

ඔසසුනා (3) විසින් කාඩිස් (2) පරාජය කරන ලදි.

රයෝ වැලෙකානෝ (4) විසින් ග්‍රැනඩා (0) පරාජය කරන ලදි.

ඇට්ලෙටිකෝ මැරීඩ් (2) සහ විලාරියල් (2) අතර තරගය සම විය.

 

036

 


අදහස් (0)

රියල් මැඩ්රිඩ් පෙරමුණ රැකගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.