Last Update  :  2025-07-28 15:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මහේලට පුහුණු උපදේශක තනතුරක්
ක්‍රිකට්

මහේලට පුහුණු උපදේශක තනතුරක්

editorial - 2021 දෙසැ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වසරක කාල සීමාවක් සඳහා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම්හි පුහුණු උපදේශකවරයකු ලෙස මහේල ජයවර්ධන මහතා පත්කිරීමට ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය පියවර ගෙන තිබේ. ඔහුගේ මෙම පත්වීම ලබන වසරේ (2022) ජනවාරි මස 1 වැනිදා සිට කි‍්‍රයාත්මක වේ.

ඒ අනුව ලබන වසර පුරා ජයවර්ධන මහතා ජාතික කණ්ඩායම්වල සහ ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානයේ ක‍්‍රීඩකයන්ට මෙන්ම කළමනාකරණ කණ්ඩායම්වලටද උපාය මාර්ගික සහාය ලබා දෙනු ඇත. තවද ඔහු ලබන වසරේ බටහිර ඉන්දීය කොදෙව් දූපත්හිදී පැවැත්වෙන වයස 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමටද සිය සහයෝගය ලබා දෙනු ඇත.
 
”ලබන වසරේදී ශී‍්‍ර ලංකා කණ්ඩායමට ඉතාමත් කාර්ය බහුල තරග කාලසටහනක් ඇති බැවින් මහේල ජයවර්ධන මහතාගේ එක්වීම පිළිබඳව අපි මහත් සතුටට පත්වෙනවා. නිමාවට පත්වූ විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේදීත් ඔහු කණ්ඩායමට මිල කළ නොහැකි දායකත්වයක් ලබාදුන්නා.” යැයි ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පැවසීය.

”අනාගතයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට කී‍්‍රඩකයන් දායාද කරන වයස 19 න් පහළ කණ්ඩායම සහ ‘ඒ’ කාණ්ඩායම වැනි සංවර්ධන සංචිතවල කී‍්‍රඩකයන් සහ පුහුණුකරුවන් සමග එක්ව වැඩ කිරීමට ලැබුණ මෙම අවස්ථාව මම ඉතාමත් අගය කොට සලකනවා. මගේ ප‍්‍රධාන කාර්යය වන්නේ ඉදිරි වසර තුළ උපායමාර්ගික චින්තනය අනුව අපගේ ජාතික කණ්ඩායම්වල පුහුණුකරුවන්ට සහ සහායක කාර්ය මණ්ඩලවලට සහාය දැක්වීමයි.” සිය නව තනතුර සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහේල ජයවර්ධන මහතා කියා සිටියේය.

- 036


අදහස් (0)

මහේලට පුහුණු උපදේශක තනතුරක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.