බි‍්‍රතාන්‍යයන් දේශනා කිරීමට දක්ෂ ජාතියකි. ඔවුන් දේශනා කරන දේ පිළිපදින්නේනම් එහි වරදක් නැත. ”මෙය කි‍්‍රස්තියානි රටක්” අගමැති ඬේව්ඞ් කැමරන් කීවේ මීට දින කිපයකට පෙරය.
අන්‍යයන්ගේ සදාචාරයට නොගැලපෙන්නේයැයි ඔවුන් සිතා ගන්නා දේ ගැන බි‍්‍රතාන්‍ය දේශපාලකයන් කරන කතා අසන්නෙකුට ඔවුන් දේශනා කිරීමට යොදා ගන්නේ ධර්මාසනය පමණක් නොවේයැයි සිතෙනු ඇත. එහෙත් බි‍්‍රතාන්‍යය කි‍්‍රස්තියානි රටක්යැයි කැමරන් මහතා පවසන විට ශී‍්‍ර ලංකාව බෞද්ධ රටක්යැයි ශී‍්‍ර ලංකාවේ දේශපාලනඥයෙකු කියන්නේනම් ඇතිවිය හැකි තත්වය මට සිතා ගත හැකිය.
බටහිර ලෝකයේත් වෙනත් තැන් වලත් නොයෙකුත් ආකාරයේ දේශකයන් නගන ඝෝෂාව මොන්ගෝලියාවට ඇසෙනු තරම් වනු ඇත. කි‍්‍රස්තියානි, හින්දු, මුස්ලිම් සහ වෙනත් අය වෙසෙන ආගම්වාදී නොවන රටක් වන ශී‍්‍ර ලංකාව බෞද්ධ රටක් වන්නේ කෙසේදැයි ඔවුන් අසනු ඇත.
එහෙත් එය නොසලකන්න. දෙවියන්ද නොසලකන මේ ලෝකයේ ධර්මාසන හිස්වෙමින් පැවතියද ඒවාට වෙනක් ආකාරයෙන් දේශකයෝ පැමිණෙමින් සිටිති.
මෙම නව දේශකයෝ සෑම මසකම ඔවුන් කැමති ආකාරයට අන්තර්ජාතික නීති, පොදුරාජ්‍ය මණ්ඩල හරයන්, මානව අයිතිවාසිකම්, යහ පාලනය සහ වගවීම, ප‍්‍රකාශ කිරීමේ නිදහස හා තවත් බොහෝ දේ ගැන අපට අනුශාසනා කරති.
එහෙත් මෙම නීති, සම්මුතීන් හා ප‍්‍රඥප්ති කෙටුම්පත් කොට සම්මත කර ඇති හරය එය නොවේ. අනෙකුත් අයගේ ඉල්ලීම වන්නේ ලිඛිත වාක්‍යයන් දැඩිව ක‍්‍රියාත්මක කළ යුතුය යන්නය.
ක‍්‍රීඩාව දේශපාලනයෙන් වෙන් නොකළ යුතුයැයි අදහස් කරන තවත් අයගේ මතය වන්නේ ලිඛිත නීතිය උල්ලංඝණය කරන්නේයැයි සිතන අනෙක් අය සහ දේශපාලකයන් සමග ක‍්‍රීඩකයන්ද ගර්හාවට ලක් කළ යුතුය යනුවෙනි.
දින කීපයකට පෙර ශ‍්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවති එක්දින තරග මාලාවේ එජ්බැස්ටන් හි පැවති තීරණාත්මක තරගයේ දී ශ‍්‍රී ලාංකා ක‍්‍රිකට් කී‍්‍රඩකයෝ, යටත් විජිත පාලකයන් විසින්ම ලංකාවට හඳුන්වා දෙන ලද ක‍්‍රීඩාවේ නීති සහ හරයන් මෙන්ම ලක්ෂණ එම ක‍්‍රීඩාව උපන් ස්ථානයේදීම උරගා බැලීමට උත්සාහ කළහ.
මීට සති කිපයකට පෙර සිටම ප‍්‍රාන්ත මට්ටමේ ක‍්‍රිකට් ක‍්‍රීඩාවේදි පවා තරග පාවාදීම් ගැන විවිධ ¥ෂමාන ආරංචි පැතිරෙමින් තිබිණ.
එංගලන්තයේ ක‍්‍රීකට් කී‍්‍රඩාවේ තරග පාවාදීම් හා වෙනත් නොමනා කටයුතු ගැන අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවට කරුණු ඉදිරිපත් කිරීමට නියමිත කොන්ග්ඩන් සාමිවරයා ගේ වාර්තාව සියලූ දෙනාම අපේක්ෂාවෙන් සිටිති. එය ළඟදීම නිකුත් වනු ඇත.
