Last Update  :  2025-08-06 17:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story රංගනගේ සේවය බංග්ලාදේශයට

රංගනගේ සේවය බංග්ලාදේශයට

editorial - 2021 ජුනි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු වමත් දඟ පන්දු යවන්නා වන රංගන හේරත් බංග්ලාදේශ ජාතික කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරු ලෙස පත්කිරීමට නියමිතව ඇතැයි වාර්තා වේ. ඒ සම්බන්ධයෙන් වන අවසන් තීන්දුව හැකි ඉක්මනින් ගන්නා බව බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයේ ක්‍රිකට් මෙහෙයුම් සභාපති අක්‍රම් ඛාන් මහතා පවසා ඇත.

රංගන හේරත් මහතාගෙන් කරන ලද විමසීමකදී ඔහු කියා සිටියේ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙමින් පවතින බවයි.

“ඒ ගැන සාකච්ඡා කෙරෙමින් තියෙනවා. ඒත් තවමත් අවසන් තීරණයකට ඇවිත් නෑ.. ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් සමගත් වසර ගණනාවක් තිස්සේ සාකච්ඡා කෙරෙමින් ඉන්නවා. ඒත් දෙපාර්ශ්වයටම එකඟ විය හැකි තත්ත්වයක් නොතිබූණ නිසා ශ්‍රී ලංකාවෙන් පිටත තිබෙන අවස්ථා ගැන මම උනන්දු වෙනවා” යයි හේරත් මහතා පැවසීය.

බංග්ලාදේශ කණ්ඩායමේ හිටපු දඟ පන්දු පුහුණුකරුවා ලෙස කටයුතු කළ ඩැනියෙල් විටෝරී මහතා වෙනුවට රංගන හේරත් පත්කිරීමට නියමිතය. කොරෝනා වසංගතය හේතුවෙන් ඩැනියෙල් විටෝරී මහතාට නිතිපතා ඔවුන් හා එක්වීමට නොහැකි වීම නිසා බංග්ලාදේශයේ දඟ පන්දු පුහුණුකරු තනතුර හිස් විය.

ශ්‍රී ලංකාවේදී පැවැති තරග දෙකකින් සමන්විතවූ ටෙස්ට් තරගාවලියේදී බංග්ලාදේශ පිලේ දඟ පන්දු යවන්නන්ගේ පුහුණුකරු ලෙස සොහෙල් ඉස්ලාම් මහතා පත්කිරීමට බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය තීරණය කළේය. ක්‍රීඩකයන්ගෙන් ඔහුට ප්‍රමාණවත් සහයෝගයක් ද ලැබුණ නමුත් සිය බිරිඳ දරු ප්‍රසූතියට සූදානම් වීම නිසා නිවාඩු ලබාගැනීමට නියමිත හෙයින් ඔහුට සිම්බාබ්වේ සමගින් පැවැත්වෙන තරගාවලියට එක්විමට නොහැකි වනු ඇත.

බංග්ලාදේශ කණ්ඩායමේ දඟ පන්දු යවන්නන්ගේ පුහුණුකරු තනතුර සඳහා රංගන හේරත්ට අමතරව ඉන්දියාවේ සයිරාජ් බහතුල් මෙන්ම පාකිස්තානයේ සයීඩ් අජ්මාල්ද ඉල්ලුම් කර තිබේ. එහෙත් ඔවුන් අතරින් රංගන හේරත් ඉදිරියෙන් සිටින බව අක්‍රම් ඛාන් මහතා පවසා ඇත.

“සිම්බාබ්වේ සංචාරයට පෙර මේ තීරණය ගැන අවසන් තීන්දුවකට එන්න උපරිම උත්සාහයක් දරනවා. සිම්බාබ්වේ සංචාරයෙන් පසුව නවසීලන්තය හා එංගලන්තය සමඟින් තරගාවලි දෙකක් තිබෙනවා” යයිද අක්‍රම් ඛාන් මහතා පවසා තිබේ.

වත්මන් බංග්ලාදේශ කණ්ඩායමේ සිටින වේග පන්දු යවන්නන්ගෙන් බහුතරය ශ්‍රී ලංකාවේ පුහුණුකරුවන් විසින් සොයා ගන්නා ලද්දවුන්ය. ශ්‍රී ලංකාවේ සිටින විශිෂ්ටතම ක්‍රිකට් පුහුණුකරුවන් වූ කාල්ටන් බර්නාඩස්, මැල්කම් පෙරේරා සහ සෙනරත් අල්විස් යන මහත්වරු වසර ගණනාවක් තිස්සේ බංග්ලාදේශ කණිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩාවේ පුහුණුකරුවන් ලෙසින් කටයුතු කරමින් වත්මන් බංග්ලාදෙශ කණ්ඩායමේ සිටින වේග පන්දු යවන්නන් කනිෂ්ඨ අවදියේදීම සොයා ගත්හ.

ඔවුන් ජාතික කණ්ඩායමට පැමිණි පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන්නකු වූ චම්පක රාමනායක මහතාද බංග්ලාදේශ වේග පන්දු යවන්නන්ගේ පුහුණුකරුවා වශයෙන් කටයුතු කළේය.


- 2079


අදහස් (0)

රංගනගේ සේවය බංග්ලාදේශයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.