Last Update  :  2024-04-29 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මහනුවර පළමු ඉනිම 276 කට සීමා වෙයි
ජාතික සුපිරි ලීගය

මහනුවර පළමු ඉනිම 276 කට සීමා වෙයි

editorial - 2024 අප්‍රේ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ජාතික සුපිරි ලීග සිවුදින ක්‍රිකට් තරගාවලියේ මහනුවර කණ්ඩායම සහ දඹුල්ල කණ්ඩායම අතර දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන සිවුදින තරගයේ පළමු දිනය වූ ඊයේ (4 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි දඹුල්ල කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 3 ක් දැවී ලකුණු 60 ක් ලබා සිටියේය. 

ඒ අනුව දඹුල්ල කණ්ඩායම කඩුලු 7 ක් අතැතිව මහනුවර කණ්ඩායමට වඩා තවත් ලකුණු 216 ක් පසුපසින් සිටින අතර පළමු දිනය නිමාවට පත්වන විට රිසිර වීරසූරිය ලකුණු 24 ක්ද, රාත්‍රී මුරකරු පිතිකරු ලෙස පිටියට පිවිසි මොහොමඞ් ශිරාස් ලකුණු 14 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ. 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් මහනුවර කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 276 ක් ලබාගත් අතර එහිදී නායක අහන් වික්‍රමසිංහ (64) සහ රොෂාන් ජයතිස්ස (50) අර්ධ ශතක ලබාගත්හ. අහන්ගේ ඉනිම හතරේ පහර 6 කින්ද, රොෂාන්ගේ ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 5 කින්ද සමන්විත විය. 


මහනුවර පළමු ඉනිම - සියලු දෙනා දැවී 276 
(සිතාර ගිම්හාන 17, කමිල් මිෂාර 34, අහන් වික්‍රමසිංහ 64, වනුජ සහන් 31, රොෂාන් ජයතිස්ස 50, ලසිත් ඇඹුල්දෙණිය 16, නිම්සර අතරගල්ල 23, ලක්ෂාන් ගමගේ 19/3, මර්වින් අභිනාෂ් 40/2, මොහොමඞ් සිරාස් 49/2)
 
දඹුල්ල පළමු ඉනිම - කඩුලු 3 දැවී 60
(මිනෝද් භානුක 17, රිසිර වීරසූරිය නොදැවී 24, ලක්ෂාන් ගමගේ 14, මොහොමඞ් ශිරාස් නොදැවී 14) 


අදහස් (0)

මහනුවර පළමු ඉනිම 276 කට සීමා වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.