Last Update  :  2024-06-16 11:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story යුපුන් 4 : කාලිංග 2

යුපුන් 4 : කාලිංග 2

editorial - 2024 මැයි මස 19 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(නාමල්  පතිරගේ)

රෝමයේදී  ඊයේ (18) පැවැති  කෙටි ධාවන  තරගාවලියේදී ශ්‍රී  ලංකා  ක්‍රීඩක යුපුන්  ප්‍රියදර්ශන  අබේකෝන් මීටර් 100 (පිරිමි) ඉසව්වෙන් තත්පර 10.21 කට සිව්  වැනි  ස්ථානයට පත් විය.මේ අතර ජපානයේ ටෝකියෝ  නුවරදී  අද (19) තරග වැදුණු  ශ්‍රී  ල‍‍ංකා  මීටර් 400 ක්‍රීඩක කාලිංග කුමාරගේ තත්පර  45.57 කට ඉසව්වේ  දෙවැනි  තැන ලැබීය.

මෙම  ශ්‍රී  ලාංකික  ක්‍රීඩකයන්  දෙදනාගේම උත්සාහය වූයේ 2024 පැරිස් ඔලිම්පික්  උළෙල සදහා  නිර්දේශ  ලබා ගැනීම වූවත් මෙවර තරග වැදීමේදීත් ඔවුන්ගේ එම උත්සාහයන් සාර්ථක වූයේ නැත.

පැරිස් ඔලිම්පික් මීටර් 100 (පිරිමි) ඉසව්වේ ක්‍රීඩකයකුගේ අවම සුදුසුකම තත්පර  10.00 කි. ඒ සදහා තත්පර  45.00 ක අවම දක්ෂතාවක් මිටර්  400 (පිරිමි) ඉසව්ව සදහා ක්‍රීඩකයකු  විසින්  පළ කළ යුතුව ඇත.

කෙසේවුවත් ඒ සදහා  ඔවුන්ට ලබන ජූනි 30 වැනිදා  දක්වා  මෙ‍තෙක් අවස්ථාව  උදාවී තිබේ.

මෙම  ක්‍රීඩකයන්  දෙදෙනා මැයි 03 වැනිදා ඩුබායි නුවරදී පැවැති  ග්‍ර්‍ර්‍රෝන්  - ප්‍රී මලල ක්‍රීඩා තරගාවලියේදීත් මෙම  උත්සාහයන්හි නිරත විය.

එහිදීත් කාලිංග  දෙවැනි තැනට පත් වෙමින් වාර්තා කළේ තත්පර 45.92 කාලයකි.එහිදි  යුපුන්ගේ කාලය වූයේ තත්පර10.18 කි. ඊයේ පැවැති රෝම ධාවන සැණකෙළියේදී මීටර් 100 ඉසව්ව ජය ගත්තේ ටෝකියෝ  ඔලිම්පික්  රන් පදක්කම්ලාභී ලෝක  ශූර ඉතාලි ජාතික ලෙමන්ට් මාර්ෂල් ජේකොබ් (තත්පර 10.07) විසිනි.

කෙසේවුවත් මීටර්100 (පිරිමි) ඉසව්වේ 2022 ජූලි 3 වැනිදා සූරිච් නුවර පැවැති ධාවනයේදී තත්පර 9.96 ක දක්ෂතාවයක්  දක්වමින් එම වේගය වාර්තා කළ පළමු දකුණු ආසියාතිකයා බවටද පත්වූ යුපුන්ගේ  ඉසව්වේ දක්ෂතාවන් එයින් පසුව මේ දක්වා අඩාල වෙමින් තිබෙන තත්වයක්  පෙන්නුම් කරයි.

යුපුන්ගේ එයින්  පසුව ඉසව්වේ හොඳම දක්ෂතාවය ජර්මනියේදී  වාර්තා වී ඇත්තේ තත්පර 10.06 කි.එයද 2022 වසරේදීය. 

කාලිංග  කුමාරගේ සිය ඉසව්වෙන්  මෙතෙක්  ප්‍රර්ශනය කර තිබෙන හොඳම දක්ෂතාව තත්පර  45.07 කි. දැනට ශ්‍රී  ලංකාවේ මිටර් 400 (පිරිමි) ඉසව්වේ  හොඳම  දක්ෂතාවන්  පළ කර තිබෙන  ශ්‍රී  ලාංකිකයන් අතර ඔහු මේ වන විට තෙවැනි සථානයේ පසුවේ.

එහි පළමු ස්ථානය තත්පර  44.61 ක දක්ෂතාවක් දක්වා තිබෙන (පූකෝකා - 1998) පසුකාළිනව ශ්‍රී  ල‍‍ංකා මලල  ක්‍රීඩා  සංගමයේ  සභාපතිත්වය ඉසිලූ  විදුලිපුර ධාවකයා ලෙස එදා අන්වර්ථ  ගත් සුගත්  තිලකරත්නය.

ටෝකියෝ  නුවරදී අද (19) පැවැති තරගාවලියේදී  මිටර් 400 ඉසව්වේ ජයග්‍රාහකයා වුයේ ජපන් ජාතික සාටෝ කෙන්ටාරෝ විසිනි.ඒ තත්පර 45.21ක කාලයකිනි.


අදහස් (1)

යුපුන් 4 : කාලිංග 2
  • runner Monday, 20 May 2024 05:40 PM

    පැරදුණාට නම් අවුලක් නෑ. දිනපු ගමන් දෙන පඬි ටොක්ස් තමයි අවුල්. කොහේ හරි දිනපු ගමන් ටෝක දෙන්නේ ඊළඟ ඔලිම්පික් පදක්කම සාක්කුවේ වගේ. අන්තිමට ඔලිම්පික් යන්න වෙන්නේ විසිට් වීසා ගහගෙන අනිත් අය දුවන ඒවා බලන්න තමයි. මේ ක්‍රීඩකයෝ දෙන්නාගෙන් එක් කෙනෙක්ටයි මේ කතාව අදාල...

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.