Last Update  :  2024-05-06 19:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story යුද හමුදාව - ගුවන් හමුදාව ශූරතා දිනයි
ක්ලිෆර්ඩ් කුසලාන බොක්සිං

යුද හමුදාව - ගුවන් හමුදාව ශූරතා දිනයි

editorial - 2023 නොවැ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ක්‍රීඩා සමාජ 22 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 150 කගේ සහභාගීත්වයෙන් කොළඹ රාජකීය විදුහල් ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැති 93 වැනි ක්ලිෆර්ඞ් කුසලාන බොක්සිං තරගාවලියේ පිරිමි ශූරතාව දිනාගැනීමට යුද හමුදාවත්, කාන්තා ශූරතාව දිනාගැනීමට ගුවන් හමුදාවත් සමත් විය. 

යුද හමුදාව මෙවර තරගාවලියේ පිරිමි ශූරතාවට හිමිකම් කීවේ රන් පදක්කම් 9 ක්, රීදී පදක්කම් 2 ක් සහ ලෝකඩ පදක්කමක් දිනාගනිමිනි. රන් පදක්කමක්, රිදී පදක්කම් 4 ක් සහ ලෝකඩ පදක්කම් 4 ක් දිනාගත් නාවික හමුදාව පිරිමි අනු ශූරතාව හිමිකරගත් අතර රන් පදක්කමක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 3 ක් දිනාගත් ගුවන් හමුදාව එහි තෙවැනි ස්ථානයට පත් විය. 

රන් පදක්කම් 5 ක් සහ ලෝකඩ පදක්කම් 2 ක් දිනාගත් ගුවන් හමුදාව තරගාවලියේ කාන්තා ශූරතාවට හිමිකම් කී අතර රන් පදක්කම් 4 ක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනාගත් යුද හමුදාව කාන්තා අනු ශූරතාව හිමිකර ගත්තේය. නාවික හමුදාව එහි තෙවැනි ස්ථානයට පත් වූයේ රන් පදක්කමක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනාගනිමිනි.  

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ලයිට් ෆ්ලයි (කිලෝ ග්‍රෑම් 48) බර පංතියෙන් තරග වැදුණ යුද හමුදාවේ එල්.පී. ජයවර්ධන සම්මාන දිනාගත් අතර දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ෆෙදර් (කිලෝ ග්‍රෑම් 57) බර පංතියෙන් තරග වැදුණ ගුවන් හමුදාවේ අයි.ටී. පෙරේරා සම්මාන දිනාගත්තාය. 

දක්ෂතම පරාජිතයා ලෙස මිඞ්ල් (කිලෝ ග්‍රෑම් 75) බර පංතියෙන් තරග වැදුණ නාවික හමුදාවේ ජී.අයි. ආරියරත්නද, දක්ෂතම පරාජිත ක්‍රීඩිකාව ලෙස ෆ්ලයි (කිලෝ ග්‍රෑම් 52) බර පංතියෙන් තරග වැදුණ පොලිසියේ පුබුදි විදානගමගේද සම්මාන හිමිකර ගත්හ. 

ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධානය කළ මෙම තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා එම සංගමයේ සභාපති මෙන්ම ජාත්‍යන්තර බොක්සිං සංගමයේ සහ ආසියානු බොක්සිං සම්මේලනයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකුද වන ඩයන් ගෝමස් මහතා සහභාගි විය.  

 

පිරිමි ශූරතාවය - යුද හමුදාව 

 

කාන්තා ශූරතාවය - ගුවන් හමුදාව


අදහස් (0)

යුද හමුදාව - ගුවන් හමුදාව ශූරතා දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.