Last Update  :  2025-08-11 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මුරලි - කෝලි දශකයේ ක්‍රීඩකයෝ

මුරලි - කෝලි දශකයේ ක්‍රීඩකයෝ

editorial - 2021 අප්‍රේ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වසර 130 කට වැඩි ඉතිහාසයක් හිමි, සුප්‍රකට විස්ඩන් සඟරාව විසින් 2010 දශකයේ එක්දින ක්‍රිකට් ක්‍රිඩකයා ලෙස ඉන්දියානු නායක විරාට් කෝලි නම්කර ඇත. 1971 සිට 2021 දක්වා සෑම දශකයක් සඳහාම විස්ඩන් සඟරාව විසින් ක්‍රීඩකයකු බැගින් නම්කර තිබේ. එහිදී විසි එක්වැනි සියවසේ (වසර 2000 න් පසුව) පළමු දශකයේ ක්‍රීඩකයා ලෙසින් තෝරාගනු ලැබ ඇත්තේ ශ්‍රී ලංකා පිලේ හිටපු දඟ පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන්ය.

මෙම දශකය ආරම්භයේදී පැවැති ලෝක කුසලාන (2011) දිනාගත් ඉන්දීය කණ්ඩායමේ සාමාජිකයකුද වන විරාට් කෝලී සියලුම ආකෘතීන්හී දක්ෂතා දැක්වූ පිතිකරුවෙකි.

විශේෂයෙන් ඔහු එක්දින තරගවලදී සුවිශේෂී දක්ෂතා දැක්වීය. ඔහු දස වසරක කාලය තුළ ලකුණු 11,000 කට වඩා ලබා ගත් අතර, ඉනිමකදී 60.00 ට වැඩි සාමාන්‍යයක් රඳවාගෙන ඇත. ඊට ශතක 42 ක් ද ඇතුළත්වේ.

මුත්තයියා මුරලිදරන් 2000 දශකයේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස නම් කර ඇත්තේ සුවිශේෂී හේතු කිහිපයක් ඇතිවය. වසර 2003 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරගයේදීත් ක්‍රීඩා කළ මුරලිදරන්, 2007 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගය සහ 2009 විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගය දක්වාත් ශ්‍රී ලංකා කණ්ඩායම රැගෙන යාම සඳහා විශාල දායකත්වයක් දැරීය. 2000 පළමු දශකය තුළ ඔහු කඩුලු 335 ක් ලබා ගෙන ඇත. ඒ අනුව දශකයක් තුලදී, පන්දු යවන්නකු දවාගත් වැඩිම කඩුලු සංඛ්‍යාවේ වාර්තාවද මුත්තයියා මුරලිදරන් සතුවේ.

ඉන්දියානු පිතිකරු සචින් තෙන්ඩුල්කාර් සහ තුන් ඉරියව් ක්‍රීඩක කපිල් දේව් 1990 සහ 1980 දශකයන්හි එක්දින ක්‍රිකට් ක්‍රීඩකයන් ලෙස නම් කර තිබේ. තෙන්ඩුල්කාර් 1998 දී පමණක් එක්දින ශතක 9 ක් රැස් කළ අතර එය එක් වසරක් තුළ මෙතෙක් පිතිකරුවකු ලබා ඇති වැඩිම ශතක සංඛ්‍යාවද වන්නේය.

1980 ගණන්වල අන් කවරකටත් වඩා කඩුලු ලබා ගත් පන්දු යවන්නා කපිල් දේව්, ලකුණු 1000 ට වඩා ලබා ගත් පිතිකරුවන් අතර ඉහළම ප්‍රවේගයක් සහිත (පන්දු 100 කදී වැඩිම ලකුණු රැස්කිරිමේ පිතිකරුවා) වීමේ වාර්තාවද හිමිකරගෙන සිටී. 1983 ලෝක කුසලාන තරගාවලියේදී බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව විශිෂ්ට ජයක් ලැබූ ඉන්දීය කණ්ඩායම මෙහෙය වූයේද කපිල් දේව් විසිනි.

බටහිර ඉන්දීය කොදෙව් පිතිකරුවන් අතර අති විශිෂ්ටයකු වන ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් 1970 දශකයේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස නම් කරන ලදී. බටහිර ඉන්දීය කොදෙව් ආධිපත්‍යය පැතිරවූ පළමු දශකය තුළදී පැවැති ලෝක කුසලාන අවසන් මහා තරගයේදී රිචර්ඩ්ස් ශතකයක් රැස් කරමින් 1975 සහ 1979 වසරවල ලෝක කුසලාන කොදෙව් පිලට දිනා දීමට මහ මෙහෙයක් කළේය.

 - 2079

 


අදහස් (0)

මුරලි - කෝලි දශකයේ ක්‍රීඩකයෝ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.