Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මහනුවර පිලට කඩුලු 5 ක ජයක්
ජාතික සුපිරි ලීගය

මහනුවර පිලට කඩුලු 5 ක ජයක්

editorial - 2024 මාර් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ජාතික සුපිරි ලීග සිවුදින ක්‍රිකට් තරගාවලියේ මහනුවර කණ්ඩායම සහ යාපනය කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති සිවුදින තරගයෙන් කඩුලු 5 ක ජයක් වාර්තා කිරීමට මහනුවර කණ්ඩායම සමත් විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 184 ක ඉලක්කයක් හඹාගිය මහනුවර ක්‍රීඩකයෝ, කඩුලු 5 ක් දැවී ඉලක්කය සපුරාගත් අතර සහන් ආරච්චිගේ (නොදැවී 50) සහ චාමික කරුණාරත්න (නොදැවී 51) එක්ව හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 81 ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩනගමින් මහනුවර කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියහ. 

සහන්ගේ අර්ධ ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 2 කින් සමන්විත වූ අතර පන්දු 44 කදී ලබාගත් චාමිකගේ වේගවත් අර්ධ ශතකයට හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් අන්තර්ඝත විය. පළමු ඉනිමේදී ශතකයක් ලබාගත් අහන් වික්‍රමසිංහ දෙවැනි ඉනිමේදී හතරේ පහර 5 ක් සමග ලකුණු 47 ක් ලබා සිටියදී අර්ධ ශතකය පෙනි පෙනී දැවී ගියේය. 

ලකුණු 108 ක් පසුපසින් සිටිමින් දෙවැනි ඉනිම ඇරඹූ යාපනය කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 291 ක් ලබාගත් අතර එහිදී නිපුන් කරුණානායක (94) සහ රවිඳු ප්‍රනාන්දු (58) අර්ධ ශතක ලබාගනිමින් යාපනය ඉනිම සවිමත් කළහ.  


යාපනය පළමු ඉනිම - සියලු දෙනා දැවී 261 
(සඳුන් වීරක්කොඩි 33, රොන් චන්ද්‍රගුප්ත 34, නිපුන් කරුණානායක 26, ජනිත් ලියනගේ 83, සන්තුෂ් ගුණතිලක 29, රවිඳු ප්‍රනාන්දු 19, නිම්සර අතරගල්ල 40/3, වනුජ සහන් 40/3) 

මහනුවර පළමු ඉනිම - සියලු දෙනා දැවී 369 
(කමිල් මිෂාර 38, නිරෝෂන් දික්වැල්ල 26, අහන් වික්‍රමසිංහ 149, චාමික කරුණාරත්න 71, වනුජ සහන් 20, අෂීන් ඩැනියෙල් 19, ළහිරු මධුෂංක 61/4, රවිඳු ප්‍රනාන්දු 73/2) 

යාපනය දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 291 
(හසිත බෝයගොඩ 26, නිපුන් කරුණානායක 94, සන්තුෂ් ගුණතිලක 19, ළහිරු මධුෂංක 20, රවිඳු ප්‍රනාන්දු 58, නිපුන් මාලිංග නොදැවී 20, අෂීන් ඩැනියෙල් 44/3, වනුජ සහන් 59/3)  

මහනුවර දෙවැනි ඉනිම - කඩුලු 5 ක් දැවී 185 
(සහන් ආරච්චිගේ නොදැවී 50, අහන් වික්‍රමසිංහ 47, චාමික කරුණාරත්න නොදැවී 51, ළහිරු මධුෂංක 38/3) 

 

ළහිරු මධුෂංක...

 

නිපුන් මාලිංග ... 

 

චාමික කරුණාරත්න...


අදහස් (0)

මහනුවර පිලට කඩුලු 5 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.