Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මහනුවර ක්‍රීඩකයෝ ගුවන් හමුදාව පරදවති
අන්තර් සමාජ ලීග් රග්බි

මහනුවර ක්‍රීඩකයෝ ගුවන් හමුදාව පරදවති

editorial - 2022 ජන මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මහනුවර පිලේ කවිඳු පෙරේරා ගෝලයක් ලබාගැනීමේ උත්සාහයක නිරතවෙමින්...

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන 2022 අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ මහනුවර ක්‍රීඩා සමාජය සහ ගුවන් හමුදාව අතර රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී සෙනසුරාදා (22 වැනිදා) පැවැති තරගය ලකුණු 34-12 ක් ලෙස ජය ගැනීමට මහනුවර ක්‍රීඩා සමාජය සමත් විය.

තරගයේ පළමු අර්ධය නිමාවන විට ලකුණු 15-12 ක් ලෙස පෙරමුණ මහනුවර ක්‍රීඩකයෝ, දෙවැනි අර්ධය පුරා සිය අණසක පතුරවමින් තවත් ලකුණු 19 ක් රැස්කළහ. මහනුවර ක්‍රීඩකයන්ගේ ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශය හමුවේ ගුවන් හමුදාවට දෙවැනි අර්ධයේදී එකදු ලකුණක් හෝ රැස්කිරීමට නොහැකි විය.

පළමු අර්ධයේදී මහනුවර කණ්ඩායම ගෝල දිනුමක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් සමග ලකුණු රැස්කළ අතර ගුවන් හමුදා කණ්ඩායම එහිදී ලකුණු රැස්කළේ ගෝල දිනුමක් සහ උත්සාහක දිනුමක්  සමගිනි. දෙවැනි අර්ධයේදී තවත් ගෝල දිනුම් 2 ක් සහ උත්සාහක දිනුමක් වාර්තා කිරීමට මහනුවර ක්‍රීඩකයෝ සමත් වූහ.

‍මහනුවර කණ්ඩායම වෙනුවෙන් ශ්‍රීනාත් සූරියබණ්ඩාර උත්සාහක දිනුම් දෙකක්ද, දමිත් දිසානායක, බුද්ධිම ප්‍රියරත්න සහ තරින්ද රත්වත්තේ එක් උත්සාහක දිනුම බැගින්ද ලබාගත්හ. ඉන් උත්සාහක දිනුම් 3 ක ප්‍රවර්ථනයන් මෙන්ම දඩුවම් පහරක්ද සාර්ථක කරගැනීමට තරින්ද රත්වත්තේ සමත් විය.

ගුවන් හමුදා කණ්ඩායම වෙනුවෙන් ගයන්ත ඉද්දමල්ගොඩ සහ පරාක්‍රම රත්නායක උත්සාහක දිනුම් ලබාගත් අතර ඉන් පළමු වැන්නේ ප්‍රවර්ථනය සාර්ථක කර ගැනීමට නුවන් පෙරේරාට හැකි විය.

මහනුවර පිලේ ජේසන් දිසානායක...

 

මහනුවර පිලේ තරිඳු චතුරංග ...

 

මහනුවර පිලේ ශ්‍රීනාත් සූරියබණ්ඩාර ...

(ඡායාරූප - ප්‍රසන්න ඉරුගල්බණ්ඩාර)


අදහස් (0)

මහනුවර ක්‍රීඩකයෝ ගුවන් හමුදාව පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.