Last Update  :  2026-01-01 20:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මේ මොන විකාරයක්ද

මේ මොන විකාරයක්ද

දිලිනි මල්රුක්ෂි - 2015 පෙබ මස 18 {{hitsCtrl.values.hits}} Views 3 Comment
A A A

ඉතා තීරණාත්මක කි‍්‍රකට් තරගවලදී  ඕනෑම කණ්ඩායමක් සිය හොඳම කී‍්‍රඩකයන් තරගයට යොදවයි. එහෙත් අවාසනාවකට මෙන් පාකිස්තානු කණ්ඩායමට මේ සරළ ක‍්‍රමවේදය කිසිදා සිහිපත් නොවේ.

පිතිකරුවන්ගේ පරාදීසයක් බඳු  ඕස්ටේ‍්‍රලියාවේ ඇඩිලේඞ් කී‍්‍රඩාංගණයේදී ඉන්දියාවට එරෙහිව පැවැති තරගය අවසානයේ දී ඉන්දියාවට පහසු ජයක් ලැබිණ. ඉන්දියානුවන් ලබාගත් ලකුණු 76 ක ජයත් සමග ලෝක කුසලාන කි‍්‍රකට් තරගමාලාවේ දී පාකිස්තානය හා පැවැති තරග වාර්තාව 6-0 ක් ලෙස ඉන්දියාවේ වාසියට සටහන් විය.

පාකිස්තානයට මේ අවාසනාව නිමා කිරීමට තවත් වසර හතරක කාලයක් බලා සිටිය යුතුව තිබේ. නැතහොත් පිළිමළුන් පිටුදැකීමේ වටයට පිවිස ඉන්දියානුවන් මුණගැසිය යුතුව ඇත.

මෙම තත්ත්වය ලොව පුරා විසිරී සිටින මිලියන ගණනාවක් වන පාකිස්තානු කි‍්‍රකට් ලෝලීන් විමතියටත් මහත් අසහනයටත් පත්කළ කාරණාවකි. එහෙත් මෙය කණ්ඩායම තෝරා ගැනීමේදී සිදුවූ වරදක් මිස වෙනත් කිසිවක් නොවේ.

යූනිස් ඛාන් ආරම්භක පිතිකරුවා ලෙස උසස් කිරීමට තරම් එහි තිබූ විද්‍යාත්මක සාධකය කුමක්ද..? ප‍්‍රවේගකාරී ලෙස පිත්ත හැසිරවිය හැකි විශේෂඥ කඩුලූ රකින්නා වන සෆ්රාස්  අහමඞ් තරගයෙන් ඉවත් කළේ කිනම් තර්කයක් මත ද..?

එය මෙවර ලෝක කුසලාන තරගමාලාව වැනි වැදගත් ඉසව්වක ආරම්භයේදීම කඩිකුලප්පුවක් ඇතිකරගැනීමක් වැනිය.

අවසන් මොහොතේ මොහෙම්මඞ් හාෆීස් තුවාල ලැබීම නිසා නසිර් ජම්ෂෙඞ්  ඕස්ටේ‍්‍රලියාව බලා පිටත්ව ගිය බව මම දනිමි. එහෙත් ඔහු කැඳවූයේ ලෝක කුසලානය තරගාවලියට කී‍්‍රඩා කිරීමටද නැතිනම් එංගලන්තය සමග පැවැති පුහුණු තරගයට කී‍්‍රඩා කිරීමටදැයි යන්න මට පැහැදිළි නැත.

කඩුලූ රැකීම ද එක්තරා අන්දමක විශේෂඥ කාර්යයකි.

තියුණු තරගවල දී උමාර් අක්මාල් ඉතා තීරණාත්මක උඩපන්දු දුසිම් ගණන් අත්හරිනු අප  ඕනෑතරම් දැක තිබේ. ඉන්දියාව සමග පැවැති තරගයේ දී ශතකයක් ලබාගත් විරාට් කෝලිගේ උඩපන්දුව ඔහු අතහැරීම මට නම් පුදුමයක් නොවේ.

මට හැන ආකාරයට නම් පාකිස්තාන කණ්ඩායමේ කළමනාකාරීත්වය සිය කණ්ඩායමේ හයිය කොතැනකදැයි යන්න ගැන මෙලෝ හසරක් නොදන්නා සෙයකි.

අංක 8 ස්ථානයේ පිත්ත හැසිරවිය හැකි කී‍්‍රඩකයකු අවශ්‍ය කරන්නා සේම කණ්ඩායමේ 6 වැනි පන්දු යවන්නා ද අහිමිකරගත යුතු නැත. එහෙත් ලෝක කුසලාන තරගාවලිය මෙන් ප‍්‍රධාන පෙළේ තරග වලදී මෙය නිවැරැදිව සිදු නොවන බවක් මට දැනේ.

