Last Update  :  2024-04-29 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story යුපුන් - තරුෂි - නදීෂා - ගයන්තිකා ඩුබායි තරග බිමට

යුපුන් - තරුෂි - නදීෂා - ගයන්තිකා ඩුබායි තරග බිමට

editorial - 2024 අප්‍රේ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ඩුබායි නුවරදී මැයි 3 වැනිදා පැවැත්වෙන එක්සත් අරාබි එමීර්  - ග්‍රෝන් ෆ්‍රී මලල ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාවෙන් සුපිරි මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිව් දෙනකු සහභාගි වීමට නියමිතය.

ඒ, මීටර් 100 (පිරිමි) ඉසව්වෙන් යුපුන් ප්‍රියදර්ශන අබේකෝන්, මීටර් 800 (කාන්තා) ඉසව්වෙන් තරුෂි දිල්සරා කරුණාරත්න හා ගයන්තිකා අබේරත්න මීටර් 400 (කාන්තා) ඉසව්වෙන් නදීෂා රාමනායක යන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ වෙති.

එහිදී ඉතාලියේ සිට යුපුන් අබේකෝන් සමග ඔහුගේ ඉතාලි ජාතික පුහුණුකරු සහ භෞතික චිකිත්සකවරයකු ඩුබායි ග්‍රෝන් - ෆ්‍රී මලල ක්‍රීඩා තරගාවලියට සහභාගි වීමට නියමිතය.

ඒ සඳහා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය ගුවන් ප්‍රවේශපත්‍ර වියදම් දැරීම සම්බන්ධිකරණය කරයි.

මෙම තරග සංචාරයේ වැදගත්කම වන්නේ, ශ්‍රී ලාංකික මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එළැඹෙන පැරිස් ඔලිම්පික් උළෙල සඳහා නිර්දේශ ලබා ගැනීමේ අවස්ථාව හිමිව තිබීමය.

ඒ සඳහා ලොව පුරා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලබන ජුනි 30 වැනිදා දක්වා අවස්ථාව සලසා තිබේ.

ඩුබායි නුවර තරගාවලියේදී ශ්‍රී ලංකා කෙටි ධාවන ශූර යුපුන් අබේකෝන්ගේ තරග වැදීමට සුවිශේෂී අවධානයක් යොමු වේ. ඔහු මීටර් 100 (පිරිමි) ඉසව්වේ තත්පර 9.96ක (2022) මෙතෙක් ඉසව්වේ සිය හොඳම දක්ෂතාව පළ කරමින් දකුණු ආසියාවේ වේගවත්ම ධාවකයා බවට පත්ව සිටින අතර, අවසන් වරට මීටර් 100 (පිරිමි) ඉසව්වේ ඔහුගේ තරග වැදීම 2023 මැයි 24 වැනිදා ඉතාලියේදී වාර්තා විය.

එහිදී තප්පර 10.04ක දක්ෂතාවක් දක්වමින් ඔහු දෙවැනි ස්ථානයට පත්වූ අතර, එයින් පසුව ඔහු ජාත්‍යන්තර තරග බිමේදී මීටර් 100 (පිරිමි) ඉසව්ව සඳහා යළි මුණගැසෙන්නේ ලබන මැයි 13 වැනිදාය.

කෙසේ වුවත්, වසරකට ආසන්න කාලයක් පුරා ජාත්‍යන්තර තරග බිමෙන් ඉවත්ව සිටි ඔහු පසුගිය අප්‍රේල් 13 වැනිදා ඉතාලියේ පැවැති තරගාවලියකදී මීටර් 150 (පිරිමි) ඉසව්වට සහභාගි වෙමින් තත්පර 15.19කට එහි ජයග්‍රහණය ලැබීය.

මේ අතර, පාසල් සිසුවියක්ව සිටියදීම පසුගිය වසරේදී මීටර් 800 (කාන්තා) ඉසව්වේ ආසියානු ශූරතා, ආසියානු ක්‍රීඩා හා ආසියානු කනිෂ්ඨ හා ප්‍රධානතම අන්තර්ජාතික මලල ක්‍රීඩා තරගාවලි තුනකදීම පිට පිටම රන් පදක්කම් දිනා ගත්, මේ වන විට 20 හැවිරිදි වියේ පසු වන තරුෂි අවසන් වරට මීටර් 800 (කාන්තා) ඉසව්ව සඳහා තරග වැදී ඇත්තේ පසුගිය ඔක්තෝබර් 4 වැනිදා චීනයේ හංජෝ නුවරදීය.

එහිදී විනාඩි 2 තත්පර 01.39කට ඇය රන් පදක්කම දිනා ගැනීමට සමත් වූවාය. එයින් පසුව මෙම පළමු තරග වැදීම ජාත්‍යන්තරව දැඩි අවධානය දිනා ගනු ඇත.

ඇගේ මෙම ඉසව්වේ හොඳම මෙතෙක් දක්‍ෂතාව විනාඩි 2, තත්පර  00.66 කි (2023 ආසියානු ශූරතා තරග වාර්තාව)

කෙසේ වුවත් මෙම ඉසව්ව සඳහා තරග වදින සෙසු ජ්‍යෙෂ්ඨතම ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව වන 37 හැවිරිදි ගයන්තිකා අබේරත්න අවසන් වරට 2022 බර්මින්හැම් පොදුරදමඩුලු ක්‍රීඩා උළෙලේදී මෙම ඉසව්වේ සිය හොඳම දක්‍ෂතාව පළකර ඇත්තේ විනාඩි 2 තත්පර 01.20 කටය.

පැරිස් ඔලිම්පික් උළෙලේ නිර්දේශය ලබා ගැනීමට එහිදී අවම විනාඩි 1 තත්පර 59.30ක දක්‍ෂතාවයක් පළ කළ යුතුය. තත්පර 52.61ක මෙතෙක් හොඳම සිය ඉසව්වේ දක්‍ෂතාවය පළකර ඇති මීටර 400 ශ්‍රී ලංකා ක්‍රීඩිකා ආසියානු ශූරතා රන් පදක්කම්ලාභිණි නදිෂා රාමනායක පැරිස් ඔලිම්පික් උළෙලේ නිර්දේෂ ලැබීමට නම් අවම තත්පර 50.95 ක දක්‍ෂතාවයක් පළකළ යුතුව ඇත.

මීටර 100 (පිරිමි) ඉසව්වේ පැරිස් ඔලිම්පික් අවම නිර්දේෂය තත්පර 10.00 කි. ඩුබායි තරග සංචාරයේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණුකරුවන් ලෙස සුසන්ත ප්‍රනාන්දු හා ටී.එම්.ජී. තුෂාර යන මහත්වරු නිර්දේශ කර තිබේ.


අදහස් (0)

යුපුන් - තරුෂි - නදීෂා - ගයන්තිකා ඩුබායි තරග බිමට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.