Last Update  :  2025-05-10 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story රාහුල්ගෙන් ඉන්දියාවට සාර්ථක ආරම්භයක්
සෙන්චූරියන් ටෙස්ට් තරගය

රාහුල්ගෙන් ඉන්දියාවට සාර්ථක ආරම්භයක්

editorial - 2021 දෙසැ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු අපි‍්‍රකාවේදී ටෙස්ට් තරගාවලි ජයක් ලබාගැනීම සඳහා සාර්ථක ආරම්භයක් ලබාගත් ඉන්දියානුවෝ, සෙන්චූරියන්හිදී අද (26 වැනිදා) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය අවසන් වන විට කඩුලූ 3  ක් දැවී ලකුණු 272 ක් ලබා සිටියහ.

තේ පානය වනවිට කඩුලූ 2 ක් දැවී ලකුණු 157 ක් ලබා සිටි සංචාරකයෝ අවසන් හෝරා දෙකේදී කඩුල්ලක් පමණක් අහිමි කරගනිමින් ලකුණු 115 ක් ලබාගත්තේ ආසන්න වශයෙන් විනාඩියකට ලකුණක් ලබාගනිමිනි.

ආරම්භක පිතිකරු ලෝකේෂ් රාහුල්, තරගයට පෙර තැබූ බලාපොරොත්තු සාර්ථක කර ගනිමින් නොදැවී ලකුණු 122 ක් ලබා සිටියේය.

තණකොළ වැඩියෙන් තිබෙන, හරිත පැහැයට බර සෙන්චූරියන් පිටියේදී කාසියේ වාසිය දිනාගත් ඉන්දීය නායකයා අභියෝගාත්මක තීරණයක් ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත්තේය. නායකයාගේ තීරණයට උපරිම සහයෝගයක් දැක්වූ ලෝකේෂ් රාහුල් සහ මයන්ක් අගර්වාල් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 117 ක සමබන්ධතාවක් ගොඩනැංවූහ.

පිට පිටම පන්දු දෙකකදී අගර්වාල් සහ පුජාරා දවාගැනීමට ලූන්ගි න්ගිඩි සමත් වූ නමුත් නායකයා පැමිණ කඩාවැටීම නතර කළේය. විරාට් කෝලි සහ ලෝකේෂ් රාහුල් දෙදෙනා අතර තුන්වැනි කඩුල්ල වෙනුවෙන් පැවැති සම්බන්ධතාව ලකුණු 82 කි.

ලකුණු 60 ක් ලබා සිටියදී පිටියේ ඈත සිටි වියාන් මල්ඩර්ට අසීරු උඩපන්දුවක් දුන් නමුත් එයින් ගැලවුණු රාහුල්, පන්දු 248 කට මුුහුණ දෙමින් ඒවායින් 18 ක් හතරේ සීමාවෙන් එපිටට යැවීය. එයින් එකක් හයේ පහරක් විය. කණ්ඩායම තුළ සිය ස්ථානය අස්ථාවරව සිටි අජින්ක්‍යා රහනේ නොදැවී ලකුණු 40 ක් ලබාගත් අතර දකුණු අපි‍්‍රකානු පන්දු යවන්නන්ට ඔහු මෙල්ල කරගත නොහැකි විය. එකම සාර්ථක පන්දු යවන්නා වූයේ කඩුලූ 3 ම දවාගත් ලූන්ගි න්ගිඩි පමණි.

මෑතකදී එංගලන්තයේදී මෙන්ම  ඕස්ටේ‍්‍රලියාවේදීත් ටෙස්ට් තරගාවලි ජයග‍්‍රහණ ලබා සිටින ඉන්දීය කණ්ඩායමේ එකම ඉලක්කය වන්නේ දකුණු අපි‍්‍රකාවේදීම දකුණු අපි‍්‍රකානුවන් පරාජය කිරීමයි.

පළපුරුදු වේග පන්දු යවන්නකු වන ඇන්රික් නොකියා ආබාධයකට ලක්ව සිටින හෙයින් ඩුඈන් ඔලිවර් දකුණු අපි‍්‍රකානු කණ්ඩායමට කැඳවනු ඇතැයි බොහෝ දෙනාගේ අපේක්‍ෂාව වූවත්, නවක තරුණ කී‍්‍රඩකයකු වන 21 හැවිරිදි මාකෝ ජැන්සන්ට අවස්ථාව ලැබිණ. ඔහුට දවාගත හැකිව තිබූ කඩුල්ලක් ගිළිහී ගියේ ක්වින්ටින් ඩි’කොක් වෙතින් උඩපන්දුවක් ගිළිහී ගිය බැවිනි.

දකුණු අපි‍්‍රකාවේ වර්ණ භේදවාදයට එරෙහිව සටන් කළ ඩෙස්මන්ඞ් ටුටූ පියතුමන්ගේ අභාවය වෙනුවෙන් ශෝකය පළකිරීම සඳහා දකුණු අපි‍්‍රකානුවෝ කළු අත්පටි බැඳගෙන කී‍්‍රඩා කළහ. ඒ වෙනුවෙන් දෙපිලේම කී‍්‍රඩකයෝ විනාඩියක නිශ්ෂබ්දතාවක් ද පළකලහ.


ඉන්දියාව - පළමු ඉනිම කඩුලූ 3 ක් දැවී 272 යි
(ලෝකේෂ් රාහුල් නොදැවී 122, මයන්ක් අගර්වාල් 60, විරාට් කෝලි 35, අජින්ක්‍යා රහනේ නොදැවී 40, ලූන්ගි න්ගිඩි 45/3)

 

- 213

 


අදහස් (0)

රාහුල්ගෙන් ඉන්දියාවට සාර්ථක ආරම්භයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.