Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී රන් පදක්කමක් දිනා ගත් බර ඉසිලීමේ ශ්‍රී ලංකා ක්‍රීඩක චින්තන ගීතාල් විදානගේ හා ලෝකඩ පදක්කමක් හිමිකර ගත් ශ්‍රී ලංකා බර ඉසිලීමේ ක්‍රීඩිකා දිනුෂා හංසනී ගෝමස් රැජිනගේ යෂ්ඨිය උත්සව අවස්ථාවට රැගෙන ආ අයුරු.
වසර 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ගිණිසිළුව දල්වන රැජිනගේ යෂ්ඨිය රටවල් 72 ක් කරා රැගෙන යන ගමනේදී අද (3) ශ්‍රී ලංකාවට රැගෙන එනු ලැබිය.
ඒ නිමිත්තෙන් එය ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය කෙරෙන ලබන බ්‍රහස්පතින්දා (6) දක්වා දිවයිනේ ස්ථාන ගණනාවකදී පිළිගැනීමේ උත්සව සංවිධානය කර තිබේ.
කටුනායක ගුවන්තොටුපොළේ සිට දිවයිනට රැගෙන ඒමෙන් පසුව රැජිනගේ යෂ්ඨිය පිළිගනීමේ නිල පළමු උත්සවය අද ටොරින්ටන් පෙදෙසේ නිදහස් චතුරශ්‍රය අසලදී පැවැත්වුණි.
ශ්‍රී ලංකාව රැජිනගේ යෂ්ඨිය රැගෙන ඒම නිමිත්තෙන් මෙම දින තුන පුරා කොළඹ මහනුවර හැටන් ඇතුළු දිවයිනේ ස්ථාන හතකදී ජාතික ඔලිම්පික් කමිටුවේ මෙහෙයවීමෙන් පිළිගැනීමේ උත්සව හතරක් සංවිධානය කර තිබේ.
හෙට (4) ඒ යටතේ මහනුවර තෙල්දෙණිය වික්ටෝරියා වේල්ල මහනුවර රණබිම රාජකීය විදුහල හැටන් ක්රීකාස්වයිඩ් තේ කර්මාන්ත ශාලාව අසලදී නිල පිළිගැනීමේ උත්සව සංවිධානය කර තිබේ.
2022 ජුලි 28 සිට අගෝස්තු 8 වැනිදා දක්වා මැන්චෙස්ටර් නුවරදී පැවැත්වෙන 22 වැනි පොදුරද මඩුලු ක්‍රීඩා උළෙලේ රැජිනගේ නිල යෂ්ඨිය රටවල් 72 ක් හරහා කිලෝමීටර් 140000 ක් ගමන් ගනියි.
(ඡායාරූප – ළහිරු හර්ෂණ)
- 223
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.