Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ 51 වැනි තරගය ලෙස ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතර මුම්බායිහිදී අද (6 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 5 ක තියුණු ජයක් වාර්තා කිරීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් විය. මේ දක්වා තරග 10 කට සහභාගි වී සිටින මුම්බායි කණ්ඩායම එහිදී ලැබූ දෙවැනි ජය මෙය විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 178 ක ඉලක්කයක් හඹාගිය ගුජරාට් කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 172 ක් පමණි. තරගය ජයගැනීම සඳහා ගුජරාට් කණ්ඩායමට අවසන් ඕවරයේදී ලකුණු 9 ක් රැස්කිරීමට සිදුවුවත්, එම ඕවරය ලකුණු 3 කට සීමා කළ ඩැනියෙල් සෑම්ස් මුම්බායි කණ්ඩායම ජයග්‍රහණය කරවීය.
ආරම්භක පිතිකරුවන් වූ රිධිමන් සාහා (55) සහ ශුබ්මන් ගිල් (52) පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 73 කදී ලකුණු 106 ක සම්බන්ධතාවක් ගොඩනැගූ නමුත් ගුජරාට් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑම සඳහා එම සම්බන්ධතාව ප්‍රමාණයත් නොවීය. ඔවුන් දෙදෙනාම හයේ පහර 2 කින් සහ හතරේ පහර 6 කින් සිය අර්ධ ශතක සැරසූහ.
පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 177 ක් ලබාගත් අතර එහිදී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ ටිම් ඩේවිඩ් පන්දු 21 කින් නොදැවී ලකුණු 44 ක් රැස්කළේ හයේ පහර 4 ක් සහ හතරේ පහර 2 ක් සමගිනි.
නායක රෝහිත් ශර්මා (43) සහ ඉෂාන් කිෂන් (45) එක්ව මුම්බායි ඉනිමේ ආරම්භක කඩුල්ල වෙනුවෙන් පන්දු 45 කදී ලකුණු 74 ක සම්බන්ධතාවක් ගොඩනැගූහ. පන්දු 28 කදී වාර්තා වූ ශර්මාගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් වූ අතර පන්දු 29 කදී වාර්තා වූ කිෂන්ගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 5 කින් සමන්විත විය.
මුම්බායි ඉන්දියන්ස් පිල - ඕවර 20 කදී කඩුලු 6 කට 177
(ඉෂාන් කිෂන් 45, රෝහිත් ශර්මා 43, තිලක් වර්මා 21, ටිම් ඩේවිඩ් නොදැවී 44, රෂීඩ් ඛාන් 24/2)
ගුජරාට් ටයිටන්ස් පිල - ඕවර 20 කදී කඩුලු 5 කට 172
(රිධිමන් සාහා 55, ශුබ්මන් ගිල් 52, හර්දීක් පාණ්ඩ්‍යා 24, ඩේවිඩ් මිලර් නොදැවී 19, මුරුගන් අෂ්වින් 29/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.