Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මාතර සිටි පිල යළිත් පෙරමුණ අල්ලාගනී
ශූරයන්ගේ කුසලාන පාපන්දු

මාතර සිටි පිල යළිත් පෙරමුණ අල්ලාගනී

editorial - 2022 අගෝ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ශූරයන්ගේ පාපන්දු තරගාවලියේ මේ දක්වා අපරාජිතව පසුවෙමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටි ‘‘ජාවාලේන්’’ කණ්ඩායම එහි දෙවැනි තැනට ඇද දැමූ පසුපෙළ කණ්ඩායමක් වන ගමනාගමන මණ්ඩල කණ්ඩායම දෙපිල අතර තරග ගෝල 1-1 කට සම කළේය.

එහෙත් රුපියල් මිලියනයක් ප්‍රදානය කරන ශූරතා කුසලානයට වඩාත්ම කිට්ටුවී සිටින සෙසු කණ්ඩායම වන මාතර සිටි අදියර – 10 තරගයකදී මාවනැල්ල සෙරන්ඩිබ් කණ්ඩායම පරාජයට පත් කිරීමත් සමග නැවත ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ අල්ලා ගැනීමට සමත් විය. 

ප්‍රබල ජාවාලේන් කණ්ඩායමට එහිදී තියුණු සටනක් දුන් ගමනාගමන ක්‍රීඩකයන් තරගාවලියේ අදියර – 10 තරග පෙළ නිමාවේ ප්‍රසාද ලකුණු සටහනේ පසුවන්නේ හත්වැනි ස්ථානයේය.

මෙම දෙපිලේ මෙතෙක් දස්කම් සැසඳීමේදී අපරාජිත ජාවාලේන් කණ්ඩායම තරග 10කදී අටක්ම ජය ලබා ලකුණු 26ක් රැස් කර සිටියි. කෙසේ වුවත් අදියර – 9 තරග පෙළ නිමාවේදී ජාවාලේන් ක්‍රීඩකයෝ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට තරම් ප්‍රබල තත්ත්වයක පසුවූහ.

අදියර 13 කින් නිමාවට පත්වන මෙවර තරගාවලියේ කුසාලන දිනාගැනීමට මාතර සිටි හා ‘ජාවාලේන්’ දෙපිල අතර අති තියුණු සටනක් නිර්මාණය වෙද්දී ඔවුන් දෙපිලටම ප්‍රතිවාදීන් හමුවේ තවත් තරග තුනකට බැගින් මුහුණ දීමට සිදුව තිබේ. ඒ අතර කුසලානයට තරග කරන මෙම දෙපිල මුණගැසෙන තරගය මෙහි තීරණාත්මක තරගය ලෙස හැඳින්විය හැකිය. 

තරග 69ක් නිමාවට පත්ව තිබියදී ඉතිරි අදියර තුනේදී තවත් තරග 21 ක් පැවැත්වීමට ඉතිරිව ඇත. අදියර – 10 දී පෙරමුණේම පසුවන මාතර සිටි කණ්ඩායම ඉතිරි තරග තුනම ජය ගත හැකිවන්නේ නම් කුසලාන සතුකර ගැනීමේ ඔවුන්ගේ වෑයම සාර්ථකවනු ඇත. 

කෙසේ වුවත් මේ දක්වා තරගාවලියේ අපරාජිතව පසුවන කණ්ඩායම් දෙක බවට පත්ව සිටින මාතර සිටි හා ජාවාලේන් යන කණ්ඩායම් දෙකටම ඉතිරිව තබෙන තරග ජය ගැනීම අතිශයින්ම තීරණාත්මකය. වරක් ශූරතාව පවා දිනූ අනුරාධපුර සොලිඩ් කණ්ඩායම මේ දක්වා තරගාවලියේ කිසිදු ජයග්‍රහනයක් ලබාගැනීමට අපොහොසත්ව සිටින එකම ක්‍රීඩා සමාජය බවට පත්ව සිටියි. 

තරග ප්‍රතිඵල

  • මීගමුව යූත් පිල විසින් කොළඹ නිව් ස්ටාර් පිල පරාජය කරන ලදී (2-1)
  • ජාවාලේන් පිල හා ගමනාගමන පිල අතර තරගය සමයි (1-1)
  • ක්‍රිස්ටල් පැලැස් පිල විසින් අනුරාධපුරය සොලිඩ් පිල පරාජය කරන ලදී (3-1)
  • කුරුණෑගල ෆෙලිකන්ස් පිල විසින් සෝන්ඩර්ස් පිල පරාජය කරන ලදී (2-0)
  • මොරගස්මුල්ල ක්‍රී.ස. පිල විසින් බේරුවල සුපර්සන් පිල පරාජය කරන ලදී (4-2)
  • මාතර සිටි පිල විසින් මාවනැල්ල සෙරන්ඩිබ් පිල පරාජය කරන ලදී (1-0)

අදහස් (0)

මාතර සිටි පිල යළිත් පෙරමුණ අල්ලාගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.