Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story රතුඉර පැන කණ්ඩායම එළියට එයි

රතුඉර පැන කණ්ඩායම එළියට එයි

editorial - 2021 සැප් මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගීවන 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය අද (12 වැනිදා) දහවල් නිල වශයෙන් ප්‍රකාශයට පත්කර ලදි.

විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට එක්වන සංචිත නම්කරන එවීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් සියළුම රටවල් වෙත දී තිබූ අවසන් දිනය වූයේ පසුගිය 10 වැනිදා (සිකුරාදා) ය. අනෙකුත් සියළුම රටවල් නියමිත දිනට තමතමන්ගේ ලෝක කුසලාන සංචිත නම්කර යෑවූ නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තමන්ගේ සංචිතය නිල වශයෙන් නිකුත් කරන ලද්දේ අද දින දහවල් 12.00ටය.

වාර්තාවන ආකාරයට මෙම කණ්ඩායම තෝරා ගැනීමෙන් පසුව අන්තර්ජාතික ක්‍රිකට් සභාව වෙත යවා ඇතත් එයට නිසි අනුමැතිය ලැබී ක්‍රීඩා අමාත්‍යංශයෙන් නැවතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පැමිණීමට කාලය ගතවී තිබේ.

දසුන් ශානක නායකත්වය දරන ලෝක කුසලාන සංචිතයේ දැනට සිටින ජේ්‍යෂ්ඨතම ක්‍රීඩකයා වන්නේ හිටපු නායක දිනේෂ් චන්දිමාල්ය. දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති පළමු විස්සයි20 තරගයේදී කෝඩුකාරයා වූ  මහීෂ් තීක්ෂණද ලෝක කුසලාන සංචිතයට එක්කර ඇත.

පිතිකරුවන් අතරට දිනේෂ් චන්දිමාල්, කුසල් ජනිත් පෙරේරා, අවිශ්ක ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, චරිත් අසලංක සහ ධනංජය ද සිල්වා ඇතුළත් වෙති. කමිඳු මෙන්ඩිස්, වනිඳු හසරංග, චාමික කරුණාරත්න සහ ළහිරු මදුශංක තුන් ඉරියව් ක්‍රීඩකයන් ලෙසත්, නුවන් ප්‍රදීප් සහ දුෂ්මන්ත චමීර වේගපන්දු යවන්නන් ලෙස කටයුතු කරති.

මහීෂ් තීක්ෂණ සහ ප්‍රවීන් ජයවික්‍රම දඟපන්දු යවන්නන් ලෙස සංචිතයට එක්කර ඇතත් පළපුරුදු විස්සයි-20 ක්‍රීඩකයක වන අකිල තරංග සංචිතයට එක්ව ඇත්තේ අතිරේක ක්‍රීඩකයකු ලෙසිනි.

ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන්නේ අයි.පී.එල්. තරගාවලියෙන් පසුව බැවින්, තණතීරු වැඩිවශයෙන් භාවිතා කිරීම නිසා මෙම තරගාවලියේදී දඟ පන්දු යවන්නන් වැඩි මෙහෙයක් කරනු ඇත. එබැවින් අවශ්‍ය අවස්ථාවලදී ධනංජය ද සිල්වා, කමිඳු මෙන්ඩිස් සහ චරිත් අසලංකද පන්දු යැවීමට ඉදිරිපත් වනු ඇත.


ශ්‍රී ලංකා සංචිතය
දසුන් ශානක (නායක), ධනංජය ද සිල්වා (උපනායක), දිනේෂ් චන්දිමාල්, කුසල් ජනිත් පෙරේරා, අවිශ්ක ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, චරිත් අසලංක, වනිඳු හසරංග, කමිඳු මෙන්ඩිස්, චාමික කරුණාරත්න, නුවන් ප්‍රදීප්, දුෂ්මන්ත චමීර, ළහිරු මදුශංක, ප්‍රවීන් ජයවික්‍රම, මහීෂ් තීක්ෂණ.

අතිරේක ක්‍රීඩකයෝ
අකිල ධනංජය, පුලින තරංග, බිනුර ප්‍රනාන්දු, ළහිරු කුමාර.

 

- 2079

 


අදහස් (0)

රතුඉර පැන කණ්ඩායම එළියට එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.