Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මහනුවර ක්‍රීඩකයෝ මුල් ඉනිමේ ජයක් ලබති
ජාතික සුපිරි ලීගය

මහනුවර ක්‍රීඩකයෝ මුල් ඉනිමේ ජයක් ලබති

editorial - 2024 පෙබ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ජාතික සුපිරි ලීග සිවුදින ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල කණ්ඩායම සහ මහනුවර කණ්ඩායම අතර රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති සිවුදින තරගය ජය පැරදුමකින් තොරව නිමාවට පත්විය. එහිදී මුල් ඉනිමේ ජයක් ලැබීමට මහනුවර කණ්ඩායම සමත් විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 331 ක ඉලක්කයක් හඹාගිය මහනුවර කණ්ඩායම තරගය නිමාවට පත්වන විට කඩුලු 9 ක් දැවී 209 ක් ලබා සිටියේය. සිය කණ්ඩායම පරාජයෙන් ගළවාගත් ළහිරු කුමාර හයේ පහර 2 ක් සහ හතරේ පහර 7 ක් සමග නොදැවී ලකුණු 44 ක් ලබා තරගය නතර කරන තෙක් කඩුල්ල ආරක්ෂා කරගෙන සිටියේය. 

ලකුණු 58 ක් පසුපසින් සිටිමින් දෙවැනි ඉනිම ආරම්භ කළ දඹුල්ල ක්‍රීඩකයෝ, සියලු දෙනා දැවී 388 ක් ලබාගත් අතර එහිදී විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ කමිඳු මෙන්ඩිස් හතරේ පහර 23 ක් සමග ලකුණු 172 ක් රැස්කළේය. එහිදී සොනාල් දිනූෂ (64) සහ චමිඳු විජේසිංහ (61) අර්ධ ශතක ලබාගත්හ. 


දඹුල්ල පළමු ඉනිම - සියලු දෙනා දැවී 311 
(රනේෂ් සිල්වා 32, සනෝජ් දර්ෂික 18, කමිඳු මෙන්ඩිස් 73, සොනාල් දිනූෂ 82, දුෂාන් හේමන්ත 30, චමිඳු වික්‍රමසිංහ 39, වනුජ සහන් 70/6, ලසිත් ඇඹුල්දෙණිය 67/2)  

මහනුවර පළමු ඉනිම - සියලු දෙනා දැවී 369 
(කසුන් විදුර 34, පවන්ත වීරසිංහ 60, සහන් කෝසල 29, සිතාර ගිම්හාන 94, අහන් වික්‍රමසිංහ 75, වනුජ සහන් 29, මර්වින් අභිනාෂ් 77/3, කමිඳු මෙන්ඩිස් 35/2, දුෂාන් හේමන්ත 53/2) 

දඹුල්ල දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 388 
(කමිඳු මෙන්ඩිස් 172, සොනොල් දිනූෂ 64, දුෂාන් හේමන්ත 17, චමිඳු විජේසිංහ නොදැවී 61, වනුජ සහන් 82/4, අෂීන් ඩැනියෙල් 88/3) 

මහනුවර දෙවැනි ඉනිම - කඩුලු 9 ක් දැවී 209 
(කසුන් විදුර 63, සහන් කෝසල 25, සිතාර ගිම්හාන 23, වනුජ සහන් 16, අෂීන් ඩැනියෙල් 22, ළහිරු කුමාර නොදැවී 44, දුෂාන් හේමන්ත 35/2, මර්වින් අභිනාෂ් 74/2) 


අදහස් (0)

මහනුවර ක්‍රීඩකයෝ මුල් ඉනිමේ ජයක් ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.