Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story රියල් මැඩ්රිඩ් 14 වැනි ශූරතාව හඹායයි
චැම්පියන්ස් ලීග්

රියල් මැඩ්රිඩ් 14 වැනි ශූරතාව හඹායයි

editorial - 2022 මැයි මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

යුරෝපීය පාපන්දු ලීගවල පෙරමුණේ පසුවන කණ්ඩායම් අතර පැවැත්වෙන ශූරයන්ගේ ලීග පාපන්දු තරගාවලියේ අවසන් මහ තරගය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට (29 වැනිදා) අළුයම 12.30 සිට රියල් මැඩ්රීඩ් ක්‍රීඩා සමාජය සහ ලිවර්පූල් ක්‍රීඩා සමාජය අතර ප්‍රංශයේ ස්ටේඩ් ඩි’ ප්‍රාන්ස් ක්‍රීඩාගණයේදී පැවැත් වේ.
 
යුරොපීය පාපන්දු සම්මේලනයේ සංවිධානයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ ශූරතාව සඳහා යූරෝ මිලියන 20 ක (රුපියල් බිලියන 7.41 ක් පමණ) මුදලක් පිරිනැමෙන අතර අනු ශූරතාව සඳහා යුරෝ මිලියන 15.5 ක (රුපියල් බිලියන 5.74 ක් පමණ) මුදලක් පිරිනැමෙනු ඇත.

වසර 67 ක ඉතිහාසයකට හිමිකම් කියන මෙම තරගවලියේදී වැඩිම ශූරතා සංඛ්‍යාවක් දිනාගැනීමට රියල් මැඩ්රිඩ් ක්‍රීඩා සමාජය සමත්ව ඇති අතර ඒ ශූරතා 13 කට හිමිකම් කියමිනි. අවසන් වරට පැවැති (2021) පැවැති තරගාවලියේ ශූරතා දිනාගනු ලැබුවේ චෙල්සි ක්‍රීඩා සමාජය විසිනි.

මෙවර තරගාවලියේ අවසන් පූර්ව වටය අදියර දෙකකින් සමන්විත වූ අතර එහිදී එක් කණ්ඩායමක් තවත් කණ්ඩායම් සමග තරග දෙකකට බැගින් සහභාග විය. එම තරග දෙකේදී වැඩිම ගෝල සංඛ්‍යාවක් ලබාගත් කණ්ඩායම් දෙක අවසන් මහ තරගයට සුදුසුකම් ලබූහ.
 
අවසන් පූර්ව වටයේ පළමු අදියරේ තරගවලදී විලාරියල් ක්‍රීඩා සමාජයට එරෙහිව ගෝල 2-0 ක ජයක් වාර්තා කිරීමට ලිවර්පූල් ක්‍රීඩා සමාජය සමත් වූ අතර රියල් මැඩ්රීඩ් ක්‍රීඩා සමාජයට එරෙහිව ගෝල 4-3 ක ජයක් වාර්තා කිරිමට මැන්චෙස්ටර් සිටි ක්‍රීඩා සමාජය සමත් විය.

අවසන් පූර්ව වටයේ දෙවැනි අදියරේ තරගවලදී ගෝල 3-2 කින් විලාරියල් ක්‍රීඩා සමාජය පරාජය කිරීමට ලිවර්පූල් ක්‍රීඩා සමාජය සමත් වූ අතර ගෝල 3-1 කින් මැන්චෙස්ටර් සිටි ක්‍රීඩා සමාජය පරාජය කිරීමට රියල් මැඩ්රීඩ් ක්‍රීඩා සමාජය සමත් විය.

ඒ අනුව අවසන් පූර්ව දෙකෙදීම ලබාගත් ගෝලවල එකතුව අනුව ගෝල 5-2 කින් විලාරියල් ක්‍රීඩා සමාජය පරාජය කළ ලිවර්පූල් ක්‍රීඩා සමාජයද, ගෝල 6-5 කින් මැන්චෙස්ටර් සිටි ක්‍රීඩා සමාජය පරාජය කළ රියල් මැඩ්රීඩ් ක්‍රීඩා සමාජයද තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්හ.  


-036


අදහස් (0)

රියල් මැඩ්රිඩ් 14 වැනි ශූරතාව හඹායයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.