නිශ්චිත තරගයකදීත්, එක්දින තරග මාලාවේ පරාජයෙනුත් එංගලන්තය දැක්වූ දුර්වල කී‍්‍රඩා විලාශයෙන් සිත වෙනතකට යොමු කිරීමට එංගලන්තයේ කි‍්‍රකට් කී‍්‍රඩකයන් මෙන්ම තරග විස්තර විචාරකයන් සහ පාපන්දු පිටියේ දක්නට ලැබෙන නොහික්මුණු ගතිය කි‍්‍රකට් පිටියට ගෙන ඒමට තැත් කරන හූ කියන ක‍්‍රීඩාලෝලීන් දැඩි උත්සාහයක් ගන්නා බව පෙනේ.
මුරලිදරන්ට ඔස්ටේ‍්‍රලියාවේදී කළ ආකාරයටම පන්දු යවන ආකාරය ගැන කියා තවත් දඟපන්දු යවන්නෙකු වන සචිත‍්‍ර සේනානායවද දඬු කඳේ ගැසීමේ උත්සාහයක් පවතී. ඒ මදිවාට නායක ඇන්ජලෝ මැතිව් සමග එක්ව කි‍්‍රකට් ක‍්‍රීඩාවේ මහත්මාගතිග-ුණ පිරිහෙළන්නේයැයිද ඔහුට විරුද්ධව චෝදනා කෙරෙයි.
මෙම විවේචකයන් ගොන්නට එකතු වූ එක් අයෙක් වන්නේ එංගලන්ත කණ්ඩායමේ හිටපු නායකයකු වන මයිකල් වෝන් ය. ඔහු ඉදිරිපත් කරන්නේ හාස්‍ය ජනක තර්කයකි. ද ඬේලි ටැලිග‍්‍රාප් පුවත් පතට ඔහු පවසා ඇත්තේ මෙවන් කතාවකි.
”ජොස් බට්ලර් ඔහුගේ සීමාවෙන් ඉදිරියට ගොස් සිටි බව මම දනිමි. එහෙත් ඔහු තනි ලකුණක් සොරා ගැනීමට සූදානම් වූයේ නැත. ඔහු අඟල් කීපයක් ඉදිරියෙන් සිටියා පමණි”
මයිකල් වෝන් අක්ෂි වෛද්‍යවරයකු හමු විය යුතුය. නැතිනම් මූලික ගණිත පාඩමක් ඉගෙන ගත යුතුය. ඔහුගේ මෙම විස්තරය සඳහන් වූයේ තීරු හතරක පින්තූරයත් සමගය. එම පින්තූරයෙන් බට්ලර් තම සීමාවෙන් අඩියක් හෝ ඊට වැඩි ගණනක් ඉදිරියෙන් සිටිය බව පැහැදිලිවම දැක්වේ. වෝන් කියන්නේ බොරුවක් බව එම පින්තූරයෙන්ම මනාව සනාථ වේ.
සමහරවිට ඔහු ලකුණත් නොව වැඩිදෙනාගේ අවධානය තමන් වෙත ලබාගැනීමට ඉදිරියට පැමිණියා විය හැකිය. වෝන් අක්ෂි වෛද්‍යවරයෙකු වෙත හා ගණිත ගුරුවරයෙකු වෙත යන අතර තුරු ඔහු කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් සමු ගැනීමෙන් පසු එහි නීතිවල සිදුකර ඇති වෙනස්කම් ගැන ඉගෙන ගන්නේනම් ප‍්‍රයෝජනවත්ය.
අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ කොන්දේසිවලින් 2011 දී මාර්ලිබෝන් කි‍්‍රකට් සමාජයේ (කි‍්‍රකට් කී‍්‍රඩාවේ නීති රීති සකස් කරන්නා) රෙගුලාසි සංශෝධනය කර ඇත. මෙම තරග මාලාව පැවැත්වූයේ එම සංශෝධිත නිති අනුව බව පැහැදිලිය.
පන්දු යවන්නාගේ අන්තයේ සිටින පිතිකරු ඔහුගේ සීමාවෙන් ඉදිරියට ගොස් අනිසි වාසියක් ලබා ගන්නේනම් පන්දු යවන්නෙකුට ඔහු දවාලිය හැකිය.
ඇත්ත වශයෙන්ම ගෙන බැලූවහොත් ඇම්. සී. සී. නීති හා අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ රෙගුලාසි යටතේ එවැනි දුවද්දී දැවීයෑමක් සිදුවිය හැකිය. ඒ සම්බන්ධයෙන් විවාදයක් තිබිය නොහැකිය. ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ විශාරදයන් වශයෙන් සැලකෙන ශී‍්‍රමත් ඉයන් බොතම්, මයිකල් ඇතර්ටන් හා බටහිර ඉන්දීය පිලේ හිටපු සුපිරි කී‍්‍රඩකයකු වන මයිකල් හෝල්ඩින් වැනි සියලූ දෙනාම ඊට එකඟවෙති.
