Last Update  :  2025-05-04 21:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මහනුවර පෙරමුණට
නැෂනල් සුපර් ලීග්

මහනුවර පෙරමුණට

editorial - 2022 පෙබ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නැෂනල් සුපර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලියේ කොළඹදී පැවැති පළමු වටයේ තරග අවසන් වනවිට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට මහනුවර කණ්ඩායම සමත්විය.

පළමු වටයේ තරග 4 කට ක්‍රීඩා කර ඇති මහනුවර කණ්ඩායම ඉන් තරග 3 ක් ජයගනිමින් ප්‍රසාද ලකුණු 15 ක් හිමිකරගෙන ඇති අතර එක් තරගයක් පරාජයට පත්වී ඇත. ජයගත් තරග 3 දිම අතිරේක ප්‍රසාද ලකුණ බැගින් හිමිකර ගැනීමටද මහනුවර පිලට හැකිවිය.

තරග 3 ක් ජයගෙන ඇති යාපනය කණ්ඩායම ප්‍රසාද ලකුණු 14 ක් හිමිකරගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවන්නේය. එක් තරගයක් පරාජයට පත්වී ඇති යාපනය කණ්ඩායමට හිමිව ඇත්තේ අතිරේක ප්‍රසාද ලකුණු 2 ක් පමණි.

කොළඹ සහ ගාල්ල කණ්ඩායම් ප්‍රසාද ලකුණු 9 බැගින් හිමිකර ගෙන සම තත්වයේ පසුවුවද ශූස්ධ ලකුණු ලබාගැනීමේ වේගය මත කොළඹ කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන් සිටින්නේය. තරග 4  බැගින් ක්‍රීඩා කළ කොළඹ සහ ගාල්ල කණ්ඩායම් තරග 2 ක් ජය ගෙන ඇති අතර තරග 2 ක් පරාජයට පත්විය. එම කණ්ඩායම දෙකටම අතිරේක ප්‍රසාද ලකුණු බැගින්ද හිමිව ඇත.

දඹුල්ල කණ්ඩායම තරග 4 කට ක්‍රීඩා කර එම තරග හතරම පරාජයට පත්වෙමින් ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයට පත්ව ඇත.

දෙවැනි වටයේ තරග එළඹෙන 4 වැනිදා සිට මහනුවර පල්ලේකැලේ සහ රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණ වලදී ආරම්භ වන අතර 16 වැනිදා අවසන් වේ.

ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක අතර අවසන් මහා තරගය 19 වැනිදා මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

 

- 2079


අදහස් (0)

මහනුවර පෙරමුණට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.