Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
‘යූරෝ ෆෝමියුලා’ ශූරතාව සඳහා යුරෝපී රටවල්වලදී පැවැත්වෙන ෆෝමියුලා - IV තරගාවලි මාලාවේ පළමු අදියර ලෙස පෘතුගාලයේ පෝටිමාවෝ ධාවන පථයේදී පැවැති තරගාවලිය ජය ගැනීමට ශ්‍රී ලංකාවේ යෙවාන් ඩේවිඩ් අද (27 වැනිදා) සමත් විය.
තරග 3 කින් සමන්විත වූ මෙම තරගාවලියේ පළමු තරගය තෙවැනියා ලෙස නිමාවට පත්කළ යෙවාන්, දෙවැනි සහ තෙවැනි තරග පළමු වැනියා ලෙස නිමා කරමින් සමස්ථ තරගාවලියේ ජය තමන් සතුකර ගත්තේය. පළමු ස්ථාන දෙක සඳහා ලකුණු 10 බැගින්ද, තෙවැනි ස්ථානය සඳහා ලකුණු 6 ක්ද හිමිකර ගත් යෙවාන් මෙම තරගාවලියේදී හිමිකර ගත් මුළු ලකුණු සංඛ්‍යාව 26 කි.
යෙවාන් නියෝජනය කරන කණ්ඩායම වන මොටෝ පාර්ක් කණ්ඩායමේ තවත් සාමාජිකයකු වන කොරියානු ජාතික මයිකල් ශින්, තරග 3 ම දෙවැනියා ලෙස නිමා කරමින් (ලකුණු 8 බැගින්) මුළු ලකුණු 24 ක් හිමිකර ගත්තේය. ඒ අනුව ඔවුන් දෙදෙනා එක්ව මොටෝ පාර්ක් කණ්ඩායමට මෙම තරගාවලියේ කණ්ඩායම් ශූරතාවද දිනා දුන්හ.
මෙය යෙවාන්ගේ පළමු ‘යූරෝ ෆෝමියුලා’ තරගාවලි මාලව වන බැවින් මෙම තරගාවලියේදී ශූරතාවට අමතරව දක්ෂතම නැඟී එන ක්‍රීඩකයාට හිමි සම්මානයද දිනාගැනීමට ඔහුට හැකි විය. තවමත් 17 වැනි වියේ පසුවන යෙවාන් දිනාගත් ඉහළම ජාත්‍යන්තර ජයග්‍රහණය ලෙසද මෙය හැඳින්විය හැකිය.
“අපි මේ සති අන්තයේ හුඟක් මහන්සි වෙලා හොඳින් වැඩ කළා. මේ තරගාවලියේදි අපේ බලාපොරොත්තු සියල්ල සාක්ෂාත් කර ගැනීමට හැකිවීම ලොකු සතුටක්. මේ වසරේ යුරේ ෆෝමියුලා තරගාවලි මාලාව ඉතා ඉහළ තරගකාරී මට්ටමක පවතිනවා වගේම හුඟක් සිත්ගන්නා සුළු සටනක් වේවි. මටත් එහි කොටස්කරුවකු වීමට අවශ්‍යයි.” යැයි ජයග්‍රහණයෙන් අනතුරුව යෙවාන් පැවසීය.
‘යූරෝ ෆෝමියුලා’ තරගාවලි මාලාවේ තවත් අදියර 7 ක් මෙම වසර තුළදී පැවැත්වීමට නියමිතව ඇති අතර එම තරගාවලි බෙල්ජියමේදී, ජර්මනියේදී, හංගේරියාවේදී, ප්‍රංශයේදී, ඕස්ටි්‍රයාවේදී, ස්පාඤ්ඤයේදී සහ ඉතාලියේදී පැවැත්වීමට නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.