Last Update  :  2025-07-28 15:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මහනුවර සම අයිතිය ගුප්තා - ත්‍රිපාටීට
එල්.පී.එල්. - 2021

මහනුවර සම අයිතිය ගුප්තා - ත්‍රිපාටීට

editorial - 2021 දෙසැ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියට එක්වන මහනුවර කණ්ඩායමේ සම අයිතිය වර්නස්ට් මාකටින් ටෙක්නොලොජි සොලුෂන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී පන්කජ් ත්‍රිපාටි සහ සැෆෙක්ස්පේ ආයතනයේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී රවී ගුප්තා යන මහත්වරුන් විසින් හිමිකරගෙන ඇත.

පසුගිය වසරේ පළමු වරට පැවැති  ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේදී මහනුවර කණ්ඩායම කැන්ඩි ටස්කර්ස් ලෙස තරගාවලියට එක්වුවද මෙවර තරගාවලියේදී කැන්ඩි වොරියර්ස් ලෙස ක්‍රීඩා කරයි.

“කැන්ඩි වොරියර්ස් කණ්ඩායමේ සමහිමිකරු ලෙස ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ කොටස්කරුවෙකු වීමට ලැබීම ගැන සතුටට පත්වෙනවා. මේ වනවිට එල්.පීලඑල්. තරඟාවලිය ලොව පුරා සිටින ක්‍රිකට් ලෝලීන්ගේ අවධානය දිනාගෙන තිබෙන තරඟාවලියක්- අපගේ ක්‍රිකට් රසිකයින් සමග එකතු වෙමින් හොඳ තරඟාවලියක් දැක ගැනීමට අපි උනන්දුවෙන් බලා සිටිනවා” යැයි පන්කජ් ත්‍රිපාටි මහතා පැවසීය.

“මහනුවර කණ්ඩායමේ නව හිමිකරුවන් පිළිගැනීමට ලැබීම මට විශාල ගෞරවයක්. මෙම ක්‍රීඩාව කෙරෙහි ඔවුන් දක්වන උද්යෝගය මහනුවර කණ්ඩායම තවත් සවිබල ගන්වමින් සහ රසික ආකර්ෂණය වැඩි කරගනිමින් ඉදිරියට ගෙන යනු ඇතැයි මම විශ්වාස කරනවා” යැයි තරඟාවලියේ නිල ප්‍රවර්ධක, ඩුබායිහි අයි.පී.ජී. සමාගමේ  නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී අනිල් මෝහන් මහතා පැවසීය.

ව්‍යාපාර සඳහා ඩිජිටල් තාක්ෂණික විසඳුම් සපයන සමාගමක් වන වර්නස්ට් මාකටින් ටෙක්නොලොජි සොලුෂන්ස් සමාගම සංකීර්ණ ඩිජිටල් යෙදුම් නිර්මාණය කිරීම, කළමනාකරණය කිරීම, සංවර්ධනය කිරීම වැනි සේවා සපයන අතර නව තාක්ෂණික යෙදුම් සහ සේවා පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති සමාගමකි-

 


අදහස් (0)

මහනුවර සම අයිතිය ගුප්තා - ත්‍රිපාටීට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.