Last Update  :  2025-08-05 19:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මැතිව්ස් සමුගැනීමට සැරසෙයි

මැතිව්ස් සමුගැනීමට සැරසෙයි

editorial - 2021 ජුලි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

(දමින්ද විජේසූරිය)
නැවත දන්වන තුරු ජාතික කණ්ඩායමේ වගකීම් වලින් තමන්ව නිදහස් කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දන්වා තිබේ. ඔහු ඒබ ව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතාට දැනුම් දී ඇතැයි ද වාර්තා වේ. 

මේ වන විට එක්දින සහ විස්සයි-20 තරග සඳහා තෝරාගෙන නොමැති බැවින් ඇන්ජලෝ මැතිව්ස් අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට සූදානම් වන බවද දැනගන්නට ඇත. ඒ සම්බන්ධයෙන් නිවේදනයක් ඉක්මනින්ම නිකුත් කිරීමට සූදානමින් සිටින බවත් අන්තර්ජාතික පිටියෙන් සමුගැනීම තමන්ගේ අභිප්‍රාය බවත් මැතිව්ස් සිය හිතවතුන්ට පවසා තිබේ. 

එංගලන්ත සහ බංග්ලාදේශ සංචාර සඳහා තෝරාගත් ශ්‍රී ලංකා කණ්ඩායමට ඇන්ජලෝ මැතිව්ස් ඇතුළු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් කිහිප දෙනකු තෝරා නොගැනිණ. එහෙත් බංග්ලාදේශයේදී මුහුණ දුන් දරුණු පරාජයෙන් පසුව ශ්‍රී ලංකා පුහුණුකරු මිකී ආතර් මහතා කීවේ ජ්‍යේඨ ක්‍රීඩකයන්ට ඕනෑම අවස්ථාවකදී නැවතත් එක්දින කණ්ඩායමට ඇතුළත් විය හැකි බවයි. 

ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තයේදී ඊටත් වඩා දරුණු පරාජයන් දෙකකට මුහුණ දුන්නේය. ශ්‍රී ලංකා පිල මේ වන විට පිට පිටම විස්සයි-20 අන්තර්ජාතික තරගාවලි 5 කින් පරාජය වී සිටින අතර එක්දින තරගාවලි 3 ක් පිට පිටම පරාජය වී තිබේ. 

වාර්ෂික කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දැක්වූ ප්‍රතිරෝධී ස්ථාවරයේම මැතිව්ස් ද සිටියේය. වාර්ෂික කොන්ත්‍රාත් සකස් කරන ලද ක්‍රමවේදය සහ එක් එක් ක්‍රීඩකයන් කාණ්ඩගත කරන ලද ආකාරය සම්බන්ධයෙන් වඩාත් විනිවිදභාවයෙන් යුත් විස්තරයක් අවශ්‍ය යයි කී ජාතික සංචිතයේ 35 ක් පමණ දෙනා වාර්ෂික ගිවිසුම් අත්සන් නොකළහ. එහෙත් ඔවුන් අතුරින් පිරිසක් එංගලන්ත සංචාරය සඳහා සහභාගි වූයේ සංචාර ගිවිසුම අත්සන් කරමිනි. 


අදහස් (0)

මැතිව්ස් සමුගැනීමට සැරසෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.