Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 68 වැනි තරගය ලෙස චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතර මුම්බායිහිදී අද (20 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 5 ක ජයක් ලැබූ රාජස්ථාන් ක්‍රීඩකයෝ, ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පත්වෙමින් තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලබාගත්හ. මෙවර තරගාවලියේදී සහභාගි වූ තරග 14 න් 9 ක්ම ජයගත් රාජස්ථාන් කණ්ඩායම පරාජයට පත්වූයේ තරග 5 ක් පමණි.
මෙම ජයත් සමග අවසන් වටයේදී ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට එරෙහිව පළමු අවසන් පූර්ව තරගයට ක්‍රීඩා කිරීමටද රාජස්ථාන් කණ්ඩායම අවස්ථාව උදාකර ගත්තේය. එම තරගයෙන් ජයගැනීමට සමත් වුවහොත් ඔවුන්ට ඍජුවම අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට හැකි වනු ඇත. ඉන් පරාජයට පත් වුවහොත් ඔවුන්ට පිළිමළුන් පිටු දැකීමේ තරගයේ ජයග්‍රාහකයන්ට එරෙහිව දෙවැනි අවසන් පූර්ව තරගයේදී තරග වැදීමට සිදුවනු ඇත.
ජයග්‍රහණය සඳහා ලකුණු 151 ක ඉලක්කයක් හඹාගිය රාජස්ථාන් ක්‍රීඩකයෝ පන්දු 2 ක් ඉතිරිව තිබියදී එම ඉලක්කය සපුරාගත්හ. එහිදී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ රවිචන්ද්‍රන් අශ්වින් පන්දු 23 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 40 ක් රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය. පන්දු 44 කදී හයේ පහරක් සහ හතරේ පහර 8 ක් සමග ලකුණු 59 ක් රැස්කළ ආරම්භක පිතිකරු යශස්වි ජයිස්වාල් සිය කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමීය.
සිය පළමු ඕවර 2 ලකුණු 10 කට සීමා කළ මතීෂ පතිරණ යැවූ තෙවැනි ඕවරයේදී හතරේ පහර 2 ක් සමගින් ලකුණු 11 ක් රැස්කිරීමට රාජස්ථාන් පිතිකරුවෝ සමත් වූහ. එහෙත් මතීෂ කෙරෙහි විශ්වාසය තබමින් අවසන් ඕවරයේදී ලකුණු 7 ක් රැකගැනීමේ වගකීම ඔහුට පැවරීමට නායක දෝනි පියවර ගත්තේය. එම ඕවරයේදී ප්‍රතිවාදී කණ්ඩායම ලකුණු 7 කට අඩුවෙන් තබාගැනීමට ඔහු අපොහොසත් වුවද, තරගය පුරා ඔහුගේ පන්දු යැවීම ක්‍රීඩා විචාරකයන්ගේ පැසසුමට ලක්විය. එහිදී පැයට කිලෝ මීටර 145 කට ආසන්න වේගයකින් පන්දු යැවීමටද මතීෂ සමත් විය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් චෙන්නායි කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 150 ක් ලබා ගත්තේය. එහිදී වේගවත් පිතිහරඹයක නිරන වූ මුයින් අලී පන්දු 57 කදී ලකුණු 93 ක් රැස්කළේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 13 ක් සමගිනි. කෙසේ වුවත් සහයට කිසිවකු නොසිටීම හේතුවෙන් ඔහුට චෙන්නායි කණ්ඩායම විශාල ලකුණු සංඛ්‍යාවක් කරා ගෙන යෑමට නොහැකි විය.
මුලු ලකුණු සංඛ්‍යාව 2 ක් වන විට ආරම්භක පිතිකරු රුතුරාජ් ගයික්වාද් (2) දැවී ගියද, ඩෙවොන් කොන්වේ (16) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 39 කදී ලකුණු 83 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට අලී සමත් විය. ඉන් නොනැවතුණ ඔහු නායක මහේන්ද්‍ර සිං දෝනි (26) සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 52 කදී ලකුණු 51 ක සම්බන්ධතාවක්ද ගොඩනැගුවේය.
ට්‍රෙන්ට් බෝල්ට් යැවූ අවසන් පවර් ප්ලේ ඕවරයේදී හයේ පහරක් සහ පිට පිටම ගැසූ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 26 ක් රැස්කිරීමටද අලී සමත් විය. අලීට ශතකය කරා යෑම සඳහා අවසන් ඕවරයේ පන්දු 6 ම ඉතිරිව තිබුණද, එහි පළමු පන්දුවේදී ලෝන් ඕෆ් කළාපයේ පන්දු රකිමින් සිටි රියාන් පරාග් අතට උඩ පන්දුවක් දෙමින් ඔහු දැවී ගියේය.
මෙම තරගයට පෙර තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන්ගේ ලැයිස්තුවේ පෙරමුණ ගැනීමට රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩාමේ වනිඳු හසරංග (කඩුලු 24) සමත්ව සිටියද, මෙම තරගයේදී දවාගත් කඩුලු 2 ත් සමග එම ලැයිස්තුවේ පෙරමුණට පැමිණීමට යුස්වේන්ද්‍ර චාහල් (කඩුලු 26) සමත් විය.
චෙන්නායි සුපර් කිංග්ස් පිල - ඕවර 20 කදී කඩුලු 6 කට 150
(ඩෙවෝන් කොන්වේ 16, මුයින් අලී 93, මහේන්ද්‍ර සිං දෝනි 26, ඔබේඩ් මැකොයි 20/2, යුස්වේන්ද්‍ර චාහල් 26/2)
රාජස්ථාන් රෝයල්ස් පිල - ඕවර 19.4 කදී කඩුලු 5 කට 151
(යශස්වි ජයිස්වාල් 59, සංජු සැම්සන් 15, රවිචන්ද්‍රන් අෂ්වින් නොදැවී 40, ප්‍රෂාන්ත් සොලංකි 20/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.