පාකිස්තාන කණ්ඩායම සියලූම වැදගත් තරගවල දී කාසියේ වාසිය පරාජයට පත්වූ බව සැබෑය. එහෙත් එහි තේරුම ආක‍්‍රමණශීලීත්වය අහිමි කර ගැනීම නොවේ.

ඉන්දියාව ඔවුන්ගේ ගෙදර වැඩ ඉතා විශිෂ්ට අයුරින් කර ඇති බව මම පිළිගනිමි. කෝලි සමග ශිකර් ධවාන් ඉනිම ගොඩනැගූ හැටියට ඔවුන්ට එරෙහිව කිසිදු සැලසුමක් සැබැවින්ම මිස්බා උල් හක්ට තිබුණේ නැත.

මොහම්මඞ් ඉර්ෆාන්ගේ වේගයත්, උසත් පිළිබඳ සැළකිල්ලට නොගත්තත් එම පිතිකරුවෝ දෙදෙනාම දුර්වල පන්දු වැටෙනතුරු බලා සිටියහ. ඇතැම් විට මෙවැනි බැරැම් තරගවල දී වැඩි පීඩනයක් ඉර්ෆාන්ට තිබුණා විය හැකිය. අනතුරුදායක කළාපය හරහා දිවයාම නිසා ඔහු දෙවරක්ම අවවාද ලැබුවේය.

විනිසුරුගේ අනිත් අන්තයෙන් පන්දු යැවීම කෙරෙහි ඔහුට සිතිවිල්ලක් තිබුණේ ද නැත. එනිසාම ඔහුගේ අක‍්‍රඅමණශීලී පන්දු යැවීම ඉවතට විසිවී ගියේය.

කෝලි හා ධවාන් දෙදෙනාම ඉතා නැණවත්ව පන්දුවට පහරදිමේ වාරය හුවමාරු කරගත්හ. ධවාන් හා කෝලි අතර ශතක සම්බන්ධතාව නිසා පාකිස්තානයට නොනැවතී පීඩනය පැටවිමට ඉන්දීය නායක දෝනිට මහත් පිටිවහලක් ලැබිණ. ඔහු අජින්ක්ය්‍යා රහානේ වෙනුවට සුරේෂ් රයිනාට පිතිකරු ලැයිස්තුවේ උසස්වීමක් දුන්නේ එනිසාය.

ඉන්දියානුවන්ගේ වමත් හා දකුණත් පිතිකරු සංයෝගය නිසා ඉනිම මුළුල්ලේහිම නිවැරිදි රිද්මයට හා වේගයට අවතීර්ණවීමට පාකිස්තාන පන්දු යවන්නන්ට නොහැකිවීමත් ඉන්දියානු නායකයාගේ වාසියට හිටියේය. එහෙත් එය දෝනි විසින් හිතාමතා ගන්නා ලද තීරණයකි.

වේගපන්දු යවන්නකුට ඉතා නරක තේරීමක් වන කඩුල්ල තුලට කෙටි පන්දු යොමුකිරීම ද පාකිස්තාන පන්දු යවන්නන්ගෙන් දැකගත හැකිවිය.

ඉන්දීය පිතිකරු ලයිස්තුව ලොව පුරා සිටින දඟපන්දු යවන්නන් මවිතයට පත්කරවන සුලූ එකක් බව ද පාකිස්තාන කණ්ඩායමේ කළමනාකාරීත්වය අමතක වී තිබිණ. පාකිස්තානය දඟපන්දු යවන්නකු හෝ දෙදෙනකු නොව තිදෙනකුම තරගයට යොදවා තිබිණි. එහෙත් එයින් පලක් වූයේද යන්න සිතා බලන විට අශ්වයා ඉස්තාලයෙන් පැන ගොස් තිබිණ.  

සිය දෙවැනි ජාත්‍යාන්තර එක්දින තරගයේදීම දඟපන්දු යවන යසීර් ෂාගෙන් ඔව්හු විමතිය දනවන දස්කම් බලාපොරොත්තු වූහ. එය ඔහුගෙන් වැඩිපුර ඉල්ලා සිටීමකි. ඉන්දීය පිතිකරුවන් ඔහුට ඉතා පහසු ආකාරයෙන් මුහුණ දුන් අතර ඔහුගේ  ඕවර 8 දී ලකුණු 60 ගණනක්ම ලබා ගත්හ.

දගපන්දු යවන්නන්ට එරෙහිව කිසිදු අසීරුතාවකින් තොරව පිත්ත හසුරුවන පිතිකරුවන් හමුවේ වමතින් දඟපන්දු යවන කී‍්‍රඩක හාරිස් සොහේල් මත විශ්වාසය තැබීම තවත් සූදුවකි. ඔහු ඔස්ටේ‍්‍රලියාවේ හා නවසීලන්තයේ තණතීරුවල කොහෙත්ම ඵලදායි පන්දුයවන්නකු නොවේ.

