Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ජනිත් සිල්වාගේ (15/3) දක්ෂ පන්දු යැවීම හමුවේ අන්තර් සමාජ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට යුදහමුදා පිල සමත්විය. එන්.සී.සී ක්‍රීඩාංගණයේදී අද (18 වැනිදා) පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී කුරුණෑගල යොවුන් පිල කඩුලු 9 කින් පරාජය කිරීමට යුදහමුදා පිලට හැකිවිය.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් කුරුණෑගල යොවුන් පිලට ඕවර 20 අවසානයේදී කඩුලු 6 ක් දැවී රැස්කිරිමට හැකිවූයේ ලකුණු 114 ක් පමණි.
ලකුණු 51 ක් තුල කඩුලු 6 ක් බිඳ වැටීමෙන් ආඝාදයට වැටුණු කුරුණෑගල යොවුන් පිල තරමක් දුරට ගොඩගැනීමට රංදීර රණසිංහ සහ ළහිරු ජයරත්න සමත්වූහ. ඔවුන් දෙදෙනා එක්ව 7 වැනි කඩුල්ල සඳහා පන්දු 54 කදි ලකුණු 63 ක නොබිඳුණු සම්බන්ධතාවයක් ගොඩනැගූහ.
ඕවර 3 ක් යවමින් ලකුණු 15 කට කඩුලු 3 ක් දවාගනමින් පන්දුවෙන් දස්කම් දැක්වීමට ජනිත් සිල්වා සමත්විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 115 ක ඉලක්කයක් හඹාගිය යුදහමුදා පිල ඕවර 11.4 කදී කඩුල්ලක් පමණක් දැවී ඉලක්කය පසුකර යෑමට සමත්විය.
අෂාන් රන්දික පන්දු 31 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 7 ක් සමගින් නොදැවී ලකුණු 54 ක් රැස්කළ අතර සීකුගේ ප්‍රසන්න පන්දු 21 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 4 ක් සමගින් නොදැවී ලකුණු 50 ක් රැස්කරමින් යුදහමුදා පිල ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.
කුරුණෑගල යොවුන් - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 114
(සමීර සඳමාල් 29, රංදීර රණසිංහ නොදැවී 28, ළහිරු ජයරත්න නොදැවී 34, ජනිත් සිල්වා 15/3)
යුදහමුදාව - ඕවර 11.4 කදී කඩුල්ලක් දැවී 120
(අෂාන් රන්දික නොදැවී 54, සීකුගේ ප්‍රසන්න නොදැවී 50)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.