Last Update  :  2025-05-04 21:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story රවිඳු ඉනිම ගොඩනැගීමේ උත්සහයක

රවිඳු ඉනිම ගොඩනැගීමේ උත්සහයක

editorial - 2022 අප්‍රේ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රවිඳු ප්‍රනාන්දු...

(රොෂාන් ගුණරත්න)

රවිඳු ප්‍රනාන්දුගේ (නොදැවී 63) ධෛර්යවන්ත පිතිහරඹය හේතුවෙන් සෙබස්තිනයිට් පිලට එරෙහිව එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී අද (22 වැනිදා) ආරම්භ වූ අන්තර් ක්‍රීඩා සමාජ නැඟී එන කණ්ඩායම් අතර තරගාවලියේ අවසන් මහ තරගයේ පළමුව පන්දුවට පහරදුන් ද්‍රවිඩ සංගම් පිල පළමු දිනට තරගය අවසන් කරන විට කඩුලු 7 ක් දැවී ලකුණු 201 ක් ලබා සිටියේය.

තේ පානය සඳහා තරගය නතර කරන විටම ඇදහැළුණු වර්ෂාව හේතුවෙන් තරගයේ තෙවැනි භාගයේදී එකම පන්දුවක් හෝ යැවීමට නොහැකි විය. ඒ අනුව වර්ෂාව හේතුවෙන් තරගයේදී පළමු දිනයේදී ඕවර 30 ක් අපතේ ගියේය.

කාසියේ වාසිය දිනාගත් සෙබස්තිනයිට් පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදිමට පිටියට පිවිසි ද්‍රවිඩ සංගම් පිලේ කඩුලු 4 ක් දිවා ආහාරයට ප්‍රථම දවා ගැනීමට සෙබස්තිනයිට් පන්දු යවන්නෝ සමත්වූහ. ඒ වනවිට කඩුලු 4 කට ලකුණු 77 ක් ලෙස ද්‍රවිඩ සංගම් ලකුණු පුවරුව දිස්විය.

එක් අන්තක කඩුල්ල ආරක්‍ෂා කරගත් රවිඳු ප්‍රනාන්දු වර්ෂාව හේතුවෙන් තරගය නතර කරනවිට නොදැවී ලකුණු 63 ක් ලබාසිටියේය. පන්දු 95 කට මුහුණදුන් රවිඳු ප්‍රනාන්දුගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් විය.

දිවා ආහාරයෙන් පසුව 5 වැනි කඩුල්ල ලෙස සංතුෂ් ගුණතිලක දැවීයාමත් සමගින් එම කඩුල්ල සඳහා පැවැත් ලකුණු 42 ක සම්බන්ධතාවද බිඳ වැටුණි. තවත් ලකුණු 9 ක් ද්‍රවිඩ සංගම් ඉනිමට එක්වන විටදී 6 වැනි කඩුල්ලත් දවා ගැනීමට සෙබ්ස්තිනයිට්ස් පන්දු යවන්නෝ සමත්වූහ. ඉන් පසුව රවිඳු ප්‍රනාන්දු සමගින් එක්ව ලකුණු 62 ක සම්බන්ධතාවක් පවත්වමින් සිටියදී 7 වැනි කඩුල්ල ලෙස කවිඳු පතිරත්න ලකුණු 24 කට දැවී ගියේය. පන්දු 65 කට මුහුණදුන් කවිඳු පතිරත්නගේ ඉනිමට හතරේ පහර 3 ක් ඇතුළත් විය.

වේගවත් ලකුණු රැස්කිරීමක නිරත වන රවීන් ද සිල්වා පළමු දිනට තරගය අවසන් කරන විට පන්දු 20 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 21 ක් ලබා සිටියේය. ඒ අනුව 8 වැනි කඩුල්ල සඳහා ලකුණු 31 ක නොබිඳුණු සම්බන්ධතාවක් පැවැත්වීමටද රවිඳු ප්‍රනාන්දු සහ රවීන් ද සිල්වා සමත්වූහ.


ද්‍රවිඩ සංගම් පළමු ඉනිම - කඩුලු 7 ක් දැවී 201
(සුපුන් කාවින්ද 24, සංතුෂ් ගුණතිලක 27, රවිඳු ප්‍රනාන්දු නොදැවී 63, කවිඳු පතිරත්න 24, රවීන් ද සිල්වා නොදැවී 21, තරිඳු රත්නායක 91/3, සඳුන් ප්‍රනාන්දු 20/2, මනෙල්ක ද සිල්වා 36/2)

රවිඳු ප්‍රනාන්දු...

 

කවිඳු පතිරත්න...

 

තරිඳු රත්නායක ...


අදහස් (0)

රවිඳු ඉනිම ගොඩනැගීමේ උත්සහයක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.