Last Update  :  2024-03-29 14:56:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මාලිංගට අලුත් තනතුරක්
ඕස්ට්‍රේලියානු සංචාරය

මාලිංගට අලුත් තනතුරක්

editorial - 2022 ජන මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එළඹෙන ඕස්ට්‍රේලියානු සංචාරයේදී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පන්දු යැවීමේ උපාය මාර්ගික පුහුණුකරු ලෙස හිටපු ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග මහතා පත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (26 වැනිදා) නිවේදනය කළේය.

විශේෂඥ පුහුණුකරුවෙකු ලෙස ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට සහය වන අතර, උපාය මාර්ගික සැලසුම් ක්‍රියාත්මක කිරීමට, ක්‍රීඩා පිටියේ උපායශීලී අවබෝධයක් සහ තාක්ෂණික විශේෂඥතාවක් ක්‍රීඩකයන්ට ලබා දිමට මාලිංග මහතා විසින් කටයුතු කරනු ඇත.

විශේෂයෙන්ම විස්සයි20 ආකෘතියේදී මාලිංග මහතා සතුව ඇති අතිවිශාල අත්දැකීම් සහ කීර්තිමත් පන්දු යැවීමේ ප්‍රවීණතාවය මෙම තරඟාවලියේදී කණ්ඩායමට ඉමහත් උපකාරයක් වනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විශ්වාස කරයි.

”අපට ඉතා දක්ෂ තරුණ පන්දු යවන්නන් කිහිප දෙනෙක් සිටිනවා. ඔවුන්ගේ දියුණුවට උපකාර කිරීමට, මගේ අත්දැකීම් සහ දැනුම බෙදාහදා ගැනීමට අවස්ථාව ලැබීම ගැන මම ඉතා සතුටට පත්වෙනවා,” යැයි මාලිංග පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තාක්ෂණික උපදේශක කමිටු නිර්දේශයකට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව විසින් මෙම පත්කිරිම සිදු කරන ලදී.

ලබන මස 1 වැනිදා සිට 20 වැනිදා දක්වා මෙම පත්වීම බලපැවැත්වේ.

- 2079

 


අදහස් (0)

මාලිංගට අලුත් තනතුරක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.