Last Update  :  2024-05-01 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මැරතන් තරගයෙන් රිදී පදක්කම් දෙකක්

මැරතන් තරගයෙන් රිදී පදක්කම් දෙකක්

ශනුක අරවින්ද - 2016 පෙබ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියාවේදී දැන් පැවැත්වෙන 12 වැනි දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ අටවැනි දිනය වන අද (12) පැවැති මැරතන් තරගයේ රිදී පදක්කම දිනා ගැනීමට ශ‍්‍රී ලංකා ක‍්‍රීඩක අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ සමත්විය. ශ‍්‍රී ලංකාව මැරතන් ක‍්‍රීඩිකා නිලූකා ගීතානී රාජසේකර ට කාන්තා තරගයේදී හිමි වුයේ රිදී පදක්කමයි.

ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ මැරතන් තරග මෙන්ම විදෙස් තරග ජයග‍්‍රාහණ ලබා සිටි ඉන්ද්‍රජිත් කුරේ, ඇසෑම් සාග් ක‍්‍රීඩා උළෙලේ රන් පදක්කමක් පිළිබ`දව ශ‍්‍රී ලංකාව වැඩි අපේක්ෂාවක් තැබු තවත් ක‍්‍රීඩකයෙකි.

තරගයේදී ඉන්ද්‍රජිත් කුරේ සහ ඉන්දීය ක‍්‍රීඩක නිතේන්ද්‍රර් සිං රාවට් රන් පදක්කම දිනා ගැනීම ස`දහා අවසන් තත්පරය තෙක් තියුණු සටනක් ලබාදුන්න ද රන් පදක්කම ශ‍්‍රී ලංකාව වෙතින් ගිලිහී ගියේය.

ඉන්ද්‍රජිත් කුරේ තරගය අවසන් කිරීමට පැය 2. විනාඩි 15. 19 ක කාලයක් වාර්තා කළ අතර රන් පදක්කම් ලාභී ඉන්දිය ක‍්‍රීඩක නිතේන්ද්‍රර් සිං රාවට් වාර්තා කළ කාලය පැය 2. විනාඩි 15.18 කි.

ඉන්දියාවට මෙහි ලෝකඩ පදක්කම ද හිමි විය. ශ‍්‍රී ලංකාවෙන් තරගයට සහභාගි වු අමිල කුමාර සිවුවැනි ස්ථානයට පත්විය.

මැරතන් කාන්තා තරගයේදී ගීතානී රාජසේකර පැය 2. විනාඩි 50.47 ක කාලයකින් තරගය නිමකළාය. ජී.එල්. අනුරාධී (පැ 2. වි.52.15) එහි ලෝකඩ පදක්කම ශ‍්‍රී ලංකාවට හිමිකර දුන්නාය. ඉන්දියාවේ කවීතා රාවුට් (පැය 2.වි.38.38) රන් පදක්කම දිනා ගත්තාය.

-090

 


අදහස් (0)

මැරතන් තරගයෙන් රිදී පදක්කම් දෙකක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.