Last Update  :  2025-08-03 21:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story යෝධ ඇල විවෘත මවුන්ටන් පාපැදි තරගය හෙට

යෝධ ඇල විවෘත මවුන්ටන් පාපැදි තරගය හෙට

editorial - 2025 ජුලි මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අනුරාධපුරය යෝධ ඇල ඉවුර හරහා තිසාවැව සිට කලාවැව දක්වා වන ධාවන පඨයක ප්‍රථම වතාවට සංවිධානය කෙරෙන යෝධවැව මවුන්ටන් පාපැදි  (විවෘත) තරගාවලිය හෙට ( 2) පෙරවරු 7.30 ට ඉසුරුමුණිය විහාරය අසළින් ආරම්භ වේ.      

 අනුරාධපුර දිස්ත්‍රික් පාපැදි සංගමයේ සභාපති, අනුරාධපුරය පුරපති ,ජාත්‍යන්තර පාපැදි විනිසුරු එන්. කරුණාරත්න මහතාගේ සංකල්පයකට අනුව සංවිධානය වන මෙම මවුන්ටන් පාපැදි තරගාවලිය සදහා උතුරු මැද පළාත් සභාව, අනුරාධපුරය මහ නගර සභාව,උතුරු මැද පළාත් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා පාපැදි විනිසුරු සංගමය දායකත්වය ලබා දේ.

සැප්තැම්බර් 27 වන දිනට යෙදෙන ලෝක සංචාරක දිනයට සමගාමිව මෙම ධාවන මාර්ගයේම පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර මවුන්ටන් පාපැදි තරගාවලියට සහභාගි වන මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සදහා පෙරහුරු තරගයක් ලෙස යෝධවැව මවුන්ටන් පාපැදි තරගාවලිය සංවිධානය කෙරේ.ඒ සදහා දිවයිනේ ඕනැම තරගකරුවෙකුට, තරගකාරියකට සහභාගි විය හැකිය.

ඉරිදා පෙරවරු 7.30 ට අනුරාධපුරය ඓතිහාසික ඉසුරුමුණිය විහාරය අසලින් ආරම්භ වන තරගය වෙස්සගිරිය, තිසාවැව, වැව් බැම්ම මතින් ගොස් කලාවැව ඔස්සේ තිසාවැවට ජලය  රැගෙන එන යෝධ ඇල ඉවුර හරහා කලාවැවෙන් යෝධ ඇලට ජලය රැගෙන එන සොරොව්ව අසලට පැමිණ එතැන් සිට කලාවැව බැම්ම මතට පිවිසීමෙන් තරග ඉසව් අවසන් කෙරේ.

සුපිරි පිරිමි, වයස 23 න් පහළ පිරිමි,  හා සුපිරි කාන්තා යන ඉසව්හි ජයග්‍රාහී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පිළිවෙලින් රුපියල් 10000, 7500ක් 5000ක් ලෙස ප්‍රදානය කෙරේ. තරගය නිමා කරන මුල් 30 දෙනාට රු 2000 බැගින් විශේෂ ත්‍යාග මුදලක් බැගින්ද පිරිනැමීමට සංවිධායක මංඩලය තීරනය කර ඇත.

ඒ පිළිබදව වැඩි  තොරතුරු උපුල් චන්දන මහතා දුරකථන අංක 0718391574 ඔස්සේ ඇමැතීමෙන් ලබා  ගත හැකිය. 

- 223


අදහස් (0)

යෝධ ඇල විවෘත මවුන්ටන් පාපැදි තරගය හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.