Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සර්වකාලීන විශිෂ්ටයන් දෙදෙනෙකුට උපහාරයක් ලෙස බටහිර ඉන්දීය කොදෙව් සහ එංගලන්ත කණ්ඩායම් අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය රිචඩ්ස්-බොතම් කුසලාන තරගාවලිය ලෙස නම් කරන ලදී. දෙපාර්ශවය අතර පවතින උග්‍ර තරගකාරීත්වය සහ මිත්‍රත්වය යන සමීප සම්බන්ධතා මෙන්ම අන්‍යෝන්‍ය ගෞරවය මූර්තිමත් කරමින් අද (8 වැනිදා) ආරම්භ වන පළමු ටෙස්ට් තරගයට පෙර රිචඩ්ස් - බොතම් කුසලාන එළිදැක්වීමේ උත්සවය පැවැත්විණ.
මෙම උත්සවය ශ්‍රීමත් විවියන් රිචඩ්ස් සහ ශ්‍රීමත් ඉයන් බොතම්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය ඉරිදා සවස ශ්‍රීමත් විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
නව කුසලානය ධෛර්යය, මිත්‍රත්වය සහ ගෞරවය සංකේතවත් කරයි. ශ්‍රීමත් විවියන් රිචඩ්ස් (බටහිර ඉන්දීය කොදෙව්) සහ ශ්‍රීමත් ඉයන් බොතම් (එංගලන්තය) තම තමන්ගේ රටවල් වෙනුවෙන් ක්‍රීඩා කළ සමයේදී දෙපිලේ තරග කළද දෙදෙනාම සමීප මිතුරේ වූහ. දෙදෙනා වසර ගණනාවක්ම එංගලන්තයේ සමර්සෙට් ප්‍රාන්ත කණ්ඩායම වෙනුවෙන් එකට ක්‍රීඩා කළහ.
විස්ඩන් ක්‍රිකට් සඟරාවේ 100 වැනි ප්‍රකාශනය එලි දැක්වීමට සමගාමීව 1963 වසරේදී බටහිර ඉන්දීය කොදෙව් සහ එංගලන්ත කණ්ඩායම් අතර පැවැති ටෙස්ට් තරගාවලියේ ජයග්‍රාහකයන්ට ‘විස්ඩන්’ කුසලාන පිරිනමන ලදී. 2020 වසරේදී ටෙස්ට් තරගාවලිය රිචඩ්ස්-බොතම් කුසලාන ලෙස නම් කිරීමත් සමගින් අවසන් වරට පැවැති ටෙස්ට් තරගාවලිය ජය ගත් එංගලන්තයට කුසලානය සදාකාලිකව තබා ගැනීමට අවස්ථාව හිමිවේ.
විස්ඩන් කුසලානය ජයග්‍රාහී කණ්ඩායමට එහි ජයග්‍රහණයේ සංකේතයක් ලෙස පිරිනැමූ නමුත් පසුව ලෝඩ්ස් හි ක්‍රිකට් කෞතුකාගාරය වෙත ආපසු ගෙන යන ලදී.
1963 වසරේ සිට 2020 වසර දක්වා විස්ඩන් කුසලාන තරගාවලි 28 ක් පවත්වා ඇති අතර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අවස්ථා 14 කදී කුසලාන හිමිකරගෙන තිබේ. අවස්ථා 10 කදී එංගලන්ත කණ්ඩායම විස්ඩන් කුසලානයට හිමිකම් කීවේය. තරගාවලි 4 ක් ජය පරාජයෙන් තොරව අවසන් විය.
දෙරට අතර පැවැත්වෙන රිචඩ්ස්-බොතම් කුසලාන ටෙස්ට් තරඟාවලියේ පළමුවැන්න තරඟ තුනකින් සමන්විතය.
■ පළමු තරගය - මාර්තු 8 දා සිට 12 දා දක්වා ශ්‍රීමත් විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගණයේදී
■ දෙවැනි තරගය - මාර්තු 16 දා සිට 20 දා දක්වා බාබඩෝස්හි කෙන්සිංටන් ඕවල් ක්‍රීඩාංගණයේදී
■ තෙවැනි තරගය - මාර්තු 24 දා සිට 28 දා දක්වා ග්‍රෙනාඩාවේ ජාතික ක්‍රීඩාංගණයේදී
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.