Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මහනුවර ක්‍රීඩකයෝ කඩුලු 7 ක ජයක් ලබති
ජාතික සුපිරි ලීගය

මහනුවර ක්‍රීඩකයෝ කඩුලු 7 ක ජයක් ලබති

editorial - 2024 පෙබ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ජාතික සුපිරි ලීග සිවුදින ක්‍රිකට් තරගාවලියේ කොළඹ කණ්ඩායම සහ මහනුවර කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට ‍මහනුවර කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 160 ක ඉලක්කයක් හඹාගිය මහනුවර ක්‍රීඩකයෝ කඩුලු 3 ක් පමණක් දැවී ඉලක්කය සපුරාගත්හ. එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු කසුන් විදුර හතරේ පහර 9 ක් සමගින් නොදැවී ලකුණු 76 ක් රැස්කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය.

ආරම්භක කඩුල්ල වෙනුවෙන් පැතුම් නිස්සංක ‍(29) සමග ලකුණු 48 ක සම්බන්ධතාවක් පැවැත්වූ කසුන්, ඉන් නොනැවතී කමිල් මිෂාර (22) සමග එක්ව දෙවැනි කඩුල්ලට ලකුණු 56 ක්ද, සහන් ආරච්චිගේ (නොදැවී 21) සමග එක්ව සිවුවැනි කඩුල්ලට ලකුණු 55 ක්ද එක්කරමින් මහනුවර කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.

ලකුණු 57 ක වාසියක් සමග දෙවැනි ඉනිම ඇරඹූ කොළඹ කණ්ඩායම ලකුණු 102 කට සීමා කිරීමට වනුජ සහන් සහ අෂීන් ඩැනියෙල් සමත් වූ අතර එහිදී සහන් ලකුණු 45 කට කඩුලු 4 ක්ද, ඩැනියෙල් ලකුණු 27 කට කඩුලු 3 ක්ද දවාගත්හ. කොළඹ දෙවැනි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ලක්ෂිත මනසිංහ ලකුණු 29 ක් රැස්කළේ හත‍රේ පහර 5 ක් සමගිනි.

 

කොළඹ පළමු ඉනිම - සියලු දෙනා දැවී 377 
(ක්‍රිෂාන් සංජුල 31, නිපුන් ධනංජය 56, නුවනිඳු ප්‍රනාන්දු 46, හිමාෂ ලියනගේ 20, පැතුම් කුමාර 101, ලක්ෂිත මනසිංහ 79, වනුජ සහන් 88/3, නිම්සර අතරගල්ල 72/2, සිතුම් දිසානායක 78/2, අෂීන් ඩැනියෙල් 81/2)

මහනුවර පළමු ඉනිම - කඩුලු 9 ක් දැවී 320

(පැතුම් නිස්සංක 151, කසුන් විදුර 33, අහන් වික්‍රමසිංහ 21, වනුජ සහන් 59, නුවනිඳු ප්‍රනාන්දු 26/3, නිසල තාරක 83/2)

කොළඹ දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 102 
(චමිඳු වික්‍රමසිංහ 22, ලක්ෂිත මනසිංහ 29, ඉසිත විජේසුන්දර 26, වනුජ සහන් 45/4, අෂීන් ඩැනිල් 27/3, නිම්සර අතරගල්ල 26/2)  

මහනුවර දෙවැනි ඉනිම - කඩුලු 2 ක් දැවී 160
(පැතුම් නිස්සංක 29, කසුන් විදුර නොදැවී 76, කමිල් මිෂාර 22, සහන් ආරච්චිගේ නොදැවී 21)

 

වනුජ සහන්...

 

 

කසුන් විදුර...

 

 

පැතුම් කුමාර...


අදහස් (0)

මහනුවර ක්‍රීඩකයෝ කඩුලු 7 ක ජයක් ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.