Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දුනීසියාවේ ජකාර්තා නුවරදී පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ අද (19 වැනිදා) පැවැති පිහිනුම් පිරිමි මීටර් 200 නිදහස් ආර ඉසව්ව සඳහා තරග වැදුණු මැතිව් අබේසිංහ සහ හරේන් නුගවෙල අවසන් වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට අපොහොසත් වූහ.
දෙවැනි මූලික වටයෙන් තරග වැදුණු හරේන් නුගවෙල විනාඩි 1:56:01 කදී පළමු වැන්නා ලෙස තරගය අවසන් කළ අතර තෙවැනි මූලික වටයෙන් තරග වැදුණු මැතිව් අබේසිංහ විනාඩි 1:50:97 කදී හයවැන්නා ලෙස තරගය නිම කිරීමට සමත්විය.
මූලික වටයේදී තරග වැදුණු සියලුම තරගකරුවන්ගේ සමස්ථ කාල ගණනය කිරීමේදී මැතිව් අබේසිංහ 12 වැනි ස්ථානයටත් හරේන් නුගවෙල 26 වැනි ස්ථානයටත් පත්වූහ.
පිරිමි මීටර් 200 සමනළ ආර ඉසව්ව සඳහා දෙවැනි මූලික වටයෙන් තරග වැදුණු චෙරන්ත ද සිල්වා විනාඩි 2:05:90 කදී සිවුවැනියා ලෙස තරගය නිමකළද සමස්ථ කාල ගණනයේදී ඔහුට හිමිවුයේ 14 වැනි ස්ථානයයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.