Last Update  :  2026-01-02 20:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මුරලි, වෝන්, සචින්, ලාරා 5 දා ලෝඞ්ස් පිටියේ

මුරලි, වෝන්, සචින්, ලාරා 5 දා ලෝඞ්ස් පිටියේ

ශනුක අරවින්ද - 2014 මැයි මස 28 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

ලෝක ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ වඩාත් ගෞරවයක් හිමිකරගෙන ඇති ක‍්‍රීඩාගංණය වන එංගලන්තයේ ලෝඞ්ස් ක‍්‍රීඩාංගණයට වසර 200 ක් සම්පූර්ණ වීම වෙනුවෙන් එම ක‍්‍රීඩාංගණය අයිති මාර්ලිබෝන් ක‍්‍රිකට් සමාජය සංවිධානය කරන විශේෂ ක‍්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා පිලේ හිටපු සුපිරි දඟ පන්දු යවන්නා වූ මුත්තයියා මුරලිදරන් ලෝක කණ්ඩායමට ක‍්‍රීඩා කිරීමට තෝරාගෙන තිබේ.

මර්ලිබෝන් ක‍්‍රිකට් සමාජ කණ්ඩායම සහ ලෝක ක‍්‍රිකට් කණ්ඩායම අතර මෙම විශේෂ තරගය ජුනි මස 5 වැනිදා පැවැත්වේ. මාර්ලිබෝන් ක‍්‍රිකට් සමාජ පිලේ නායකයා ලෙස ඉන්දීය හිටපු සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර් කටයුතු කරන අතර එම කණ්ඩායමට ඉහළතම ටෙස්ට් ඉනිම වාර්තාවට හිමිකම් කියන කොදෙව් හිටපු සුපිරි පිතිකරු බ‍්‍රයන් ලාරා ද ඇතුළත්ව සිටියි.

ලෝක ක‍්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස  ඕස්ටේ‍්‍රලියානු පිලේ හිටපු සුපිරි පා දඟ පන්දු යවන්නා වූ ෂේන් වෝන් කටයුතු කරන අතර ලෝක ටෙස්ට් ක‍්‍රිකට් පිටියේ වැඩිම කඩුලූ ලාභින් වන මුරලිදරන් සහ ෂේන් වෝන් එක කණ්ඩායමේ ක‍්‍රීඩා කරති.

මාර්ලිබෝන් ක‍්‍රිකට් සමාජය 1787 වසරේ ආරම්භ කර ඇති අතර එය වසර 1814 දී වත්මන් ලෝඞ්ස් කී‍්‍රඩාංගණය පිහිටි පෙදෙසට ගෙනැවිත් තිබේ. එකල එහි හිමිකරු වූයේ තෝමස් සාමිවරයායි. වසර 40 ක පමණ කාලයක සිට එංගලන්ත කි‍්‍රකට් කී‍්‍රඩාවේ පාලනාධිකාරිය මාර්ලිබෝන් කි‍්‍රකට් සමාජයෙන් ගිළිහී තිබෙන නමුත් අදටත් ක‍්‍රිකට් කී‍්‍රඩාවේ නීති රීති සහ රෙගුලාසි සකස් කිරීමේ කාර්යේ මාර්ලිබෝන් ක‍්‍රිකට් සමාජය නිරතව සිටියි.  

මර්ලිබෝන් ක‍්‍රිකට් සමාජ කණ්ඩායම:
සචින් තෙන්ඩුල්කාර් (නායක - ඉන්දියාව), සයිඞ් අජ්මාල් (පාකිස්තානය), ශිවනරින් චන්ද්‍රපෝල් (බ.ඉ.කො.), රාහුල් ද්‍රාවිඞ් (ඉන්දියාව), ඒරන් ෆින්ච් ( ඕස්ටේ‍්‍රලියාව), උමාර් ගුල් (පාකිස්තානය), බ‍්‍රයන් ලාරා (බ.ඉ.කො.), බ්‍රෙට් ලී ( ඕස්ටේ‍්‍රලියාව), ක‍්‍රිස් රෙඞ් (එංගලන්තය), ෂොන් ටේට් ( ඕස්ටේ‍්‍රලියාව) සහ ඩැනියල් විටෝරි (නවසීලන්තය)

ලෝක ක‍්‍රිකට් කණ්ඩායම:
ෂේන් වෝන් (නායක -  ඕස්ටේ‍්‍රලියාව), සහිඞ් අෆ්රිඩි (පාකිස්තානය), ටීනෝ බෙස්ට් (බ.ඉ.කො.), පෝල් කොලින්වුඞ් (එංගලන්තය), ඇඩම් ගිල්ක‍්‍රිස්ට් ( ඕස්ටේ‍්‍රලියාව), තමීම් ඉක්බාල් (බංග්ලාදේශය), මුත්තයියා මුරලිදරන් (ශ්‍රී ලංකාව), කෙවින් පීටර්සන් (එංගලන්තය), විරේන්ද්‍ර සෙවැග් (ඉන්දියාව), පීටර් සිඞ්ලි ( ඕස්ටේ‍්‍රලියාව) සහ යුවරාජ් සිං (ඉන්දියාව)

- 048

 


අදහස් (2)

මුරලි, වෝන්, සචින්, ලාරා 5 දා ලෝඞ්ස් පිටියේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.