පාකිස්තාන පන්දු යැවීමේ අංශයේ එකම ධනාත්මක සාධකය කඩුලූ පහක් දවාලූ සොහේල් ඛාන් පමණි. එහෙත් එය වාර්තාවූයේ ශතක සම්බන්ධතා දෙකක් පිහිටවූ විරාට් කෝලි සියලූ අලාභහානී කළාට පසුවය.

යූනිස් ඛාන් ඉනිම ආරම්භ කරන බව කාසියේ වාසිය උරගා බැලූ මොහොතේ මිස්බා කීවත් ලකුණු 300ක් ඉන්දීය පිලට දීමෙන් පසුව මා සිතුවේ පාකිස්තානය ඔවුන්ගේ තීරණය වෙනස් කරනු ඇතැයි කියාය. මා බලාපොරොත්තු වූයේ අහමඞ් ෂෙසාඞ් සමග සහීඞ් අෆ්රිඩි ඉනිම ආරම්භ කර ඉක්මනින් හොඳ ලකුණු වේගයක් ලබාගනු ඇතැයි කියාය. නමුත් කණගාටුව වූයේ පැවැති තත්ත්වය හොඳින් අවබෝධ කරගැනීමට කළමනාකාරීත්වය අපොහොසත් වීමයි.

යූනිස් ඛාන්ට එක්දින තරගවල දී පිතිහරඹය අසීරු බව ප‍්‍රසිද්ධ  රහසකි. මේ කාරණාව අපිට වේලාසනින්ම අවබෝධ කරගත හැකිනම් එය ලෝක කුසලාන තරගමාලාවේදී පාකිස්තානයට සුභවාදී වනු ඇත. ඔහු නිවැරැදි තාක්ෂණයට අනුව පිතිහරඹයේ යෙදෙමින් යළි සුපුරුදු දස්කම් අතරට ඒමට උත්සාහ කරමින් සිටී. එනිසාම ඔහුට වේලාසනින් දැවීයාමට ඇති ඉඩකඩ වැඩිය.

ආරම්භක පිතිකරුවකු නොවන පිතිකරුවකුට නව පන්දුවට මුහුණදීමේ දී වැඩි ආයාසයක් දැරීමට සිදුවනු ඇත. කිසියම් පිතිකරුවකු ලකුණු අතරේ නොසිටින්නේ නම් එය වඩාත් අසීරු වන නමුත් එයින් මිදීමේ අවස්ථාව ඇත්තේත් ඔහුටම මිස වෙනත් අයකුගේ තීරණය මත නොවේ.

ලකුණු පුවරුවේ පීඩනය අහමඞ්ගේ මනසට වදින තුරුම පාකිස්තානය සිටියේ තරගයට හොඳින් අවතීර්ණ වෙමිනි. ඉතා හොඳින් පිත්ත හසුරුවමින් සිටි අහමඞ් ශෙෂාඞ් අවසානයේ දී ගැසුවේ කළබලකාරී පහරකි.

උමර් අක්මාල් සහ ෂොයිබ් මක්සූඞ් ලකුණු නොලබා දැවීයාමෙන් පසුව පාකිස්තානයේ ජයග‍්‍රහණයට ප‍්‍රාතිහාර්යයක් අවශ්‍ය විය. මිස්බාගේ ලකුණු 76 හුදෙක් පරාජයේ ලකුණු පරතරය අවම කරගැනීමක් පමණක්ම විය.

එක් අතකින් පාකිස්තානය ලෝක කුසලාන තරගමාලාව ආරම්භයේ දීම අසරණ වීම හොඳය. 1992 තරගමාලාවේ දීත් අප පිට පිට තරග තුනක් පරාජයට පත්වූ බව මතක තබාගත යුතුය. එහි දීද අපි ඉන්දියාවට පරාජය වීමු. එහෙත් අවසානයේ ලෝක කුසලානය අප සතුවිය.

දැන් පාකිස්තාන කණ්ඩායම වෙතින් පීඩනය ඉවත්වී හමාරය. දැන් ඔවුන් මූලික තරගවටයේ ඉතිරි තරග කිහිපය ගැන සිත යොමු කළ යුතුය.

කළ යුතු දෙය වන්නේ ලකුණු අතරේ නොසිටින කී‍්‍රඩකයන්ට ඉඩ නොදී විශේෂඥ කී‍්‍රඩකයන් සමග නිවැරැුදි සංයුතියකින් යුත් කණ්ඩායමක් කී‍්‍රඩා කරවීමය. පුද්ගලයන් නොව පාකිස්තානය පෙරට තබා කී‍්‍රඩා කළ යුතුව ඇත.

- අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ නිල වෙබ් අඩවිය ඇසුරිනි


අදහස් (3)

මේ මොන විකාරයක්ද

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.