එහෙත් නීතිය දැඩිව පිළිපැදිය යුතුයැයි අපට තරවටු කරන අයම එවැනි උල්ලංඝනය කිරීම් කරන විට සෙසු අය ඒවා නොසලකා සිටිය යුතුයයි අපේක්ෂා කෙරේ. එවැනි නීති උල්ලංඝනය කිරීම් විවේචකයන් හඳුන්වන්නේ ක‍්‍රීඩාවේ ඊනියා ‘යහගුණය’ සේය. වැරැුද්ද කරන පිතිකරුවාට එරෙහිව පියවර ගැනීමට පෙර පන්දු යවන්නා ඔහුට අවවාද කළ යුතු යයි නීතියේ කිසි තැනෙක සඳහන් වන්නේ නැත.
මෙම සිද්ධියේ දී බට්ලර් දිගටම කළ ක‍්‍රියාව ගැන ඊට පෙර ඕවර කිපයකදීම අවවාද කර තිබිණ. මීට පෙර තරගයේදීද ඔහු ලකුණු සොරා ගැනීමට මෙම ක‍්‍රියාවම කර තිබේ.
ඒ අනුව නීති කඩකිරීමෙන් ක‍්‍රීඩාවේ යහගුණය අවමානයට පත් කරන්නේ කවුද?
එසේ කිරීම අවශ්‍ය නොමැති වුවත් අවස්ථා දෙකකදීම බට්ලර්ට අවවාද කළ සේනානායකද නැතිනම් එම අවවාද කිරීම් නොසලකා තම සීමාවෙන් ඉදිරියට ගිය බට්ලර් ද?
මෙම අවවාද කිරීම් නොසලකා තමා නීතියට උඩින් සිටින්නේයැයි සිතා බට්ලර් ක‍්‍රියාකරන විට විය යුතුව තිබුණේ එයයි. එහි අදාළ නීතිය කඩ කිරීමක් හෝ කි‍්‍රකට් කී‍්‍රඩාවේ යහගුණයට එරෙහි කිසිවක් නැත.
අනෙක් අතට තත්ත්වය නීතියේ පැහැදිළිිව සඳහන් වන්නේනම් විනිශ්චයකරුට දුවද්දී දවා ගැනීම ගැන පන්දු රකින කණ්ඩායමේ නායකයා එකඟ වන්නේද යන්න ඇසිමේ අවශ්‍යතාවයක්ද නැත.
නීතිය පැහැදිලිව ඇත්නම් විනිශ්චයකරුවන් පසුබාන්නේ ඇයි? විනිශ්චයකරුවා නායකයා විමසිය යුතුයැයි හෝ නායකයාට එහිදී තීරණයක් ගැනීමට අවස්ථාවක් පවතින්නේයැයි නීතියේ කොතැනකවත් සඳහන් වන්නේද නැත. තරග පිටියේ දී නීතිය ඇත්තේ විනිශ්චයකරුවන් අත නිසා ඔවුන් ඒ අනුව ක‍්‍රියා කළ යුතුය.
ශ‍්‍රී ලංකාව කිසිම වැරැද්දක් කර නැත. නායක අලිස්ටෙයාර් කුක්ගේ කෝපයට හේතුව වන්නේ දුවද්දී දවා ගැනීම නොව. ඔහුගේ නායකත්වය යටතේ එංගලන්තය තරග මලාවෙන් ශී‍්‍ර ලංකාවට පරාජයවීම නිසාය. කී‍්‍රඩාවේ යහගුණය ගැන ඉගෙන ගත යුත්තේ සේනානායක හෝ මැතිව්ස් හෝ නොව එංගලන්ත නායකයාය.
අතීතයේ දී ‘මහත්වරුන් සහ ක‍්‍රීඩකයන්’ අතර කි‍්‍රකට් තරග පැවැත්විණ. එය බොහෝ කලකට පෙර අත්හැර දැමිණ. ඒ කණ්ඩායමකට ප‍්‍රමාණවත් මහත්වරුන් සොයා ගැනීමට නොහැකි වූ නිසා වන්නට ඇත. එය බුද්ධිමත් තීරණයක් බවට සැකයක් නැත. ඒ ඇයිිද යන්න ඔබට පෙනෙනවා නිසැකය.
(ලන්ඩනයේ ශ‍්‍රී ලංකාවේ නියෝජ්‍ය මහ කොමසාරිස්වරයාද වන මෙම ලේඛකයා විසින් ‘ද සන්ඬේ ටයිම්ස්’ පුවත්පතට සැපයූ ලිපියක පරිවර්තනයකි)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.