Last Update  :  2025-08-13 19:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මැතිව්ස්ට දකුණු අප්‍රිකානු සංචාරය අහිමි වෙයි

මැතිව්ස්ට දකුණු අප්‍රිකානු සංචාරය අහිමි වෙයි

යොහාන් භාසුර - 2020 දෙසැ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 


 
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයා වන ඇන්ජලෝ මැතිව්ස් ආබාධයකට ලක්වීම නිසා මේ මාසයේදී ආරම්භ වන දකුණු අප්‍රිකානු තරග සංචාරය අහිමිවන බව ශ්‍රී ලංකා ජාතික තේරීම් කමිටු නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.

සූරියවැවදී දැන් පැවැත්වෙන එල්.පී.එල්. තරගාවලියේ පෙරේදා (13) රාත්‍රී පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී කොළඹ කිංග්ස් පිලේ නායකත්ව දැරූ ඇන්ජලෝ මැතිව්ස් මස්පිඬුවේ ආබාධයකට ලක්ව තරගයෙන් ඉවත්ව සිටියේය. මැතිව්ස්ගේ ආබාධයේ තත්ත්වය පිළිබඳව භෞතචිකිත්සක වාර්තාව ඊයේ (14) පස්වරුවේ ලැබීමට නියමිතව තිබූණි.

“මැතිව්ස් ඊයේ රාත්‍රී ආබාධයකට ලක්වූ අවස්ථවේදී දැඩි වේදනාකාරී තත්ත්වයක හිටියේ. ඔහුට දකුණු අප්‍රිකානු සංචාරයට සහභාගි වෙන්න බෑ. මට හිතෙන්නේ ඔහු සති කීපයක් ප්‍රතිකාර ලැබිය යුතුයි...”

“අපේ සංචිතයේ ක්‍රීඩකයෝ 20 ක් ඉන්නවා. ඔහු වෙනුවට වෙනත් ක්‍රීඩකයෙක් ආදේශ කරන්න වෙයි” යැයි එම තේරීම් කමිටු නිලධාරියා වැඩි දුරටත් පැවසීය.

ඇන්ජලෝ මැතිව්ස් ඊයේ පස්වරුවේ සූරියවැව සිට කොළඹ පැමිණි අතර ඔහු අද (15) එම්.ආර්.අයි. ස්කෑන් පරීක්‍ෂණයකට සහභාගි වීමට නියමිතය. මැතිව්ස්ගේ ප්‍රකාශකයකු පැවසුවේ ඔහු අවසන් පූර්ව තරගයට පෙර තරගයේ සිට සු`ඵ වශයෙන් ආබාධිත තත්ත්වයෙන් පසු වූ බවයි.

“ඔහු මේ වන විට තරමක වේදනාකාරී තත්ත්වයක පසු වෙනවා. ඔහුට කොළඹ පෞද්ගලික රෝහලක ස්කෑන් පරීක්‍ෂණයකට සහභාගි වෙන්න තියෙනවා. ඉදිරි දින කීපයේදී එම පරීක්‍ෂණයට ඔහු සහභාගි වෙයි” යැයි එම ප්‍රකාශකයා වැඩි දුරටත් පැවසීය.

දකුණු අප්‍රිකානු සංචාරයට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයේ නායක දිමුත් කරුණාරත්න ඇතු`ඵ ක්‍රීඩකයෝ හත්දෙනෙක් ඊයේ පෙරවරුවේ කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පුහුණු සැසියකට ද සහභාගි වූහ.

එල්.පී.එල්. තරගාවලියෙන් පළමු වටයෙන් ඉවතට විසිවූ මහනුවර පිල නියෝජනය කළ ක්‍රීඩකයෝ සිව්දෙනෙක්ද එම පුහුණු සැසියට සහභාගි වූහ.ශ්‍රී ලංකා කණ්ඩායම මේ මස 18 වැනිදා දකුණු අප්‍රිකාව බලා පිටත්ව යෑමට නියමිතය.
 

 


අදහස් (0)

මැතිව්ස්ට දකුණු අප්‍රිකානු සංචාරය අහිමි වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.