Last Update  :  2025-07-29 20:42:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මහේල අයි.සී.සී ශ්‍රේෂ්ඨතමයන්ගේ ලැයිස්තුවට

මහේල අයි.සී.සී ශ්‍රේෂ්ඨතමයන්ගේ ලැයිස්තුවට

editorial - 2021 නොවැ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

හිටපු ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නායක මහේල ජයවර්ධන ක‍්‍රිකට් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ක‍්‍රීඩකයන්ගේ ලැයිස්තුවට ඇතුළත් කිරීමට ජාත්‍යන්තර ක‍්‍රිකට් සභාව තීරණය කර ඇත. මහේල ජයවර්ධනට අමතරව එංගලන්තයේ ජැනට් බි‍්‍රටින් සහ දකුණු අප‍්‍රිකාවේ ෂෝන් පොලොක් ක‍්‍රිකට් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ක‍්‍රීඩකයන්ගේ ලැයිස්තුවට එක්කර ඇත.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ දැවැන්තයෙකු වන මහේල ජයවර්ධන ජාත්‍යන්තර තරග 652 කට ක‍්‍රීඩාකර ඇති අතර ඊට ටෙස්ට් තරඟ 149 ක්, එක්දින තරඟ 448 ක් සහ විස්සයි20 තරඟ 55 ක් ඇතුළත් වේ.

නිර්භය ලෙස ලකුණු රැස් කළ දක්ෂ දකුණත් පිතිකරුවෙකු වන මහේල ශ‍්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් සහ එක්දින තරග සංඛ්‍යාවක් ක‍්‍රීඩා කළ ක‍්‍රීඩකයා ලෙස වාර්තා පොත් අතරට එක්වේ. ලොව වැඩිම ටෙස්ට් තරග සංඛ්‍යාවක් ක‍්‍රීඩාකළ ක‍්‍රීඩකයන් අතර 11 වැනි ස්ථානයේ පසුවන මහේල එක්දින ජාත්‍යන්තර තරග වලදී දෙවැනි වන්නේ ඉන්දියාවේ සචින් තෙන්ඩුල්කාර්ට (463) පමණි.

ශතක 34 ක් සහ අර්ධ ශතක 50 ක් සමගින් ටෙස්ට් ලකුණු 11814 ක් රැුස්කර ඇති මහේල ලොව වැඩිම ලකුණු රැුස්කළ පිතිකරුවන් අතර 9 වැනි ස්ථානයේ පසුවන්නේය. ශතක 19 ක් සහ අර්ධ ශතක 77 ක් සමගින් ලකුණු 12650 ක් රැස්කර ඇති මහේල ජාත්‍යන්තර එක්දින තරග ඉතිහාසයේ වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවන් අඅතර 5 වැනි ස්ථානයේ පසුවන්නේය.

ඔහුගේ ටෙස්ට් ශතක 34 අතර 2006 දී දකුණු අප‍්‍රිකාවට එරෙහිව ඔහුගේ සමීප මිතුරෙකු වන කුමාර් සංගක්කාර සමගින් වාර්තාගත ලකුණු 624 ක සම්බන්ධතාවය පැවැත්වීමේදී ලබාගත් ත‍්‍රිත්ව ශතකයද (374) ඇතුළත් වේ. ඔහු ලබාගත් එම ලකුණු 374 ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ඉතිහාසයේ පිතිකරුවකු ලබාගත් ඉහළ ලකුණු සංඛ්‍යාවද වන්නේය.

2007 සහ 2011 වසර වලදී දෙවතාවක් ක‍්‍රිකට් ලෝක කුසලානයන්හී අනුශූරතාවය හිමිවූ ශ‍්‍ර‍්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයකු වූ මහේල 2011 වසරේ පැවැති ක‍්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගයේදී ලකුණු 103ක් ලබාගත්තේය.

ක‍්‍රිකට් ලෝක කුසලානය මෙන්ම 2009 සහ 2012 දී පැවැති විස්සයි20 ක‍්‍රිකට් ලෝක කුසලානය දෙවතාවක් අහිමිවූ ශ‍්‍රී ලංකා කණ්ඩායමේද ඔහු සාමාජිකයකු වේ. නමුත් වසර ගණනාවක බලාපොරොත්තු ඉටුකරගනිමින් අවසානයේදී 2014 දී පැවැති විස්සයි20 ලෝක කුසලානය දිනා ගැනීමට මහේල ප‍්‍රමුඛ ශ‍්‍රී ලංකා කණ්ඩායමට සමත්විය. එම විස්සයි20 ලෝක කුසලානයේ අවසන් තරගයෙන් පසුව සගයන්ගේ උරහිස් මතින් පිටියෙන් ඉවතට ගිය ඔහුගේ විස්සයි20 ජාත්‍යන්තර තරග දිවිය අවසන් විය.

ඔහු ඊළඟ වසරේ පැවැති (2015) ලෝක කුසලාන තරගාවලියෙන් පසුව ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටියට සමුදුන්නේය.

- 2079


අදහස් (0)

මහේල අයි.සී.සී ශ්‍රේෂ්ඨතමයන්ගේ ලැයිස්තුවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.