Last Update  :  2025-07-22 18:03:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මිලර්ගේ පිතිහරඹයෙන් ගුජරාට් පිල අවසන් තරගයට
අයි.පී.එල්. - 2022

මිලර්ගේ පිතිහරඹයෙන් ගුජරාට් පිල අවසන් තරගයට

editorial - 2022 මැයි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට එරෙහිව කොල්කටාහි ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේදී අද (24 වැනිදා) පැවැති පළමු අවසන් පූර්ව තරගයෙන් කඩුලු 7 ක ජයක් ලැබූ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහ තරගයෙට සුදුසුකම් ලබාගත් පළමු කණ්ඩායම බවට පත්විය.  ‍

මෙම තරගයේදී පරාජයට පත්වුවද, රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම තරගාවලියෙන් ඉවත් ‍නොවන අතර අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට සඳහා ඔවුන්ට තවත් අවස්ථාවක් හිමිවනු ඇත. ඒ සඳහා ඔවුන් පිළිමළුන් පිටුදැකීමේ තරගයේ ජයග්‍රාහකයන්ට එරෙහිව පැවැත්වෙන දෙවැනි අවසන් පූර්ව තරගය ජයගත යුතුය.

ජයග්‍රහණය සඳහා ලකුණු 189 ක ඉලක්කයක් හඹාගිය ගුජරාට් කණ්ඩායම පන්දු 3 ක් ඉතිරිව තිබියදී කඩුලු 3 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය. වේගවත් පිතිහරඹයක නිරත වූ ඩේවිඩ් මිලර් පන්දු 38 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 68 ක් රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.

තරගය ජයගැනීම සඳහා ප්‍රසිධ් ක්‍රිෂ්ණා යැවූ අවසන් ඕවරයේදී ලකුණු 16 ක් රැස්කිරීමට ගුජරාට් ක්‍රීඩකයන්ට සිදුවූ අතර එම ඕව‍රයේ මුල් පන්දු 3 ටම පිට පිට හයේ පහර 3 ක් එල්ල කළ මිලර් ඉතා පහසුවෙන්ම සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේ තරගයේ වීරයා බවටද පත්වෙමිනි.

නායක හර්දීක් පාණ්ඩ්‍යා (නොදැවී 40) සමග එක්ව ‍සිවුවැනි කඩුල්ල‍ වෙනුවෙන් පන්දු 61 කදී ලකුණු 106 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනැගීමටද මිලර් සමත් විය. පන්දු 27 කදී වාර්තා වූ පාණ්ඩ්‍යාගේ ඉනිම හතරේ පහර 5 කින් සමන්විත විය. ආරම්භක පිතිකරු ශුබ්මන් ගිල් පන්දු 21 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 35 ක්ද, මැතිව් වේඩ් පන්දු 30 කදී හතරේ පහර 6 ක් සමග ලකුණු 35 ක්ද රැස්කරමින් ගුජරාට් කණ්ඩායමේ ජයග්‍රහණයට දායකත්වය සැපයූහ.

පළමුවෙන් පන්දුවට පහරදුන් රාජස්ථාන් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 188 ක් ලබා ගත්තේය. රාජස්ථාන් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ජොස් බට්ලර් පන්දු 56 කින් ලකුණු 89 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 12 ක් සමගිනි. ‍

නායක සංජු සැම්සන් (47) සමග එක්ව රාජස්ථාන් ඉනිමේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 47 කදී ලකුණු 68 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද බට්ලර් සමත් විය. පන්දු 26 කට මුහුණදුන් සැම්සන්ගේ ඉනිම හයේ පහර 3 කින් සහ හතරේ පහර 5 කින් සමන්විත විය. දෙව්දූත් පඩික්කල් පන්දු 20 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 28 ක් රැස්කළේය.

රාජස්ථාන් රෝයල්ස් පිල - ඕවර 20 කදී කඩුලු 6 කට 188
(ජොස් බට්ලර් 89, සංජු සැම්සන් 47, දෙව්දූත් පඩික්කල් 28)

ගුජරාට් ටයිටන්ස් පිල - ඕවර 19.3 කදී කඩුලු 3 කට 191
(ශුබ්මන් ගිල් 35, මැතිව් වේඩ් 35, හර්දීක් පාණ්ඩ්‍යා නොදැවී 40, ඩේවිඩ් මිලර් නොදැවී 68)

-036 


අදහස් (0)

මිලර්ගේ පිතිහරඹයෙන් ගුජරාට් පිල අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.