Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඩේවිඩ් වෝනර් පැත්තකට කරමින් ප්‍රහාරයේ වගකීම බාරගත් ජොනී බෙයාර්ස්ටෝ පන්දු 22 කින් ලකුණු 43 ක් ලබාගත්තේ හතරේ පහර 3 ක් සහ හයේ පහර 4 ක් සිය ඉනිමට ඇතුළත් කරමිනි. ඩේවිඩ් වෝනර්ද (පන්දු 34 කදී ලකූණු 36 ක්) නිකම් සිටියේ නැති නමුත් සන්රයිසස් පිලේ මැද පෙළ පිතිකරුවන්ගේ අසාර්ථක වීම හේතුවෙන් අද පැවැති අයි.පී.එල්. තරගයේදී මුම්බායි ක්‍රීඩකයෝ ලකුණු 13 ක තියුණු ජයක් ලබාගනිමින් සුපුරුදු ජය මාවතට අවතීර්ණ වූහ.
මෙම තරගය අද (සෙනසුරාදා) චෙන්නායිහි එම්.ඒ. චිදම්බරම් ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.
ලකුණු 151 ක ඉලක්කයක් හඹා ගිය සන්රයිසස් පිලට ඕවර 19.4 කදී ලබාගත හැකිවූයේ ලකුණු 137 ක් පමණි. මෙය මුම්බායි පිල තරග 3 කදී ලබාගත් දෙවැනි ජයග්‍රහණයයි.
ඉලක්කය පහසු එකක් වූ බැවින් සන්රයිසස් පිල කලබලයකින් තොර ගමනක යෙදුණද මුම්බායි පන්දු යවන්නෝ 15 වැනි ඕවරයේදී ග්‍රහණය දැඩි කළහ. පන්දු 23 ක් ඇතුළත කඩුලු 4 ක් දවාගත් රාහුල් චහාර් සහ ටේරන්ට් බෝලට් දෙදෙනා සමග එක්වූ ජස්ප්‍රීට් බුම්රා, ලකුණු 102/3 සේ තිබූ ලකුණු පුවරුව 134/8 ලෙසින් වෙනස් කළහ. ජයග්‍රහණය සඳහා අවසන් පන්දු 12 දී ලකුණු 21 ක් අවශ්‍ය වූ නමුත් පසුපෙල පිතිකරුවන්ට ඒ අභියෝගය කරා යා නොහැකි විය. අවසන් පිතිකරුවන් දෙදෙනාට වගකීමට ටේරන්ට් බෝල්ට්ට අපහසු නොවීය.
රෝහිත් ෂර්මා සහ ක්වින්ටින් ඩි’කොක් දෙදෙනාගෙන් සාර්ථක ආරම්භයක් ලද නමුත් සන්රයිසස් පන්දු යවන්නන්ගේ පීඩනයට ගොදුරු වූ මුම්බායි පිතිකරුවන්ට නියමිත ඕවර 20 අවසානයේදී කඩුලු 5 ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 150 ක් පමණි.
කාසියේ වාසිය දිනාගත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 39 කදී ලකුණු 55 ක් එක්කිරීමට ක්වින්ටින් ඩි’කොක් සහ රෝහිත් ෂර්මා සමත් වූහ. ලකුණු 98 දී ඩි’කොක් දැවී යාමෙන් පසුව මුම්බායි පිලේ ලකුණු ගලාඒම අඩාල වූයේ සූර්යකුමාර් යාදව්ද ඒ වන විටත් ආපසු ක්‍රීඩාගාරයට ගොස් සිටි බැවිනි.
සන්රයිසස් දඟ පන්දු යවන්නන් හමුවේ ඉෂාන් කිෂාන් දැඩිසේ අසරණ වූයේය. රෂීඩ් ඛාන් සිය ඕවර 4 ම ලකුණු 22 කට සීමා කරද්දී පන්දු 22 කට මුහුණ දී සිටි ඉෂාන් කිෂාන් ලබා සිටියේ ලකුණු 12 ක් පමණි. ඉෂාන් මුහුණ දුන් පන්දු 9 ක් ම නිලකුණු පන්දු ලෙසින් සටහන් විය.
අවසානයට පන්දු 8 ක් පමණක් ඉතිරිව තිබියදී හර්දික් පාණ්ඩ්‍යා දැවී යන විටත් මුම්බායි ලකුණු පුවරුවේ සටහන් වූයේ 131 කි. එහෙත් අවසන් මොහොතේදී දඩිබිඩි පහර කිහිපයක් ගැසූ කිරන් පොලාර්ඩ් පන්දු 22 කින් ලකුණු 35 ක් ලබාගැනීම නිසා මුම්බායි ක්‍රීඩකයෝ ලකුණු 150 සීමාව පැනගත්හ.
මුම්බායි ඉනිමේ පන්දු 120 කින් පන්දු 49 ක් ම නිලකුණු පන්දු ලෙසින් සටහන් විය.
අද තරගයේදී අර්ධශතකයක් ලබාගත හැකිවුවහොත් අයි.පී.එල්. අර්ධ ශතක 50 ක් ලබාගන්නා පළමු ක්‍රීඩකයා වශයෙන් හයිද්‍රාබාද් නායක ඩේවිඩ් වෝනර් ඉතිහාසගතවීමේ අවස්ථාවක් තිබූ නමුත් වෝනර්ට ඒ වෙනුවෙන් තවත් දිනයක් එළැඹෙන තෙක් බලා සිටීමට සිදුවනු ඇත. අයි.පී.එල්. තරග 145 කට ක්‍රීඩා කර ඇති වෝනර් මේ දක්වා අර්ධ ශතක 49 ක් ලබා සිටී. ඔහුගේ ආසන්නතම තරගකරුවා වන්නේ අයි.පී.එල්. තරග 178 කදී අර්ධ ශතක 42 ක් ලබාගත් ෂිකාර් ධවාන්ය.
අද දවසේදී දිගු ඉනිමක් බලාපොරොත්තුවෙන් සිටි මුම්බායි නායකයා ලබාගත හැකිවූයේ ලකුණු 32 කි. ඒස මගින් අයි.පී.එල්. ලකුණු 5324 ක් ලබාගත් රෝහිත් ෂර්මා අයි.පී.එල්. ඉතිහාසයේ වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවන් අතර තුන්වැනි ස්ථානය හිමිකරගත්තේය. ඔහුට ඉදිරියෙන් සිටින්නේ සුරේෂ් රයිනා (5430) සහ විරාට් කෝලි (5944) පමණි.
මුම්බායි ඉන්දියන්ස් - ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී 150 යි
(ක්වින්ටින් ඩි‘කොක් 40, රෝහිත් ෂර්මා 32, සුර්යකුමාර් යාදව් 10, ඉෂන් කිෂාන් 12, කිරන් පොලාර්ඩ් නොදැවී 35, මුජිබුර් රහමන් 29/2, විජේ ශංකර් 19/2)
සන්රයිසස් හයිද්‍රාබාද් - ඕවර 19.4 කදී සියලු දෙනා දැවී 137 යි
(ඩේවිඩ් වෝනර් 36, ජොනී බෙයාර්ස්ටෝ 43, විරාට් සිං 11, විජේ ශංකර් 28, ට්‍රෙන්ට් බෝල්ට් 28/3, රාහුල් චහාර් 19/3)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.