Last Update  :  2025-07-29 20:42:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story රහීම් - දාස් බංග්ලාදේශය ගොඩ ගනිති
පාකිස්තාන - බංග්ලාදේශ පළමු ටෙස්ට් තරගය (පළමු දිනය)

රහීම් - දාස් බංග්ලාදේශය ගොඩ ගනිති

editorial - 2021 නොවැ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක පාකිස්තාන කණ්ඩායමට එරෙහිව චැටෝග‍්‍රම්හි සහූර් අහමඞ් චෞද්‍රි කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදෙන බංග්ලාදේශ කණ්ඩායම පළමු දිනය (26 වැනිදා) සඳහා තරගය නතර කරන විට කඩුලූ 4 ක් දැවී ලකුණු 253 ක් ලබා සිටියේය.

දිනය නිමාවන විට ලිටන් දාස් හයේ පහරක් සහ හතරේ පහර 11 ක් සමග ලකුණු 113 ක්ද, මුෂ්ෆිකුර් රහීම් හතරේ පහර 10 ක් සමග ලකුණු 82 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැුදී සිටියහ. ලකුණු 49 කට කඩුලූ 4 ක් බිඳවැටී තිබූ අවස්ථාවේදී පිටියේ එක් වූ ඔවුන් දෙදෙනා පළමු දිනය අවසානයේ පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 204 ක නොබිඳුණ සම්බන්ධතාවක්ද ගොඩනැගූහ. මෙය ලිටන් දාස්ගේ මංගල ටෙස්ට් ශතකයද විය.

මුලූ ලකුණු සංඛ්‍යාව ලකුණු 19 ක් වන විට ආරම්භක පිතිකරු සයිෆ් හසන් (14) පිටියෙන් ඉවත් කිරීමට ශහීන් අෆ්රිඩි සමත් විය. සෙසු ආරම්භක පිතිකරුවා වූ ශද්මන් ඉස්ලාම්ටද ලකුණු 14 ක් ලබා සිටියදී පිටියෙන් ඉවත්ව යෑමට සිදුවූයේ හසන් අලීගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවෙමිනි.

ෆාහීම් අෂ්රෆ්ගේ පන්දුවක් හමුවේ සජිඞ් ඛාන් අතට උඩ පන්දුවක් දෙමින් නජ්මුල් හොසේන් බංග්ලාදේශ ඉනිමේ තෙවැනි කඩුල්ල ලෙස ලකුණු 14 කට දැවී ගියේය. සජීඞ් ඛාන්ගේ පන්දුවක් හමුවේ කඩුලූ රකින කී‍්‍රඩක රිස්වාන් ඛාන් අතට උඩ පන්දුවක් දෙමින් දැවී යන විට නායක මොමිනුල් හක්ට ලබාගත හැකිව තිබුණේද ලකුණු 6 ක් පමණි.

 

බංග්ලාදේශය - කඩුලූ 4 කට 253
(ශද්මන් ඉස්ලාම් 14, සයිෆ් හසන් 14, නජ්මුල් හොසේන් 14, මුෂ්ෆිකුර් රහීම් නොදැවී 82, ලිටන් දාස් නොදැවී 113)

-036

 


අදහස් (0)

රහීම් - දාස් බංග්ලාදේශය ගොඩ ගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.