Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රොෂාන් ගුණරත්න)
ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (10 වැනිදා) ආරම්භ වූ නැෂනල් සුපර් ලීග් තරගාවලියේ මහනුවර සහ කොළඹ කණ්ඩායම් අතර හයවන තරගයේ පළමු දිනයේ තරගය නතර කරන විට පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි කොළඹ කණ්ඩායම ලකුණු 28 කට කඩුලු 4 ක් අහිමිකර ගෙන සිටියේය. ඒ අනුව පන්දු යවන්නන්ගේ දැඩි පීඩනය හමුවේ මහනුවර කණ්ඩායම ලබාගත් ලකුණු සංඛ්‍යාවට වඩා තවත් ලකුණු 213 ක් පසු පසින් කොළඹ කණ්ඩායම සිටී.
අසිත ප්‍රනාන්දු කඩුලු 2 ක් ද, අෂීන් ඩැනියල් සහ සචිඳු කොළඹගේ කඩුල්ල බැගින් දවාගනිමින් කොළඹ කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවෝ මෙල්ල කිරීමට සමත්වූහ.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් මහනුවර කණ්ඩායමට සියලුදෙනා දැවී පළමු ඉනිම සඳහා රැස්කිරිමට හැකිවූයේ ලකුණු 241 ක් පමණි.
ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ ඕෂධ ප්‍රනාන්දු පළමු දිනයේ කැපී පෙනෙන පිතිකරුවා විය. පන්දු 154 ක් පුරා කඩුල්ලේ රැඳී සිටි ඕෂධ හයේ පහරක් සහ හතරේ පහර 15 ක් සමගින් ලකුණු 105 ක් ලබාගත්තේය.
කසුන් විදුර ලකුණු 43 ක් ලබාගත් නමුත් සෙසු පිතිකරුවන්ට ලකුණු අතරට පැමිණීමට කොළඹ කණ්ඩායමේ පන්දු යවන්නන්ගෙන් අවස්ථාවක් හිමි නොවූහ.
ප්‍රභාත් ජයසූරිය සහ ලක්ෂිත මනසිංහ කඩුලු 3 බැගින් ද, කසුන් රාජිත සහ නිසල තාරක කඩුලු 2 බැගින්ද දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
මහනුවර පළමු ඉනිම - සියලුදෙනා දැවී 241
(ඕෂධ ප්‍රනාන්දු 105, කමිඳු මෙන්ඩිස් 26, කසුන් විදුර 43, ප්‍රභාත් ජයසූරිය 47/3, ලක්ෂිත මනසිංහ 59/3, කසුන් රාජිත 43/2, නිසල තාරක 61/2)
කොළඹ පළමු ඉනිම - කඩුලු 4 ක් දැවී 28
(අසිත ප්‍රනාන්දු 12/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.