
(නාමල් පතිරගේ මාලේ නුවර සිට)
ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර මාලේ නුවරදී අද (10) පැවැති දකුණු ආසියානු පාපන්දු තරගාවලියේ මූලික වටයේ තරගයේදී මාලදිවයින් කණ්ඩායම ගෝල 1-0 ක් ලෙසින් ජයගත්තේය.
තරගයේ පළමු අර්ධය වන විට මාලදිවයින් කණ්ඩායම ගෝල 1-0 ක් ලෙසින් ඉදිරියෙන් සිටියේය.
මාලදිවයින් කණ්ඩායම වෙනුවෙන් 06 වැනි විනාඩියේදී අලි අශ්ෆාක් ජයග්‍රාහී ගෝලය ලබාගත්තේය.
තරගයේදී මාලදිවයින් ක්‍රීඩකයන් දැල වෙතට පා පහර 6 ක් ගැසූ නමුත් සාර්ථක වූයේ 1කි. එහෙත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට පන්දුව දැල වෙතට යොමුකළ හැකි වූයේ එක් අවස්ථාවකදී වුවත් එය අසාර්ථක විය. ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සිව් දෙනෙක් කහ කාඩ්පත් අවවාදය ලැබූහ.

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.