Last Update  :  2025-08-03 21:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මොහොමඩ් හෆීස් කොදෙව් පිල නවතයි

මොහොමඩ් හෆීස් කොදෙව් පිල නවතයි

editorial - 2021 අගෝ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


මොහොමඩ් හෆීස්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ගයානාවේදී පැවැති දෙවැනි විස්සයි20 තරගය ලකුණු 7 කින් ජයගැනීමට පාකිස්තානය ඊයේ (31 වැනිදා) සමත්විය. ඒ අනුව තරග 4 කින් සමන්විත විස්සයි20 තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට පාකිස්තානයට හැකිවිය.

ලකුණු 158 ක ඉලක්කයක් කරා යමින් සිටි කොදෙව් පිල ඕවර 12 ක් අවසානයේදී කඩුලු 3 ක් දැවී ලකුණු 70 ක් ලබා සිටියේය. එහෙත් සෙසු පන්දු යවන්නන්ට පහරපිට පහර වදින විට සිය ඕවර 4 ලකුණු 06 කට සීමා කරමින් එක් නිලකුණු ඕවරයක් සමගින් කඩුල්ලක් දවාගත් මොහොමඩ් හෆීස්ගේ පන්දු යැවීම හේතුවෙන් කොදෙව්වන්ට කඩුලු 6 ක් අත තිබියදීම ලකුණු 150 න් නතර වීමට සිදුවිය. 

මොහොමඩ් හෆීස් තරගයේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගත්තේය. 

කාසියේ වාසිය දිනාගත් බටහිර ඉන්දීය කොදෙව් පිල පළමුව පන්දුවට පහරදීම සඳහා පාකිස්තානයට ආරාධනා කළ අතර ඕවර 20 අවසානයේදී කඩුලු 8 ක් දැවී ලකුණු 157 ක් රැස්කිරීමට ඔව්හු සමත්වූහ. නායක බාබර් අසාම් පන්දු 40 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 51 ක් සහ මොහොමඩ් රිස්වාන් පන්දු 36 කදි හයේ පහර සහ හතරේ පහර 2 බැගින් එල්ල කරමින් ලකුණු 46 ක් රැස්කරමින් පාකිස්තාන ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට සමත්වූහ.

සර්ජීල් ඛාන් ලකුණු 20 ක් සහ ෆකාර් සමාන් ලකුණු 15 ක් ලබාගත් නමුත් සෙසු පිතිකරුවන්ට සාර්ථක පිතිහරඹයක නිරත වීමට කොදෙව් පන්දු යවන්නන්ගෙන් අවස්ථාවක් නොලැබිණ. දක්ෂ පන්දු යැවීමක නිරතවූ ජේසන් හෝල්ඩර් සිය ඕවර 4 ලකුණු 26 කට සීමාකරමින් කඩුලු 4 ක් දවාගත් අතර ඩ්වේන් බ්‍රාවෝ ලකුණු 24 කට කඩුලු 2 ක් දවාගනු ලැබීය.

ජයග්‍රහණය සඳහා ලකුණු 158 ක ඉලක්කයක් හඹාගිය බටහිර ඉන්දීය කොදෙව් පිලට ඕවර 20 අවසානයේදී කඩුලු 4 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 150 ක් පමණි.

නිකලස් පූරන් පන්දු 33 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 4 ක් සමගින් නොදැවී වේගවත් ලකුණු 62 ක් රැස්කළද කොදෙව් පිලේ පරාජය වලක්වාලීමට අපොහොසත් විය. එවින් ලුවිස් පන්දු 33 කදි හයේ පහර සහ හතරේ පහර 2 බැගින් එල්ල කරමින් ලකුණු 35 ක් ලබාගැනීමට සමත්විය.

පාකිස්තානය - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 157
(ශර්ජීල් ඛාන් 20, මොහොමඩ් රිස්වාන් 46, බාබර් අසාම් 51, ජේසන් හෝල්ඩර් 26/4, ඩ්වයින් බ්‍රාවෝ 24/2)


බටහිර ඉන්දීය කොදෙව් - ඕවර 20 කදී කඩුලු 4 ක් දැවී 150
(එවින් ලුවිස් 35, නිකලස් පූරන් නොදැවී 62)

- 2079


අදහස් (0)

මොහොමඩ් හෆීස් කොදෙව් පිල නවතයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.