Last Update  :  2025-09-14 23:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මැලේසියානු ලීග් වොලිබෝල් තරගාවලියට ශ්‍රී ලංකාවෙන් 5 ක්

මැලේසියානු ලීග් වොලිබෝල් තරගාවලියට ශ්‍රී ලංකාවෙන් 5 ක්

editorial - 2022 පෙබ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මැලේසියාවේදී පැවැත්වෙන මැලේසියානු ලීග් වොලිබෝල් තරගාවලියට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 5 දෙ⁣නකුට අවස්ථාව හිමිව තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා ජාතික වොලිබෝල් කණ්ඩායමේ අයේශ් පෙරේරා, මහේල ඉන්දීවර සහ තරුශ චමත්ද ජාතික  කනිෂ්ඨ කණ්ඩායමේ කවිඳු පබසර සහ රෙහාන් මදුසංකද ඉකුත්දා  මැලේසියාව බලා පිටත්ව ගියහ.

මෙම තරගාවලියේදී අයේශ්, මහේල සහ තරුශ මැලේසියාවේ සිලැන්ගර් ලියාන්  කණ්ඩායම නියෝජනය කරති. පබසර සහ රෙහාන් මැලේසියානු ලීග් තරගාවලියට සහභාගි වන පුත්‍රජායා හෝක්ස්  කණ්ඩායමට ක්‍රීඩා කරයි. 

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය මැලේසියානු වොලිබෝල් සංගමය සමග පැවත්වූ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙම තරගාවලිය සදහා ගිවිසුම් ගත වීමට ශ්‍රී ලංකා  ක්‍රීඩකයන්ට අවස්ථාව හිමිව තිබේ.

මර්තු මස 8 වැනිදා සිට 13 වැනිදා දක්වා කණ්ඩායම් 8 ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ ජයග්‍රාහකයන් අතර බෙදාදීමට නියමිත මුලු ත්‍යාග මුදල ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 20 ක් පමණ වේ. 

මෙම තරගාවලියේ ශූරයන් සඳහා මැලේසියානු රුපියා ලක්ෂයක්ද, අනු ශූරතාව සඳහා මැලේසියානු රුපියා 50,000 ක් ද පිරිනැමීමට නියමිතය. මැලේසියානු රුපියා එකක් ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් 48 ක් ඉක්මවයි. 

-123


 

මහේල ඉන්දීවර

තරුෂ චමත්

කවිදු පබසර

රෙහාන් මදුසංක

ඡායාරූප අනුග්‍රහය - ශ්‍රී ලංකා වොලිබෝල් නිල ෆේස්බුක් පිටුවෙනි.


අදහස් (0)

මැලේසියානු ලීග් වොලිබෝල් තරගාවලියට ශ්‍රී ලංකාවෙන් 5 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.